• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දින 2ක් ඇතුළත වහාම ෂාෆ්ටර්ගේ සියලු වාර්තා දෙන්න! මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කරයි!

February 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න භයානක ප්‍රවෘත්තියක්! ප්‍රකට සමාගමක සභාපතිවරයකු පැහැරගෙන බොරැල්ල කනත්තට අරන් ගිහින් පහර දීලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා ප්‍රතිකාර ලබා ගත් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇඳ හිස්පත් අංකය යටතේ මරණකරු ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා දින දෙකක් ඇතුළත දී වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (22) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දෙවැනි වරටත් නියෝග නිකුත් කළාය.

අධිකරණය මඟින් අදාළ නියෝගය නිකුත් කර සතියකට අධික කාලයක් ගතවුවද මේ දක්වා එකී වාර්තා අධිකරණය වෙත නොලැබුණු බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කඩිනමින් අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කිරීමටද නියෝග කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඔහු ප්‍රතිකාර කළ ඇඳ හිස්පතේ අංකය සඳහන් නොවන බැවින් 2022/12/15 වන දිනට අදාළව ප්‍රතිකාර ලබාගත් ඇඳහිස් වාර්තාව, ස්කෑන් වාර්තාව ආදි සියලු අනුගතික වෛද්‍ය වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට මේ මස 14 වැනි දින මරණකරුගේ පාර්ශ්වය විසින් අධිකරණයේ කරනු ලබන ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කර තිබිණි.

මරණකරු භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පලය ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කළ රස පරික්ෂක වාර්තාවේ සඳහන් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීමත් සමඟ මේ මරණය ඝාතනයක්ද? සියදිවි හානි කර ගැනීමක්ද? යන්න සම්බන්ධ තීන්දුව ලබා දීම මහේස්ත්‍රාත්වරිය විසින් පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මඬුල්ලක් වෙත පවරා මතය විමසීමට තීරණය කර තිබිණි.

තවද මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇත්නම් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කර තිබූ බවත් එකී වාර්තා අධිකරණය වෙත ලැබී ඇති බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තා හා බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරීන්ගේ ඡායාරූප පිටපත් කරන ලද සීඩී තැටියද අධිකරණය වෙත ලැබී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇඳහිස් පත් අංකය යටතේ ප්‍රතිකාර ලැබූ මරණකරුගේ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති බව සඳහන් කළාය. දැනට අධිකරණය වෙත ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා කෙටි මරණ පරීක්ෂණ වාර්තාවේ කරණු පරස්පර බැවින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද? යන්න නිශ්චිතව පැවසීමේ හැකියාවක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක මතය විමසීම සුදුසු බවට සඳහන් කළාය.

ඒ අනුව තමන් විසින් මේ මස 17 වැනි දින ලබා දුන් නියෝගවලට අනුව ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවත් ජ්‍යෙෂ්ඨතම වෝහාරික මහාචාර්යවරුන් සම්බන්ධයෙන් නාම ලේඛනයක් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් කළාය.

විනිවිදභාවයෙන් ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විශ්වවිද්‍යාල මහාචාර්ය කථිකාචාර්ය පස්දෙනකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ඉදිරි සතියේ පත් කිරීමට කටයුතු සූදානම් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මේ මරණය පටලැවිලි ස්වභාවයක් සහිත බැවින් මරණයට හේතුව තීරණය කිරීම සඳහා මේ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමට තමන් සූදානම් බව සඳහන් කළාය. මේ මරණය ඝාතනයක්ද? නැත්නම් සියදිවි නසා ගැනීමක්ද? යන්න තීරණය කිරීම සඳහා සියලු වාර්තා තමන් සතු බවත් දිනේෂ් ෂාෆ්ටර් මහතා ප්‍රතිකාර ලබා ගත් කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇඳහිස් වාර්තාව ඇතුළු ප්‍රතිකාර වාර්තා පමණක් තමන් වෙත මේ දක්වා නොලැබී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය වහා අදාළ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත සිහිකැඳවීම් ලිපියක් යොමු කිරීමට නියෝග කළාය.

SendShareShare
Previous Post

නොපෙනී ඉන්න තරමට තමයි මේ කාලේ ඇඟට ගුණ! රාජපක්ෂ පවුලේ ලොකු අයියාගෙන් හැමෝටම ඔවදනක්! VIDEO

Next Post

තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දුන්නත් අපිට ඡන්දෙ තියන්න පුලුවන්! අපි ලෑස්තියි! මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.