පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘you shut up sit down’ ලෙසින් විපක්ෂයට අණදුන් ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
තමන් ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තිය බවට හඳුන්වාගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බවයි ඔහු කියන්නේ.
ඒ බව පළාත් පාලන මැතිවරණ මගහැරීමට දරන උත්සාහයෙන් මනාව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා පවසනවා.
එසේ වුනත් නුදුරේ දීම රටේ මහජනතාව විසින් මේ ජනාධිපතිවරයා නිහඬ කොට වාඩි කරවනු ඇති බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කරනවා.










