අලුතින් පත් කළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අය පත් කොට නැති බව දැනගන්නට තිබේ.
පක්ෂයේ විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්යාංධිකාරි මණ්ඩලය ඊයේ(29) දිනයේ පත් කෙරුණු අතර අද (30) එහි පළමු රැස්වීම පැවැත්වීඹට නියමිතය.










