• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ ලියන්නේ මාතර ඉඳන්…

February 17, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ ලියන්නේ මාතර ඉඳන්…
Share on WhatsAppShare on Facebook

යාපනය මගේය. මගේ ආදරය යාපනයයි. ලංකාවේ දකුණු කෙළවර දෙවුන්දරතුඩුවේ ‘හේවාවිතාරණ මාතෘ නිවාසයේ’ උපත ලැබූ මට යාපනය යනු දුර සිහිනයක් වූ අතීතය ගෙවී ගොසිණි. දැන් යාපනය මට හුස්මක දුරිනි. මගේ යාපනය ගැන ලියන්නට හිතුණේ අදක ඊයෙක නොවුණද දවසින් දවස ඒ අදහස කල් ගියේය. ඒත් දැන් මට යාපනය ගැන නොලියා හිඳින්නට බැරිය. යාපනේ කෙරේ උපදින ආදරය මේ අකුරු අතර නටන්නට දඟලන්නට මගෙන් හුස්ම අයැද හිඳී. මේ මගේ යාපනයට මගේ හුස්ම කියන කතාවයි.

මීට දශක තුනකට ඉහතදී මම කුඩා දැරියක වී ඉන්නා කල යාපනය යන වචනය මට ඇසුණේ මගේ නෑ හිතවතුන්ගේ කතා අතරිනි. ඒ යුද්ධය ගැන කියන කතාවලිනි. ඉන් අනතුරුව මම යාපනය ගැන මුල්ම රූපමය කියැවීම ලබන්නේ පහේ පන්තියේ සිංහල පොතේ වූ පාඩම කියැවීමෙනි. ‘යාපනයේදී’ යන මාතෘකාවෙන් රචිත එම පාඩම මට මෙන්ම මේ රටේ ඉපදී උතුර දකුණ ගැන සිතියමෙන් විතරක්ම දැනඋන් අපේ කාලේ සියලු දෙනාටම යාපනය යන අකුරු හතර පෙරටු කොටගත් එක සංකේතාත්මක නගරයක් පමණක් නොව තවත් ආදරණීය සංස්කෘතියක් උරුම කොටගත් (මා මෙහිදී යාපනය යනුවෙන් දක්වන්නේ යාපන අර්ධද්වීපය පමණක් නොව සමස්ත දෙමළ ජනතාව හා ඔවුන්ගේ සංස්කෘතියයි) මේ රටේ ආදරණීයයන් වගත් ඔවුන් අපගේම සහෝදර ජාතිය වග කියන්නටත් ලියන ලද අසිරිමත් පාඩම විය. සැබෑවටම එම පාඩම මගේ ජීවිතයට ඉගැන්වූයේ දෙමළ ජනතාවගේ ආදරයයි. එහි කතුවරයා මෙන්ම මෙම පාඩම පෙළපොතට ඇතුළත් කරන්නට තීරණය කළ යමෙක් වේ නම් මම ඔවුන්ට හදවතින් නමස්කාර කරමි.

‘යාල්දෙවි දුම්රිය යාපනේ දුම්රියපළට ළඟා විය. වෙලාව සවස දෙකහමාරට පමණ ඇත. අම්මාත්, තාත්තාත්, අමරත්, මමත් නිවාඩුවක් ගතකිරීමට දුම්රියෙන් යාපනයට ගියෙමු’. පහ වසරේ සිංහල පෙළපොතේ 11 වැනි පාඩම එසේ ආරම්භ වී තිබිණි. රාධා, මාධවන්, ආඬියා ළිඳ, උළුඳු වඩේ, තල් වැට, කොට්ට කිලංගු , නල්ලූර් කෝවිල ආදී වචන අපේ පුංචි හිතට ගෙනාවේ මේ අපේ රටේම කොටසක් පිළිබඳ කියවන විට නැගෙන හැඟීම් නොව කවදාවත් අපට විඳින්නට නොලැබේ යැයි කියා හිතෙන ඒ පිළිබඳ දුක් සංකාවක් මුසු හැඟීම් පමණකි. පෙළපොතෙන් මා දුටු යාපනය මගේ හිතේ කොනක් සින්නක්කරයටම අල්ලාගෙන උන් වග එදාට වඩා මට තේරෙන්නේ දැන්ය. (ඒ ඇල්ම කොපමණද යත් මෑතකදී බොහෝ වෙහෙසක් දරා ‘රියෝ සගරොක්ස්’ සහෝදරයා ලවා අන්තර්ජාලය ඔස්සේ එම පාඩම සොයා යළි කියවීමි. (මාතර මහමායා බාලිකාවේ පහේ පන්තියේ උන් දඟකාර කෙල්ල නැවත මට හමුවූයේ ඒ පාඩම කියවද්දීය.)

මටත් යාපනේ නෑදැයෝ සොයාගැනීමට ඕනෑකමක් විය. යාල් දේවියෙන් යාපනේ යන්නට අවැසි විය. ටික ටික වයසින් වැඩෙත්ම මේ යාපන ගමන සිරීපාදේ යන තරම්ම ලේසි නොවන බවත් එය කවදාවත් සැබෑ නොවන ආශාවක් වගත් මගේ හිත අකැමැත්තෙන් වුවද තේරුම් ගනිමින් තිබිණි. මගේ කුඩා අවධියේ අප ජීවත් වූයේ මාතර දුම්රිය නිල නිවාසවලය. උදේ හවා අප දකින දුම්රිය එන්ජින්වල සඳහන් නම් කියවන අපිට ‘පේදුරුතුඩුව, කන්කසන්තුරෙයි’ යන නම් නුපුරුදු නොවීය. එහෙත් සිතියම් පොතෙන් දැක ඇති පේදුරුතුඩුව දකුණේ දෙවුන්දර තුඩුවේ ජීවත් වූ අපට ලංකාවේ දිග මැනීමේ ස්ථාන දෙකෙහි නම් මිසක් මේ අපේ රටේ අපි සියලු දෙනාම පය තැබිය යුතු බිමක් වග අමතක වී තිබිණි. පේදුරුතුඩුව යනු සුරංගනා ලෝකයක ඇති දෙයක් ලෙස සරල හැඟීමක් අප තුළ විය. එහෙයින් හැබෑවටම යාල්දේවියෙන් යාපනේ යෑම ගැන හිතීමම නින්දේ දකින හීනයක් විය. ශිෂ්‍යත්ව පන්තියේදී ගුරුවරයෙක්ගෙන් දෙමළ හෝඩිය ඉගෙන ගැනීම මිසක් ඉන් එහාට අපි මාතරදී දෙමළ කිසිවකුත් දැක තිබුණේ නැත. එවක දෙමළ ඉගැන්වූ ගුරුවරයාගෙන් යාපනය පිළිබඳ අහන්නට දැනුමක් තේරුමක් අපට තිබුණේද නැත. ඒ ගුරුවරයා කවදාවත් උතුරට ගොස් තිබුණා දැයි මම දන්නෙත් නැත. රූපවාහියෙන් දකින දෙමළ සංස්කෘතිය හැබෑවටම විඳින්නනට අවුරුදු ගානක් ඉවසන්නට මට සිදුවිය.

එවක මාතර දුම්රියපළ පාරේ පිහිටි හින්දු කෝවිලද වසා දමා තිබුණේත්, මෙහි වූ සියලු දෙමළ මිනිසුන් මාතරින් පිටවගොස් තිබුණේත්, නිවෙසේදී නිතර කියවෙන දොස්තර නාගරාජා තමන් ගොඩනැංවූ පෞද්ගලික රෝහල තම මතකයට ඉතිරිකොට ලංකාවෙන්ම සමුගෙන දුරු රටකට ගොස් තිබුණේත් අසූව දශකයේ වූ දෙමළ – සිංහල කෝලාහලවල අඳුරු ප්‍රතිඵලයක් ලෙසිනි. ගාල්දියද, බාල්දියද අසමින් කුලල්කාගත් මිනිසුන්ගේ කියුම් කෙරුම් අසත්ම මගේ හිත තව තවත් නොදැකපු යාපනයටත් දෙමළ ජනතාව කෙරෙහිත් නැඹුරු කරවන්නට ඇත. ඒ කාලේ යාපනය කෙරේ වූ ප්‍රේමයට එකම එක පියාපතක් හෝ සවි කරගන්නට හැකි වූවේ විශ්වවිද්‍යාලයට යාමේ ප්‍රතිඵලයක් ලෙසිනි. උතුරෙනුත් කඳුකරයෙනුත් මදි නොකියන්නට ආදරණීය දෙමළ සහෝදරත්වය හමුවුණේ එහිදීය. ඒ හමුවේ මතක තවත් දවසකට ඉතිරිකරමි. එතෙක් ඔබේ හිතේ යාපනය තැන්පත් වී ඇත්තේ කවර හැඟීම් තට්ටුවේදැයි අතගා බලනු මැන.

දෙමළ සර් වෙත ගෞරවයෙන්….
මාතර බ්‍රෝඩ්වේ පාරේ
එදා සිස්සත්ව පන්තියේ
දෙමළ ඉගැන්වූ
සිදම්බරන් සර්,

ආනා ආවන්නා
ඊනා ඊයන්නා
ඔන්රු ඉරන්ඩු
ගැනම නොකියා
ප්‍රශ්න පත්තරෙන් පිට පැන
කිවුවා නම් මොකද
දෙමළ හෝඩියද
හුස්ම ගන්නා වග…

දුටුවේම නැත මම
දෙමළ අකුරක උණ්ඩි වී උන්
දුර දකින කැඩපත
දෙමළ යෙහෙළියකුදු
හිටියෙ නැති එකල,

අදත් අපි අසරණව
කරච්ච්චල් රාමුවක
සිරව වැළපෙයි
අපි නොඇඳි චිත්‍රෙකට
පාට සායම් සොයමින්….

සංහිඳියාවේ තණපත්ද වේළී
අන්ධ හිරු එළිය යට
කියවාගනු බැරිව දෙමළ හෝඩිය
මෙන්ම දෙමළ හදවත් ද
නාඳුනන බසකින්
වැටෙන කඳුළක
තබමි එක පොට්ටුවක්
සිනහවක පාටින්
පතා එක පැතුමක් යන්නට සිතා
යළි පහේ පන්තියට
මුල ඉඳන් අහන්නට
උතුරු සුළඟේ නෑකම….
ඒ තමයි සුබ නැකත
අපි ඔක්කොම පාස්වෙන….

මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්

SendShareShare
Previous Post

සතුට සමග යළි හිමිවන උතුරේ ඉඩම් අයිතිය…

Next Post

මුද්‍රණාලයාධිපතිනිය පොලිස් ආරක්ෂාව නැතිව මුද්‍රණය කරන්න බෑ කියනවා! පොලිසිය කියනවා මුද්‍රණය කරන්නේ නැති නිසා ආරක්ෂාව දෙන්නෙ නෑ කියනවා! පොලිසියයි මුද්‍රණාලයාධිපතිනියයි දෙපැත්තට බෝලෙ පාස් කරගනී! VIDEO

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.