මේ රටේ ජනතාව රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කරන්න යැයි ඉල්ලා සිටින්නේත්, අධ්‍යාපන පද්ධතිය නගාසිටුවීමට උදව් කරන්නැයි ඉල්ලා සිටින්නේත් ආණ්ඩුවෙන් හෝ, අගමැතිවරයාගෙන් හෝ, ජනාධිපතිවරයාගෙන් හෝ නොව සමගි ජන බලවේගයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ කිසිවක් ආණ්ඩුවෙන් ඉල්ලා පලක් නැති බව ජනතාව දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා රට බංකොලොත් වී ඇති තත්ත්වයක් තුළ පවා සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන කටයුතු සිදුකර ඇති බව පැවසීය.
මේ රටේ පොදු දේපල ඇතුළු මුදල් සොරා කෑ යුගය රාජපක්ෂ යුගය ඔබ පැවසුව විපක්ෂ නායකතුමා ගේ රට ගොඩනැගීමට නොහැකිව ඇත්තේ ද ඒ මහා මංකොල්ලය නිසා බව පැවසීය.
සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ කුණ්ඩසාලේ දිගන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.















