හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ කළ අභුත අසත්‍ය චෝදනාව විකාශය කළ මාධ්‍ය නාලිකාවලට එරෙහිව නඩු පවරන බව රේනෝ සිල්වා මහතා සදහන් කර ඇත.
හිරු වෙබ් අඩවිය හරහා කර තිබූ එම ප්‍රකාශය මෙසේය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය විසින් කුඩු ව්‍යාපාරයේ යෙදෙන බවට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාටත්, හිරු මාධ්‍ය ජාලයටත්, පසුගියදා පදනම් විරහිත, අසත්‍ය, අභූත චෝදනා රැසක් එල්ල කළා.
ජනතාවට සේවය කරන බව පවසමින් ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙකලා ඉතා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ එම ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව බැහැර කරන බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
රේනෝ සිල්වා මහතා ඔවුන්ට අභියෝග කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී කාඞ්බෝඞ් වීරයන් සේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසයි.
එසේ වුවහොත් එම මොහොතේදීම අධිකරණය ඉදිරියේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා ඕනෑකමින්, සූදානම්ව සිටින බවද, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අවධාරණය කළා.
කිසිදු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාළිකාවලට එරෙහිව තම කීර්ති නාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනයක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යවා ඇති බ ව රේනෝ සිල්වා මහතා සඳහන් කළා.
කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මෙම සාවද්‍ය ප්‍රකාශ සිදුකරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත්, එලෙස ප්‍රකාශයන් නිකුත් කළ සැණින් තම කීර්ති නාමයට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත්, රේනෝ සිල්වා මහතා මෙම මන්ත්‍රිවරුන්ට අභියෝග කරනවා.
හිරු වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.










