• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව වාර්තාවකට සැරසෙයි: ට්‍රම්ප් ලංකාවට ‌ගෙන්වාගන්න යයි (රාජ්‍ය රහස්)

January 26, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුව වාර්තාවකට සැරසෙයි: ට්‍රම්ප් ලංකාවට ‌ගෙන්වාගන්න යයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මේ දිනවල බොහෝ දෙනා බලා සිටින්නේ රන්ජන්ගේ හඬපට දෙසය. සියලුම මාධ්‍යයත් රස කර කර පෙන්වන්නේ රන්ජන්ගේ හඬ පටවල තියෙන දේවල්ය. මේ ආකාරයට මුළු රටම රන්ජන් පසුපස දිවයෑමට සැලැස්වීම නිසා සැබෑ ප්‍රශ්න පිළිබඳව රටේ ජනමාධ්‍යයෙන් වැඩිපුර කතාබහට ලක්වෙන්නේ නැත. කතා කළද ඒ ඉතාමත් අවම වශයෙනි. කෙසේ වෙතත් රටම රන්ජන්ගේ හඬපට ඔස්සේ දිවයද්දී ආණ්ඩුව පසුගිය සතියේදී එක්තරා විශේෂ වැඩකටයුත්තකට අතගැසුවේය. ඒ වැඩකටයුත්ත එසේ මෙසේ එකක් නොව ලෝකයම හෙල්ලී යන වැඩකටයුත්තකි. එනම් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලංකාවට ගෙන්වා ගැනීමේ මෙහෙයුමටය.
ආණ්ඩුව ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ ලබන ජනවාරියේ ට්‍රම්ප් සිදුකිරීමට නියමිත ඉන්දියානු සංචාරය අතරතුරදීය. ලබන පෙබරවාරි 24, 25 යන දිනවල ට්‍රම්ප් ඉන්දියාවට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිත අතර, එම ගමනේදී පැය තුන හතරකට හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබේ. ලංකා ඉතිහාසයේ මෙතෙක් බලයේ සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයකු සිය නිල කාලය තුළ ලංකාවට පැමිණ නොමැති අතර, 2016 දී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද සිය ආසියානු සංචාරය අතරතුරදී ලංකාවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුකොටගෙන ඔබාමාගේ ලංකා ගමන අවලංගු වී තිබිණ. ඒ අනුව මෙවර ආණ්ඩුව සැරසෙන්නේ කෙසේ හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වාගෙන දේශපාලන ඉතිහාසය අලුතෙන් ලියවන්නටය.
පසුගිය සතියේ සිදුකෙරුණු ඇමෙරිකාවේ දකුණු හා මාධ්‍යම ආසියානු කලාප භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදීද ආණ්ඩුව මෙම මාතෘකාව පිළිබඳව වටින් ගොඩින් කතාබහ කර තිබූ බව ආරංචිය. විශේෂයෙන්ම මේ දිනවල ඇමෙරිකාව ලංකාව කෙරෙහි විශාල උනන්දුවක් දක්වන අතර, ඊට හේතු කිහිපයක් බලපා ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඉන් පළමුවැන්න එම්.සී.සී. ගිවිසුමය. දෙවැන්න මේ වන විට ඉරානය හා ඇමෙරිකාව අතර මෝදුවෙමින් පවතින යුද උණුසුමය. තුන්වැන්න ආසියානු කලාපය තුළ සහ ලංකාව මුල්කරගෙන චීන රජය කරන බලපෑමය. ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් ගත් කල මෙම කරුණු තුනටම ලංකාව පොදු කරුණක් බවට පත්ව තිබීම නිසා වෙල්ස්ගේ සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් විශාල උනන්දුවක් දැක්වූ බවක්ද දැකගන්නට තිබිණි.
මේ නිසාම ආණ්ඩුව උත්සාහ කරන්නේ ඇමෙරිකානු රජය තුළ ඇති එම උනන්දුව උපයෝගි කරගෙන කෙසේ හෝ ට්‍රම්ප්ව පැය කිහිපයකට හෝ ලංකාවට ගෙන්වා ගැනීමටය. ඒ හරහා ආර්ථික, සංචාරක හා ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයට යම් පණිවුඩයක් ලබාදීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ඒ අනුව පසුගිය සතියේ සිටම ආණ්ඩුව විවිධ පාර්ශ්ව හරහා මෙම අරමුණ සාර්ථක කර ගැනීමට විශාල මෙහෙයුමක් ආරම්භ කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. දැනට ට්‍රම්ප්ගේ ලංකා සංචාරය සියයට පනහ පනහ මට්ටමේ පවතින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්‘ තීරයට ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කරුගේ ලියුම වැඩකරයි: බැදුම්කර‌යේ හංගපු වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට

Next Post

‘අපි ඉන්නේ ඉතා අවදානම් තත්ත්වයක: එළියට එන්න බෑ’: සීල් තබා ඇති චීන නගරයේ සිටින ලංකාවේ සිසුන් කතාකරයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.