• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති SHADES ව්‍යාපාරිකයා මැරූ යුවළ පොලිසියෙන් හඳුනගනී! ජෝඩුව තවමත් රටින් පැනලා නෑ!

February 4, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ප්‍රකෝටිපති ෂාෆ්ටර් මැරුණා තවම අභිරහසක්! තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් නිවෙස ඇතුළෙම අබිරහස් ලෙස මැරිලා!
Share on WhatsAppShare on Facebook

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ තවමත් රට තුළ සිටින බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මාලයේ නාන තටාකය තුළ පුද්ගල මළසිරුරක් ඇති බවට තලංගම පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නම් 49 හැවිරිදි අයෙකි.

ඔහු මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

එම නිවස ඇතුළත කෙරුණු පරීක්ෂාවේදී එහි තිබී, රුධිරයට සමාන පැල්ලම් කිහිපයක්, භාවිත කරන ලද උපත් පාලන කොපුවක් සහ භාවිත නොකරන ලද උපත් පාලන කොපු දෙකක් ද පොලීසිය සොයා ගෙන තිබේ. 

එහිදී සොයාගත් බිල්පතක සඳහන්ව තිබී ඇත්තේ උපත් පාලන කොපු කළුබෝවිල රෝහල අසල ඖෂධ සැලකින් මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එම ඖෂධ සැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබුණි.

එහි සටහන්ව තිබී ඇත්තේ එම පුද්ගලයා පසුගිය 30වනදා පස්වරු 3.22ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති බවය.

එමෙන්ම ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමග එම නිවසට සුදු පැහැති මෙම මෝටර් රථයෙන් ගොස් ඇති බව ද පොලීසිය හෙළි කරගෙන තිබේ.

විමර්ශනවලදී පොලීසියට හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ මෝටර් රථය, ජංගම දුරකථනය හා ක්‍රෙඩ්ට් කාඩ් පත් කිහිපය ද අතුරුදන්වී ඇති බවය.

ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවය.

එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසයි.

අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන මෝටර් රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී ඇත.

ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙනි.

පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා තිබේ.

පසුව මෙම යුවළ මෝටර් රථය ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසය.

ඒ අනුව ඔවුන් ඒ අසලින් බැස ඇති අතර එහිදී රුපියල් 15,000ක මුදලක් එම රථයේ රියදුරුට ලබාදී තිබේ.

ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බව පොලීසිය පැවසීය.

පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවා, ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් වෙන්කර ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම යුවල තවමත් රටින් පිටව නොමැති බව පොලිසිය සැක පහළ කරයි.

මේ සම්බන්ධයෙන් ‌වැඩිදුර විමර්ශන පවත්වන පොලිසිය නුදුරු දිනයකදීම එම යුවල අත්අඩංගුවට ගැනීමට සූදානම් බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

මිලියන 186කට මොකද වුණේ? මැතිවරණ කොමිසමට ගහපු තවත් මඩක් ආපිට කැරකෙයි! VIDEO

Next Post

නිදහස් සැමරුම අභිමානයෙන් සමරද්දී ‌මොන්ටිසෝරි ගාස්තු ගෙවාගන්න බැරිව ළමයි 37,500ක් ගෙවල්වල!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.