• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්ඩනයේ ඉන්න දෙමළ මිනිස්සු චන්ද්‍රිකාටයි මහින්දටයි යන යන තැන විරෝධතා තියන්නේ ඇයි?

February 20, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ලන්ඩනයේ ඉන්න දෙමළ මිනිස්සු චන්ද්‍රිකාටයි මහින්දටයි යන යන තැන විරෝධතා තියන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති යනු රටේම ලොක්කාය. 1978 ජේ.ආර්. ජනාධිපති ධුරය රජ පුටුවේ තබා කෙටුම්පත් කළ ව්‍යවස්ථාවේ හැටියට ලංකාවේ ජනාධිපතිට ඉහළින් කෙනෙක් නැත. විටෙක අධිරණයට පවා විධායකයට බලපෑම් කළ නොහැකි තරම්ය. ජනාධිපති ධුරයේ සිටියදී පමණක් නොව ඉන් ඉවත්වූ පසුවද එකී මහේශාක්‍ය ධුරයේ බලතල අඩු නොවන්නේය. විශ්‍රාම යන විධායක ජනපතිවරුන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ද රැකබලා ගන්නට අපට සිදුව ඇත්තේ එකී ධුරයේ ඇති ගාම්භීරත්වය ප්‍රදර්ශනය කරමිනි.

එහෙත් ලංකාවේ ජනධිපතිවරුන්ට මේ සියලු මහේශාක්‍ය ගරු සැලකිලි ලැබෙන්නේ ශ්‍රී ලංකවෙදී පමණි. වෙනත් රටවලදී ඔවුනට ලැබෙන්නේ ඊට ඉඳුරාම වෙනත් සැලකිලිය. දෙවරක් ලංකාවේ ජනාධිපති ධුරය දරා දැන් විශ්‍රාමිකව ඉන්නා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියට මේ දිනවල එංගලන්තයෙන් නැගෙනා විරෝධය ඊට හොඳම උදාහරණයකි. පසුගියදා ඇයට London School of Economics’ South Asia Centre හි පැවැත්වෙන උත්සවයක ආරාධිත දේශනයක් සඳහා ඇර‍යුම් කර තිබිණි. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් යනු ලෝක ප්‍රකට අධ්‍යාපන ආයතනයක් වන අතර එහි South Asia Center යනු සාක් කලාපයේ පිහිටි ඇෆ්ගනිස්තානය, භූතානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, මියැන්මාරය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සම්බන්ධව කටයුතු කරන ආයතනයයි. මෙරට මුදල් අමාත්‍යවරයෙක් වූ ආචාර්ය එන්.එම්. පෙරේරා, මහ බැංකු අධිපතිවරයෙක් වූ එන්.යූ. ජයවර්ධන මෙන්ම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එහි කීර්තිමත් ආදිශිෂ්‍යයෝය. එවන් ආයතනයක දේශනයක් සඳහා ඇරයුම් ලැබීම ලෝකයේ ඕනෑම පුද්ගලයෙක් ලබන සාම්මානනීය කැඳවීමක් වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව ‘ලංකාවේ සිට ශ්‍රී ලංකාව ජාතියේ ගමන මග’ තේමාවෙන් සංවිධාන කර තිබූ එම දේශනය 16 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් ආරාධිත දේශනය කරන්නේ හිටපු ජනපතිනිය බව අනාවරණ වීමත් සමග සමස්ත එංගලන්තයේම සිටිනා ද්‍රවිඩ සංවිධාන ඊට එරෙහිව එක පෙරමුණකට එක්වූහ. එම සංවිධාන සියල්ලේම පොදු මතය වනුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යනු ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජන සංහාරයක් සැලසුම් කරන ලද නායිකාව බවයි. එවැනි කාන්තාවක් මෙම සම්භාවනීය ආයතනයේ දේශනයකට කැඳවීමට තමන් විරුද්ධ බව ඔවුහු එක හඬින් කියා සිටියහ. ශාන්ත ජෝර්ජ් විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සංගමය, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයේ දෙමළ සංගමය, කාඩිෆ්, නොදැම්ප්ටන්, බි්‍රස්ටල්හි ද්‍රවිඩ සංගම් ඇතුළු සංගම් 26කට වැඩි සංඛ්‍යාවක් ඊට සිය විරෝධය ලිඛිතව පළකර තිබිණි. විරෝධය පළකර නතර නොවූ ඔවුහු චන්ද්‍රිකා වෙනුවට විකල්ප දේශකයකුද යෝජනා කළෝය. ටැමිල් ගාඩියන් වෙබ් අඩවියට අදහස් දක්වන එම ද්‍රවිඩ සංවිධාන සියල්ල යෝජනා කරන්නේ ලංකාවේ නිදහස් සැමරුම ගැන කතා කරන්නට London School of Economics’ South Asia Centre වෙත කැඳවිය යුතු සුදුසම පුද්ගලයා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටී.එන්. පී.එෆ්.) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් බවය. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින වත්මන් අර්බුදය සහ මෙරට සුළු ජාතීන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ කතා කරන්නට සුදුසුම පුද්ගලයා චන්ද්‍රිකා නොව ගජේන්ද්‍ර කුමාර් බව ලන්ඩනයේ දෙමළ සංවිධාන සහ සංගම් ඒකමතිකව තීරණය කර තිබිණි.

චන්ද්‍රිකාට විරෝධය පළකරන ද්‍රවිඩ සංවිධාන නගන බරපතළ චෝදනාවක් වනුයේ ඇය සාමය වෙනුවෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා ලබාදී ඒ සියල්ල උල්ලංඝනය කරමින් ද්‍රවිඩ ජනයා සමූල ඝාතනය කිරීමට ජන ඝාතක යුද්ධය සැලසුම් කළ බවය. ඊට අමතරව 1996 කුමාරපුරම් සංහාරය, 1998 තම්පලකාමම් සංහාරය, 1999 පුදුකුඩිඉරිප්පු සංහාරය ඇතුළු දෙමළ සිවිල් වැසියන්ට එරෙහි හමුදාව සිදුකළ ම්ලේච්ඡ ක්‍රියා සියල්ල සිදුවූයේ ඇය ජනාධිපති ධුරය දරද්දී බවත්, ඇගේ පාලනය යටතේ එකී සංහාරයන් සිදුකළ එකදු සෙබළකුටවත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු නොලැබූ බවත්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයේ සියලු ගෞරව තම ගිණුමට බැරකර ගන්නට වෙහෙසෙද්දී ලන්ඩනයේ ද්‍රවිඩ සංවිධාන එල්.ටී.ටී.ඊ.යට එරෙහි අවසාන සටන සැලසුම් කළ බවට චෝදනා නගන්නේ චන්ද්‍රිකාටය. එයද යුද්ධය අස්සේ තිබූ බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් විය හැකිය.

චන්ද්‍රිකාගේ දේශනයට එරෙහිව කරුණු දක්වමින් Remove alleged Tamil genocider Chandrika Kumaratunga from LSE lecture යන හිසින් ලිපියක් පළකරන change.org වෙබ් අඩවිය පවසනුයේ 1994 සහ 2005 අතර කාලයේ සිය ජනාධිපති ධුරය යටතේ සිදුකළ බරපතළ අපරාධ සම්බන්ධයෙන් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇය චෝදනා ලැබ සිටින බවයි. වැඩි දුරටත් කරුණු දක්වන එම වෙබ් අඩවිය 1994 මැතිවරණ ජයග්‍රහණයේදී චන්ද්‍රිකා සාමය ඇතිකරන බවට පොරොන්දු වුවද, ඒ බව තුට්ටුවකටවත් නොතකා කටයුතු කරන ලද බව පවසයි. 1995 ජුලි 09 වැනි දින, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා මගින් ශාන්ත පීතර දේවස්ථානය, ශාන්ත පීතර පාසල සහ යාබද නේවාසික නිවාසවලට හෙලන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 124 දෙනකු මියගිය අතර, කාන්තාවන් සහ ළමුන් 65 දෙනකු ඊට ඇතුළත් බවත්, එය නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ලංකාවේ හමුදාව කළ නින්දිත ප්‍රහාරයක් බවත් පවසති.

ඊට අමතරව 1996 සැප්තැම්බර් 07 වැනි දින උසස් පෙළ රසායන විද්‍යා විභාගය අවසන් වී නිවෙස බලා යමින් සිටි 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය හමුදා සෙබළුන් විසින් සමූහ දූෂණයට ලක්කර, අමානුෂික ලෙස ඝාතනය කළා පමණක් නොව, ඇය සොයාගිය ඇගේ පවුලේ උදවියද හමුදාව විසින් ඝාතනය කරන ලද බවත්, එම වෙබ් අඩවිය පවසයි. සිවිල් වැසියන් ඝාතනය වූ මෙන්ම ද්‍රවිඩ තරුණියන් දූෂණ කළ අවස්ථාද ඇතුළත් සිදුවීම් 32ක් ඇතුළත් සවිස්තර වාර්තාවක් එම වෙබ් අඩවිය ඉදිරිපත් කරනු ලබයි.

එංගලන්තයේ දේශන පවත්වන්නට ගොස් මෙසේ විරෝධතාවට ලක්වූ ලංකාවේ එකම ජනාධිපති වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පමණක් නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද වරක් මීට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2008 හෝ ආසන්න කාල වකවානුවක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ඇමතූ අතර 2010 වසරේ දෙසැම්බර් 02 වැනි දින තවත් එවැනිම ඇමතීමකට ඔහුට ඇරයුම් ලැබිණි. එම දේශනය සඳහා එක්සත් රාජධානියට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හීත්‍රෝ ගුවන් තොටුපොළෙ ගොඩබට තැන සිට සිදුවූයේ විරෝධතාවන්ට මුහුණ දීමටය. එතැන් සිට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යනෙන කිසිදු තැනකදී ඔහුට ගැලවිල්ලක් නොවීය. ඔහුට පෙර විරෝධතාකරුවෝ එහි ගොස් පුවරු ඔසවාගෙන සිටියහ. ශ්‍රී ලංකා රජය විසින් යුද අපරාධ සිදුකළ බවත් මානව හිමිකම් කඩකිරීම්වලට වගකිවයුතු බවත් පවසමින් බි්‍රතාන්‍යයේ දෙමළ ජනතාව විරෝධතාවයේ නිරත වූහ. අනපේක්ෂිත පරිදි ඉහළ යන්නට වූ මෙම විරෝධතා නිසා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බි්‍රතාන්‍යයන්ට පවා ප්‍රශ්නයක් වන්නට විය.

දෙමළ ඊළාම් අන්තර්ජාතික රජයේ සහ බි්‍රතාන්‍ය දෙමළ සංසදයේ සභාපති ධුරය උසුලන කවිරාජ් නැමැත්තා බී.බී.සී. දෙමළ සේවයට පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධව ජාත්‍යන්තර අවධානය දිනාගැනීම සඳහා මෙම උද්ඝෝෂණ සහ පෙළපාළි පවත්වන බවයි. උද්ඝෝෂණ වැලකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මුහුණදෙමින් සිටියදී දෙමළ කණ්ඩායම් වෙනුවෙන් සේවය කරන නීතිඥයන් පිරිසක් රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් යුද අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් බි්‍රතාන්‍ය අධිකරණයකින් ලබාගැනීමට උත්සාහ ගන්නා බව වාර්තා වීමත් සමග තත්ත්වය උණුසුම් විය. ජනාධිපතිවරයාට ආරධනා කළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිලධාරීන් මින් කැලඹීමට පත්වූ අතර ඔවුහු වහා දේශනය අවලංගු කර ජනාධිපතිවරයා මෙරටට එවීමට කටයුතු කරන ලදී. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙරට රාජ්‍ය නායකයකු විදේශයකදී මුහුණ දුන් අප්‍රසන්නතම අත්දැකීම වන අතර ජනාධිපතිවරයාට බි්‍රතාන්‍ය අගමැතිවරයා තබා ප්‍රමුඛ ඇමැතිවරයෙක් සමගවත් සකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණේ නැත.

එදා මහින්ද මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමට අද චන්ද්‍රිකා කුමාරතුංග මුහුණ දෙමින් සිටී. මුළු ලෝකයම ලංකාවේ ප්‍රාදේශීය සභාවක් යැයි සිතා දේශපාලන වාසි තකා ලංකාවේ ඉඳ ප්‍රකාශ නිකුත් කරන මෙරට දේශපාලන නායකයන් ලෝකය සමග ගනුදෙනු කිරීම යනු වෙනමම කලාවක් බව තේරුම් ගන්නා තෙක් මෙවැනි ගැටලු විසඳෙන්නේ නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කඳුලු ගෑස් ජල ප්‍රහාර නොතකා සජිත් විරෝධතාවට එක්වෙයි! අපි බය නෑ! දිගටම සටන් කරනවා! මේ සටන අපි කෙළවර කරන්නේ ජයග්‍රහණයෙන්! VIDEO

Next Post

විපක්ෂයේ සියලුම නායකයන් අද රෑ 7ට විපක්ෂ නායක කාර්යාලයේ රැස්වෙයි! සියලුම නායකයන්ට ආරාධනා! ජාජබ නායක අනුරටත් විශේෂ ආරාධනාවක්!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.