• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

1993 ෆ්‍රැන්සිස්කු ඉස්සීම සහ මෙදා චාල්ස් නෝනා අතුරුදන් වීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 4, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
1993 ෆ්‍රැන්සිස්කු ඉස්සීම සහ මෙදා චාල්ස් නෝනා අතුරුදන් වීම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘පුංචි ඡන්දෙ තියනවාට ඇයි ලංකාදීප, ඩේලි මිරර් පත්තර කොම්පැනිය මෙච්චර බය…?’

පසුගිය දවසක කොළඹ පත්තර තට්ටුවක පත්තර විකුණන පත්තර වෙළෙන්දෙක් වෙනත් පත්තරයක අලෙවි නියෝජිතයකුගෙන් ඇහුවේය.

‘ඇයි එහෙම අහන්නේ…?’

අලෙවි නියෝජිතයා ඇහුවේ මුහුණට සිනහවක් නඟාගෙනය.

‘නෑ මේ ඉලෙක්ෂන් කොමිෂන් එකේ බෙදීමක් කියලා නිවුස් දුන්නෙත් ලංකාදීප, ඩේලි මිරර්. ඉලෙක්ෂන් එකට ජනාධිපති සල්ලි දෙන්නෙ නෑ කියලා නිවුස් දමන්නෙත් ලංකාදීප, ඩේලි මිරර්. චාල්ස් නෝනා අයින් වුණා කියලා නිවුස් දාන්නෙත් ලංකාදීප, ඩේලි මිරර්. චාල්ස් නෝනා ඉල්ලා අස්වීමේ ලියුම ජනාධිපතිට යවලා කියලා නිවුස් දාන්නෙත් ලංකාදීප, ඩේලි මිරර්. ජනාධිපති ඒ ලියුම භාරගන්නවද නැද්ද කියලා ජනාධිපති තීරණය කරලා නැහැ කියලා නිවුස් දමන්නෙත් ලංකාදීප, ඩේලි මිරර්. අන්තිමට බලනකොට ඔක්කොම ටොම් පචනේ…’

පත්තර වෙළෙන්දා කියාගෙන ගියේය.

‘ඡන්දෙ තියලා යූ.ඇන්.පී.ය නැත්තට නැති වුණත් පත්තර කොම්පැනිය අයිති රුවන් විජේවර්ධනගෙයි, රුවන්ගේ මස්සිනා රනිල්ගෙයි දේශපාලනය ඉවර වෙයි කියලා ලංකාදීප, ඩේලි මිරර් කර්තෘවරු බය ඇති…’

අලෙවි නියෝජිත කීවේ කොක් හඬලා සිනාසෙමිනි. ඡන්දෙ තියන්නේ නැහැ කියලා පෙන්වන්න ලංකාදීප, ඩේලි මිරර් පත්තර පළකරපු ලොකුම නිවුස් එක මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් නෝනාගේ ඉවත් වීමය. චාල්ස් නෝනා ඉවත් වෙලාදැයි මාධ්‍යවේදීන් මැතිවරණ කොමිසමෙන් අහද්දී ඔවුන් කීවේ තවමත් ඇය ඉල්ලා අස්වීමේ ලියුම එවා නැති බවය.

‘එතකොට චාල්ස් නෝනා කෝ….?’

මාධ්‍යවේදීන් අහද්දී මැතිවරණ කොමිසම කීවේ ඇයව දුරකතනයට සම්බන්ධ කරගත නොහැකි බවය. කාලයක් ගතවිය. තවමත් මැතිවරණ කොමිසම ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන ගැසට් එක ගහලා නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියනවා යැයි නිවුස් එකක් පළවිය. පසු දින ගැසට් පත්‍රය නිකුත් විය. ඒ ගැසට් පත්‍රයේ චාල්ස් නෝනාද අස්සන් කර තිබෙන බවත්, චාල්ස් නෝනා කොමිසමෙන් ඉවත්වී නැති බවත් ලංකාදීප පුවත්පතේම පළවිය.

‘එතකොට ජනාධිපතිට චාල්ස් නෝනා යවපු අස්වීමේ ලිපියට මොකද වුණේ…?’

‘චාල්ස් නෝනා ෆෝන් ඕෆ් කරගෙන මෙච්චර කල් හිටියේ කොහේද…?’

මේ ප්‍රශ්න දිහා බලනකොට මිනිස්සුන්ට අමතක වුණු නමක් මතක් වේ. ඒ, ෆ්‍රැන්සිස්කුය. ෆ්‍රැන්සිස්කු යනු 1993 පළාත් සභා ඡන්දයට දකුණු පළාත් සභාවට තේරීපත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු තේරී පත්වුණේ හම්බන්තොටිනි. ඔහු පොදු පෙරමුණෙන් පළාත් සභාවට තරග කළේය. ඔහු එවක විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ගෝලයෙක් විය. එකල ජනාධිපති වූයේ ඩී.බී. විජේතුංගය. අගමැති වූයේ රනිල් වික්‍රමසිංහය. 1993 මැයි පළමු වැනි දින ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ විට ජනාධිපති ධුරයට පත්වූයේ විජේතුංගය. අගමැති වූයේ රනිල්ය. 1993 පළාත් සභා ඡන්දය පැවැතියේ ඔවුන් දෙදෙනාගේ මෙහෙයවීමෙනි. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් සභා තුනම යූ.ඇන්.පී.ය පරාජයට පත්විය. වයඹ සහ දකුණු පළාත් සභා එවක විපක්ෂය වූ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ දින්නේ නූලෙනි. යූ.ඇන්.පී.යට දකුණු පළාත් සභාවේ ආසන 26ක් ලැබිණි. පොදු පෙරමුණට ආසන 27ක් ලැබිණි. ඒ 27 තුළ ලලිත්-ගාමිණීගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ආසන තුනක් තිබිණි. විජේතුංග සහ රනිල් පොදු පෙරමුණට දකුණේ පළාත් සභාව පිහිටුවන්න දෙන්නේ නැතැයි යන දැඩි මතයේ සිටියහ. ඔවුහු උසාවි ගියහ. උසාවිය කීවේ පොදු පෙරමුණට පළාත් සභාව පිහිටුවන්න බාධාවක් නැති බවය. නියම කතාව එන්නේ දැන්ය.

උසාවි තීන්දුවෙන් වැටුණු විජේතුංග සහ රනිල් පොදු පෙරමුණේ මහ ඇමැති අමරසිරි දොඩංගොඩ දිවුරුම් දීම වළක්වන්න අමුතු ගේමක් ගැහුවේය. ඒ ගේම නම්, මහ ඇමැති අමරසිරි දොඩංගොඩට දිවුරුම් දෙන්න බැරිවෙන විදියට ආණ්ඩුකාර බාකීර් මාකර් අතුරුදන් කිරීමය. මේ, ඒ ගැන අමරසිරි දොඩංගොඩ පසු කලෙක කී කතාවය.

‘නඩු තීන්දුව දුන්නට පස්සේ පුදුම වැඩක් වුණේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අතුරුදන්. දැන් අපට දිවුරුම් දෙන්න ආණ්ඩුකාරයෙක් නැහැ. ඡන්දෙන් දිනලා නඩු තීන්දුවෙන් දින්නත් අපට දිවුරුම් දෙන්න ආණ්ඩුකාරයෙක් නැහැ. පස්සේ අපි හැම තැනම හොයලා බලනකොට අපට ආරංචියක් ආවා ආණ්ඩුකාරතුමා මාතලේ එයාගේ වත්තක හැංගිලා ඉන්නවා කියලා. මම තවත් කිහිප දෙනෙක් එක්ක මාතලේ වත්තට ගිහින් ආණ්ඩුකාරවරයා මුණගැහුණා. එයාටත් පුදුමයි. අපි එයාව හොයාගත්ත එක. අපි ආණ්ඩුකාරතුමාට කිව්වා දැන් ඉතින් දිවුරුම් දෙමු කියලා. ඒත් එතුමා කිව්වා අද නිවාඩු දිනයක් හින්දා මෙතැන දිවුරුම් දෙන්න බැහැ කියලා…’

මේ දොඩංගොඩගේ වචනය. පසුව විජේතුංග – රනිල් ආණ්ඩුව දොඩංගොඩට දිවුරුම් දෙන්න බැරිවෙන විදියට ආණ්ඩුකාර නිල නිවෙසට ඇතුළුවීම තහනම් කළේය. පොලිස් බැරියර් කඩාගෙන අමරසිරි දොඩංගොඩ, මහින්ද රාජපක්ෂලා, ඩලස් අලහප්පෙරුමලා එක්ක ආණ්ඩුකාර මන්දිරයට කඩාවැදී බලෙන් ආණ්ඩුකාරවරයාගෙන් දිවුරුම් ගත්හ.

‘චාල්ස් නෝනත් පසුගිය සති කිහිපයේ අතුරුදන්ව සිටියේ 1994 දකුණේ ආණ්ඩුකාරයා අතුරුදන් වෙලා හිටියා වගේ නේද…?’

හරියටම හරිය. මහින්දලා ගහපු ගේමෙන් විජේතුංග-රනිල් ගේම වැටුණි. ඉන් පස්සේ විජේතුංග සහ රනිල් කළේ දකුණු පලාත් සභාවේ මහ ඇමැති අමරසිරි දොඩංගොඩට සහාය පළකරන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ෆ්‍රැන්සිස්කුව අතුරුදන් කොට අමරසිරි දොඩංගොඩට බහුතර ආසන සංඛ්‍යාව නැති කිරීමය. මහ ඇමැති අමරසිරි දොඩංගොඩ බහුතරය පෙන්වන්න ෆ්‍රැන්සිස්කුව හෙව්වත් හොයාගත නොහැකි විය. විජේතුංග දකුණු පළාත් සභාව විසුරුවා හැරියේය. විජේතුංග ඡන්දයට ගියේ ගල උඩ සටන තියාගෙනය. දකුණේ ඡන්ද කැම්පේන් එක කළේ රනිල්ය. වසර 77කට පසු යූ.ඇන්.පී.ය අන්ත පරාජයකට පත්විය.

එදා ආණ්ඩුකාර බාකීර් මාකර් සහ ෆ්‍රැන්සිස්කු අතුරුදන් වූයේ අද චාල්ස් නෝනා අතුරුදන් වූවා වාගේය. එදා ෆ්‍රැන්සිස්කු අතුරුදන් වූ විට දේශපාලනයේ ජනප්‍රිය මාතෘකාව වූයේ බහුතරය නැති කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ෆ්‍රැන්සිස්කුකරණය කිරීම කියාය.

මැතිවරණ කොමිසමේ චාල්ස් නෝනා අතුරුදන් වීමත් කොමිසමේ බහුතරය නැති කරන්න ප්‍රජාතන්ත්‍රවාදය චාල්ස්කරණය කිරීමකි. එදා ෆ්‍රැන්සිස්කුකරණය කරන කොට හිටියේ මහජන වරමකින් පත්වූ ජනාධිපති ඝාතනය වී ඔහුගේ ඉතිරි නිල කාලයට පත්වූ ජනාධිපතිවරයෙකි. අද ඉන්නේත් මහජන වරමින් පත්වූ ජනාධිපතිට ගෙදර යන්න සිදුවී ඔහුගේ ඉතිරි නිල කාලයට පත්වූ ජනාධිපතිවරයෙකි. ඔහු අන් කවරෙක්වත් නොව එදා විජේතුංග ජනාධිපතිගේ අගමැතිය. විජේතුංග ප්‍රජාතන්ත්‍රවාදය ෆ්‍රැන්සිස්කුකරණය කළේ 1994 ජනාධිපතිවරණයට ඉල්ලා දිනන්නටය. එකම වෙනස ඔහුට යළි මහජන වරමකින් ජනාධිපති වෙන්න ඡන්ද ඕනෑ විය. රනිල්ට ඕනෑ ඡන්ද නොතියා ඉන්නටය. ඔහු චාල්ස්කරණය කරන්නේ ඡන්ද නොතියා ඉන්නය.

‘රනිල් හදිසි ජනාධිපතිවරණයකට ගිහින් දිනනවා…’ මේ යූ.ඇන්.පී. මහලේකම් පොඩි ආතල් එකක් ගන්න කිව්ව කතාවකි. 2020 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී. බලකොටුව වන කොළඹින් රනිල් ගත්තේ ඡන්ද 20,000ක් වැනි ගණනකි. ඒ ඡන්ද ගණන් කළේවත් නැත. සමගි ජන බලවේගයේ ලැයිස්තුවේ මනෝ ගනේෂන් ඡන්ද 62,091ක් ගනිද්දී රනිල් ගත්තේ 20,000ක් වගේ ගණනකි.

‘2020දී ඡන්ද 20,000ක් මනාප ගත්ත රනිල් 2024 ජනාධිපතිවරණය දිනන්න 20,000 ලක්ෂ 69ක් කරගන්නේ කොහොමද…?’

හිනාකන ප්‍රශ්නය ඒකය. 1994 විජේතුංග – රනිල් ෆ්‍රැන්සිස්කුකරණයෙන් වසර 17කට යූ.ඇන්.පී. ආණ්ඩුව බිඳවැටී පොදු පෙරමුණ බලයට ආවේය. චාල්ස්කරණයෙන් රනිල් කරන්න හදන්නේ වසර 30ක පොදු පෙරමුණු-එක්සත් ජනතා නිදහස් සන්ධාන-පොදුජන පෙරමුණු ආණ්ඩුව බිඳදමන්න යැයි කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නිදහස් සැමරුම අභිමානයෙන් සමරද්දී ‌මොන්ටිසෝරි ගාස්තු ගෙවාගන්න බැරිව ළමයි 37,500ක් ගෙවල්වල!

Next Post

මරදානේ අරගලකරුවන් ‌සොයා පොලිසිය සමාජවාදී පක්ෂ කාර්යාලයට කඩන් පනී! උණුසුම් තත්ත්වයක්! පොලිසිය බීලා ඇවිත් කියලා ‌ලොකු චෝදනාවක්! වීඩියෝව මෙන්න! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.