විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (26) දින කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැත්වූ පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හමුව සාර්ථක වීමත් සමග එජාපය ඇතුළේ බරපතළ කැළඹිලි සහගත තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (27) සවස 5ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් සමග විශේෂ රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එසේම අද දිනයේදී පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබුණද එය මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද වාර්තා වේ.
මීට අමතරව අද සවස 6ට කොළඹ හෝටලයකදී පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රැස්ව තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ඊට පක්ෂයේ දැනට මධ්‍යස්ථව සිටින මන්ත්‍රීවරුන් විශාල පිරිසකට ආරාධනා කර ඇති බවද දැනගන්නට ඇත.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද දහවල් තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.










