ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් ඇතුලු සියලුම ක්ෂේත්‍ර දැවැන්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කොට ඇත.
ඒ අනුව වරාය, තෙල්, ජලය, විදුලිය සේවකයන්ට අමතරව සරසවි ඇදුරන්, රජයේ වෛද්‍යවරුද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට තීන්දු කොට තිබේ.
එසේද එදින ගුවන් ගමන් පාලකවරුද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව බැංකු සේවකයන් සහ ගුරුවරුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දැනටමත් දැනුම් දී ඇත.










