රජයේ නියෝජිතයන් විසින් ගත් ප්‍රබල උත්සාහයක් පරාජයට පත් කරමින් තමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු නමුත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් එය නිල වශයෙන් නිවේදනය නොකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒ පිළිබදව හෙතෙම තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.
මුදල් කාරක සභාවේ මාගේ පත්වීම සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය නොකරන්නේ ඇයි?
සටනකින් පසුව මා නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙසින් පත්කෙරුණා. මා එම තනතුරින් ඉවත් කිරීම සඳහා සමහර රජයේ නියෝජිතයින් ගත් ප්‍රබල උත්සාහය විපක්ෂය විසින් පරාජය කළා.
නමුත්, මෙම පත්වීම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිළ වශයෙන් නිවේදනය නොකරන්නේ ඇයි? කාගේ බලපෑමක් මේ පිටුපස තිබෙනවාද? යම් ප්‍රබලයෙකු මෙය වැලැක්වීම සඳහා තවමත් ක්‍රියාත්මක වෙනවාද? මේ පිළිබඳව තවමත් නොවිසඳුණු ප්‍රශ්න කිහිපයක් මේ ආකාරයෙන් තිබේ. කෙසේවෛතත්, ගැටලුවක් නොවුණහොත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙසින් මාගේ වගකීම ඉදිරියටත් රට වෙනුවෙන් උපරිමයෙන් කිරීමට මා කැප වෙනවා.









