කොළඹ පැවැති විරෝධතාවයකට එල්ල කළ කදුලු ගෑස් හේතුවෙන් හටගත් සංකූලතා නිසා කොළඹ සරසවියේ ආරක්ෂක සේවයේ නියුතුව සිටි ප්‍රියන්ත වන්නිනායක මහතා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඊයේ දිනයේදී ඔහුගේ අවසන් කටයුතු නොච්චියාගමදී සිදු කෙරුණා.
ඒ හමුදා සාමාජිකයන්ගේ උත්තමාචාර මැදයි.
ඒ මහතා යුදු හමුදා සේවයේ නියුතුව සිට විශ්‍රාම ගියේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සැරයන්වරයකු ලෙසටයි.
යුද භූමියේද සිටි ඒ මහතා රණවිරු පදක්කම් රැසකින් පිදුම් ලැබූවෙක්.










