ගල් අගුරු වංචාව පිළිබදව සොයාගෙන යද්දී තමන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් සූදානම් වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තවත් වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් සොයාගෙන යනවිට තමන් මුදල් කමිටුවෙන් පන්නා දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවකි.
කෙසේවෙතත් මුදල් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට හිමිවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.