සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩුවකට අදාළව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ නඩුව පවරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් වාහනයක් අවභාවිත කර රජයට රුපියල් මිලියන 1.07ක නීතිවිරෝධී අලාභයක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි රුපියල් 25,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.










