මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බවත්, මේ වනවිට විවිධ කූට උපායන් 22ක් පමණ යොදා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව පෙනේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩප්‍රස්ථා හැකිලීමකි.
මේ බව අවධාරණය කරන්නේ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද 27/2යටතේ ආණ්ඩුවට ප්‍රශ්න කිහිපයක් යොමු කරනු ලැබීය.










