• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රෙදි වියන්නෝ ඇන්දෙව්වට උසාවිය නිහඬ නැත! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

February 11, 2023
in Exclusive, Gurudawa
Reading Time: 8 mins read
A A
රෙදි වියන්නෝ ඇන්දෙව්වට උසාවිය නිහඬ නැත! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

‘හැත්තෑ හතේ ඡන්ද නැතේ…’

මේ, 1976 එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුවේ ඇමැතිවරු රටටම ඇහෙන්න කී සටන් පාඨයය. මේ වෙනකොට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වූ ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ආණ්ඩුව හතරගාතෙන් ඇදවැටී තිබිණි. ඡන්දය තිබ්බොත් කුජීත ලෙස පරදින බවට රාජ්‍ය බුද්ධි අංශ අගමැතිනි බණ්ඩාරනායකට සමීක්ෂණ වාර්තා දී තිබිණි. මේ නිසාම මැතිනියගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ‘හැත්තෑ හතේ ඡන්ද නැතේ’ කිය කියා තමන්ම චූන් එකක් ගත්හ.

‘ඡන්දය නතර කරන්න පුළුවන් මගේ මළ මිනිය උඩින් තමයි…’

ඒ වෙලාවේ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන කෑගහලා කිව්වේ එහෙමය.

එහෙව් ජේ.ආර්.ගේ බෑණා රනිල් වික්‍රමසිංහත් ඔහුගේ ඇමැති මණ්ඩලයත් ඔහුගේ පක්ෂය වූ යූ.ඇන්.පී.යත් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන පෙළේ ජාතික යැයි කියාගන්නා මාධ්‍ය සහ මාර ප්‍රජාතන්ත්‍රවාදියි, ලිබරල් කියන වෙබ් අඩවි අල්ලගෙන 2023 පුංචි ඡන්දය නැතේ කියන්න දැවැන්ත ප්ලාන්ට් නිවුස් කැම්පේන් එකක් ගෙන ගියහ. මේ දැවැන්ත මාධ්‍ය ප්ලාන්ට් මෙහෙයුමට එරෙහිව ඇත්ත කිව්වේ සිරස සියත සහ මව්රට මාධ්‍ය පමණි.

මැතිවරණ කොමිසම දෙකට බෙදිලා යැයි රනිල් සහ ඔහුගේ ඇමැති මණ්ඩලයත්, යූ.ඇන්.පී.යත් නිවුස් ප්ලාන්ට් කරන විට එවැනි බෙදීමක් නැහැ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ප්‍රකාශයක් ගන්න සිරස, මව්රට සහ සියත හැරුණු කොට වෙනත් කිසිදු මාධ්‍යයක් ඉදිරිපත් නොවීය.

‘නිවුස් ප්ලාන්ට් කරල රටක් පාලනය කරන්න පුළුවන්ද?’

2023 ජනවාරි 21 ‘ගුරුදා විග්‍රහය’ UNP, U (උන්ගේ) N (නිවුස්) P (ප්ලාන්ට්) පක්ෂය නමින් ලියූ ලිපියෙන් ප්‍රශ්න කළේ එලෙසය. පුංචි ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් නඩු තීන්දුව දීමට නියමිතව තිබූ පසුගිය සිකුරාදා තෙක් මාසයක් ලංකාවේ ජාතික යැයි කියාගන්නා මාධ්‍යවල නිවුස් බැලුවා නම් නිවුස් පළවුණේ මෙන්න මෙහෙමය.

මැතිවරණ කොමසමේ බෙදීමක්. බෙදිලා ඉන්නේ නැතිව එකඟතාවයක් ඇතිකරගන්න යැයි ජනපති කියයි.

‘ඡන්ද තියන්න සල්ලි නැහැ’ යැයි භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියයි. මැතිවරණ රාජකාරි නතර කරන්න යැයි රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් නියෝගයක්.

රාජ්‍ය පරිපාලන ලේකම් නියෝගය අකුළා ගනියි.

‘ඡන්දයක් මේ වෙලාවේ අවශ්‍ය නැහැ’ යැයි යූ.ඇන්.පී.ය කියයි.

‘ඡන්දෙට සල්ලි දෙන්න සල්ලි නැහැ.’ මුදල් රාජ්‍ය ඇමැති කියයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් ඉවත් වන ලියුම ජනපතිට භාරදෙයි. ජනපති ලියුම භාර නොගනී.

මැතිවරණ දිනය තවම ගැසට් කර නැතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

ඡන්දයට සල්ලි දෙන්න අසීරු යැයි මුදල් අමාත්‍යාංශ ලේකම් උසාවියට කියයි.

අත්‍යාවශ්‍ය සේවාවලට ඇරෙන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි නොදෙන චක්‍රලේඛයක්.

මහා භාණ්ඩාගාරය සල්ලි දියයුතු ආකාරය ගැන ජනාධිපතිගෙන් චක්‍රලේඛයක්.

ජනාධිපති චාල්ස්ගේ ඉවත්වීමේ ලිපිය භාරගනී.

මැතිවරණ කොමිසමේ අලුත් සාමාජිකයන් බඳවාගන්න අයැදුම්පත් කැඳවයි.

මැතිවරණ කොමිසම ගැන හොයන්න මන්ත්‍රීවරුන් කතානායකගෙන් තේරීම් කාරකසභාවක් ඉල්ලයි.

මේ ඔක්කොම ප්ලාන්ට් නිවුස්ය. මේවායින් කළේ ඡන්දයට සූදානම් වූ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහසේ වේදිකාව යන පක්ෂවලට ඡන්ද කැම්පේන් නොකරන ලෙස බලපෑම් කිරීමය. ඡන්දයක් තියන වාතාවරණයක් රටේ නොමැති බවට මතයක් ජනගත කිරීමය. ඒ මතය අලුත්කඬේටත් ව්‍යාප්ත කිරීමටයි. ඡන්ද කිරීම මැතිවරණ කොමිසමට එපා කිරීමය. එපමණක් නොව අයි.එම්.එෆ්. ලෝන් එක ගන්න ඉන්දියාව දුන්න ණය ප්‍රතිව්‍යුහගත කරන සහතිකය පාවිච්චි කළේත් ඡන්දය කල්දමා ගන්නටය. ඉන්දීය විදේශ ඇමැති සුබ පණිවුඩය අරන් එන්න සූදානම් වෙද්දී මුදල් අමාත්‍යාංශ ලේකම් උසාවියට කීවේ ඡන්දයට සල්ලි දීමේ දුෂ්කරතාවයය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදුවෙද්දී ඡන්දයක් තිබ්බොත් එයට බාධාවක් ඇතිවන බවය. ඉන් පසු නිවුස් පළවුණේ අයි.එම්.එෆ්. ලෝන් එක දැන් දෙන්න ඔන්න මෙන්න වගේය. චීනයත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන්න ඔවුන් රනිල්ට දුන්න මුල් ලියුම වෙනස් කිරීමට සූදානම් බවටත් නිවුස් ප්ලාන්ට් විය. ඊට පස්සේ පැරිස් ක්ලබ් එක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ යැයි කැම්පේන් එකක් දියත් විය. මේ ඔක්කොම නිවුස් ප්ලාන්ට් කළේ මුදල් අමාත්‍යාංශ ලේකම් ඡන්දය නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බාධා වන බවට දුන් ප්‍රකාශය අධිකරණයට ඒත්තු ගන්වන්නටය. ඊළඟට ජපානයත් පැරිස් ක්ලබ් එකට ඇතුළු වී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ යැයිද නිවුස් ප්ලාන්ට් විය.
හැබැයි හරියටම අධිකරණය නඩුව අහන දිනයේ අයි.එම්.එෆ්. ප්‍රකාශිකා නිවේදනයක් නිකුත් කළේය.

‘ලංකාවේ ණය හිමිකරුවන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහතිකය දෙනතෙක් ලංකාවට ණය සහනය දෙන්න බැහැ…’

මේ අයි.එම්.එෆ්. නිවේදනයය. ඊළඟට ජපානයේ මිට්සුබිෂී කොම්පැනිය ලංකාවේ ව්‍යාපෘතිවලින් ඉවත් විය. මිට්සුබිෂී කොම්පැනිය ලංකාවේ ව්‍යාපෘති පටන්ගත්තේ ජේ.ආර්.ගේ කාලයේය. ඒ සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලය මාධ්‍යයට කීවේ ලංකාව ආර්ථික සහ රාජ්‍ය පාලනය සම්බන්ධව අයි.එම්.එෆ්. පනවා ඇති කොන්දේසි ඉටුකරන තෙක් ජපානය බලා සිටිනා බවය. එයින් ඇඟවෙන්නේ ජපානය තවම දෙගිඩියාවෙන් පසුවන බවය.

ඒ කියන්නේ අයි.එම්.එෆ්. නිවුස් ඔක්කොම ප්ලාන්ට්ය. රනිල්ගේ ආණ්ඩුව සහ යූ.ඇන්.පී.ය හිතන්න ඇත්තේ මේ ප්ලාන්ට් බල බලා අධිකරණය ඡන්දය කල්දමන්න තීන්දු දෙයි කියාය. ඒත් අධිකරණය සර්වජන ඡන්ද අයිතිය රකිමින් ඡන්දය පවත්වන්න නියෝගයක් දුන්නේය. පළාත් සභා ඡන්දය පවත්වන්න යැයි 1998 චන්ද්‍රිකාගේ ආණ්ඩුවට දුන්න නියෝගය දෙවැනි වරටත් සහතික කරමින් අධිකරණය මේ නියෝගය දී ඇත.

‘දැන් නිවුස් ප්ලාන්ට් මාධ්‍ය මාෆියාව මොකද කියන්නේ…?’

නිවුස් ප්ලාන්ට් මාධ්‍ය මාෆියාව දැන් ඉන්නේ ගලේ පහරපු බළලුන් වගේය. ඔවුන් හිතන්න ඇත්තේ අධිකරණය තීන්දු දෙන්නේ තමන්ගේ නිවුස් බලලා කියා විය යුතුය. අද අධිකරණයවත් ජනතාවවත් මේ නිවුස් ප්ලාන්ට් බලලා තීන්දු දෙන්නේ නැත. සමගි ජන බලවේගයට සහ ජවිපෙට එක්රොක් වන මහජන ගඟ දිහා බලන විට රට කොතැනද කියන එක පැහැදිලිය. ඉන් පැහැදිලි වන්නේ රටේ ජනාධිපති සහ ආණ්ඩුවේ විකෘතිය පිළිගන්න ජනතාව සූදානම් නැති බවය. රනිල් සහ රනිල්ගේ යූ.ඇන්.පී.ය මේ විකෘතියට හරි කැමැතිය. රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තම හිතවතුන් පත්කරගෙන අවුරුදු 30කට ආසන්න කාලයක් යූ.ඇන්.පී.යේ නායකත්වය ආරක්ෂා කරගත්තේ විකෘතිසහගතවය. මේ විකෘතියට රාජපක්ෂ පවුල උදව් කළේ බලය ආරක්ෂා කරගන්නටය. අරගලය නිසා වූයේ රාජ්‍ය පාලනයත් ආණ්ඩුවත් විකෘති වීමය. මේ විකෘතිය ප්‍රකෘතියක් කරගන්න ඔවුහු විකෘති වූ යූ.ඇන්.පී. නායකත්වය ආරක්ෂා කරගෙන ඉන්නා රනිල්ව ජනාධිපති කළහ.

ඩී.බී. විජේතුංගගේ ආණ්ඩු කාලයේ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අපූරු කතාවක් කීවේය. ඒ, රෙදි වියන්නාගේ කතාවය. රෙදි වියන්නා රජ්ජුරුවන්ව නිරුවතින් පාරේ යවපු කතාවය. රජුට විනිවිද පෙනෙන ඇඳුමක් අන්දවා නිරුවතින් යද්දී රෙදි වියන්නා ලස්සනයි ලස්සනයි කීවේය. ජනතාව මහ හඬින් සිනාසුනහ. අද රනිල්, රාජපක්ෂලාට රෙද්දක් වියා දී ඇත. රාජපක්ෂලා රනිල්ට රෙද්දක් වියා දී ඇත. රනිල්ගේ රෙද්ද රාජපක්ෂලා ‘ලස්සනයි’ කියයි. රාජපක්ෂලාගේ රෙද්ද රනිල් ‘ලස්සනයි’ කියයි. හැබැයි අධිකරණය, ජනතාවගේ හිනා හඬ මැද්දේ රනිලුත්, රාජපක්ෂලාත් දුවන්නේ නිරුවතින් බව පෙන්වා දී තිබේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!

Next Post

රනිල් ආයෙත් යාපනේට යයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.