• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරට බැහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නෑ! ආණ්ඩු පෙරළන්න පුලුවන් මහඡන්දෙකින් විතරයි! රනිල් ත්‍රිකුණාමලයේ සිට කියයි!

March 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නිදහස් උළෙලට මේ පාර වාර්තාගත වියදමක්! ගිය අවුරුද්දේ ගෝඨා ලක්ෂ 950ක් වියදම් කළා! මේ අවුරුද්දේ රනිල් වියදම් කරපු මුදල ලක්ෂ 4000ක්!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද (03) පෙරවරුවේ පැවති ගුවන් හමුදාවේ අධිකාරියට පත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ උළෙල අමතමිනි.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබණි.

අධිකාරිලත් නිලධාරීන් 37ක්, නිලධාරීනියන් තිදෙනෙක් අද විසිර ගිය අතර අධිකාරි ලත් ගුවන් හමුදා නිලධාරීන්ට “අසිපත” පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
එසේම පියාසර පුහුණුව ලැබූ නිලධාරීන් 13 දෙනෙකුට පියාසර ලාංඡන පැළඳවීම සහ අති සුවිශේෂ දක්ෂතා දැක්වූ 07 දෙනෙකු වෙත කුසලාන පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා අධිකාරි ලත් නවක නිලධාරීන් සහ උසස් නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ගුවන් හමුදා තූර්යවාදන කණ්ඩායම් විශේෂ සංදර්ශනයක් ද පැවැත්වූ අතර, පැරෂුට් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් හමුදාවට එක් වී, පුහුණුවීම් සාර්ථකව අවසන් කර, අද දින අධිකාරි ලත් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම සුබ පතනවා.
දුෂ්කර පුහුණුවකින් පසුව අද ඔබ මෙලෙස අධිකාරියට පත්වීම, ඔබට මෙන්ම ඔබේ දෙමාපියන්ට ද මහත් සතුටක් බව මම දන්නවා. ඇතැම් විට ඔබේ ගම් පළාතෙන්ම ගුවන් හමුදා නිලධාරියකු බවට පත්වන පළමු පුද්ගලයා ඔබ විය හැකියි.

ඔබ අද දරන්නේ විශාල වගකීමක්. එම නිසා ඔබගේ මෙන්ම ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුයි.
එම වෘත්තියට අගෞරවයක්, කැලලක් වන කිසිවක් නොකිරීමට ද වග බලා ගත යුතුයි. සෑම විටම තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙක් බව සිහිතබාගෙන අභිමානයෙන් යුතුව කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබ අද අධිකාරිය ලබන විට ව්‍යවස්ථාව සුරකින බවට දිවුරුම් දුන්නා. ඒ වගේම ගුවන් හමුදාවේ දිවුරුමත් ලබා දුන්නා. මේ ප්‍රකාශ දෙකෙහිම තිබෙන්නේ ඔබේ මූලික යුතුකම සහ වගකීමයි.
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කිරීමත් ඔබගේ වගකීම වනවා. මොකද රටක් නොමැතිව ව්‍යවස්ථාවක් නැහැ. රටක් නැති නම් ව්‍යවස්ථාව කියන්නේ නිකම් කොළ කැබැල්ලක් පමණයි. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ රටක් තිබෙන නිසා. ඔබ ලබාදුන් දිවුරුමට අනුවත් මේ රටේ ව්‍යවස්ථාවටත්, නීතියටත් අනුකූලව ක්‍රියා කරන්නටත් ජන රජයට පක්ෂපාතී වන්නටත් ප්‍රතිඥා දී තිබෙනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ සඳහන් කර තිබෙන්නේ “මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. එසේ නම් ව්‍යවස්ථාව තිබෙන්නේ ජනරජය සඳහායි. රටේ ඒකීය භාවය ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම එම පරිච්ඡේදයේ සඳහන් වනවා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන, ජාතික කොඩිය සහ අපේ ජාතික ගීය පිළිබඳවත්. අනෙක් සියලු පරිච්ඡේද තිබෙන්නේ මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමටයි. එසේ නම් අපි මේ අනුව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එහිදී පළමුව රට ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අප ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයක් විය යුතුයි.
ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයකට තර්ජනයක් වන කිසිඳු දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එය අපේ ප්‍රධාන යුතුකමයි. එහිදී රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවය 1983 – 2009 දක්වා තර්ජනයට ලක්වී තිබුණා. එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් එය ආරක්ෂා කළා.
ඒකීයභාවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ එක්සත්භාවයත් අප ආරක්ෂා කළ යුතුයි.
රටක් ලෙස අපට තනිව නැගී සිටිමට නම් මේ රටේ සිටින සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර් වගේම සියලු ආගමිකයින් ද ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාගේම සංස්කෘතිය, ආගම ආරක්ෂා කරගත යුතුයි. එසේ නොමැතිව රට බෙදුනොත් එය රටේ ඒකීයභාවයට විශාල තර්ජනයක් විය හැකියි.
ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලභාවය සකස් වී තිබෙනවා. ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරන නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණය කටයුතු කරනවා. මේ සියලුම ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනවා. එම නිසා මෙම ආයතන ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක්.

ආණ්ඩුවක් තෝරා ගන්නේ හෝ වෙනස් කරන්නේ, ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදු කළ නොහැකියි. මහ පාර කියන්නේ පාර්ලිමේන්තුවට විකල්පයක් නොවේ.
පසුගිය ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටත් මම ස්තූතිවන්ත වෙනවා . පාර්ලිමේන්තුවක් නැති රටවල් අරාජික විය හැකියි. මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා.
ඒ වගේම ආර්ථිකය බිඳ වැටුණු රටවල් ද අරාජික වෙනවා. එම නිසා රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා කටයුතු කළ යුතුයි.
පසුගිය දින කිහිපය තුළම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙන ඒමට විදේශ රටවල නියෝජිතයින් මෙන්ම සංවිධාන කිහිපයක් සමඟ අප සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල ලඟදීම රටටත්, ඔබටත් ලැබේවි. ආර්ථිකය නැති වුණොත් අපට රටක් නැති වෙනවා. රටේ ව්‍යවස්ථාවෙන් ඇති කළ මූලික ආයතනත් ආර්ථිකය යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඔබේ වගකීම මෙයයි. මේ සියල්ල ආරක්ෂා කළ විට ඔබට රටක් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සහ රට එකට එකතුවෙලයි ඉදිරියට යන්නේ. එය බෙදිය නොහැකියි. අද මෙම වගකීම භාරගන්න ඔබ සියලු දෙනාට මම සුබපතනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-03-03

SendShareShare
Previous Post

මේ වෙලාවෙ මැතිවරණ වැඩක් නෑ! මට සෞඛ්‍ය ඇමැතිකම දෙන්න! රාජිතගෙන් ප්‍රකාශයක්! VIDEO

Next Post

කොල්ලො මත් කරන අලුත්ම භාණ්ඩය පොලිසියෙන් අල්ලයි! නම ‘චූන් කූර’! එහෙමත් නැතිනම් ‘බැලස්ටික්’!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.