• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමකාමී විරෝධතා නිර්දය ලෙස මර්දනය කරලා! ‌පොලිසිය-හමුදාව ගැනත් සඳහනක්! ලංකාව ගැන ජාත්‍යන්තරයෙන් තවත් පිටු 60ක අහිතකර වාර්තාවක් නිකුත් වෙයි!

February 4, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
සාමකාමී විරෝධතා නිර්දය ලෙස මර්දනය කරලා! ‌පොලිසිය-හමුදාව ගැනත් සඳහනක්! ලංකාව ගැන ජාත්‍යන්තරයෙන් තවත් පිටු 60ක අහිතකර වාර්තාවක් නිකුත් වෙයි!
Share on WhatsAppShare on Facebook

2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ “සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි,” මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි.

එම ආයතනය ඒ බව පවසන්නේ, අරගලය මර්දනය කිරීමට අදාළව නිකුත් කළ වාර්තාවක දත්ත පදනම් කර ගනිමිනි.

“Anatomy of a crackdown – The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව පිටු 60කින් සමන්විතය.

“පොලිසිය, හමුදාව සහ රජයට පක්ෂපාතී පිරිස් විසින් අතිමහත් ජනතාවට එරෙහිව සිදුකරන ලද බරපතළ හා ක්‍රමානුකූල මානව හිමිකම් කඩකිරීම් සවිස්තර වාර්තාවක්.” එමගින් සපයන බව පෙන්වා දී තිබේ.

“Anatomy of a crackdown - The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව
ඡායාරූප ශීර්ෂ වැකිය,“Anatomy of a crackdown – The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව

අරගලයට හේතු වූ කරුණු

කොළඹදී ආරම්භ වූ අරගලයට බලපෑ කරුණු පිළිබදව ද අදාළ වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

“ශ්‍රී ලංකා ආණ්ඩුවේ දීර්ඝ කාලීන ආර්ථික අවපාලනයත්, දූෂණය සහ ඥාති සංග්‍රහය කෙරෙහි වර්ධනය වූ මහජන අතෘප්තියත් අරගලය නමින් හැදින්වූ විරෝධතාවලට මුල පිරූ,” බව අදාළ වාර්තාව මගින් හදුනාගෙන තිබේ.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයේ (FIDH) මහ ලේකම් ඇඩිලර් රහ්මන් ඛාන් පවසන්නේ, “අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ සම්පූර්ණ දණ්ඩ මුක්තිය සහිත ප්‍රමිතීන් ක්‍රමානුකූලව උල්ලංඝණය කරනු ලැබූ,” බවය.

ඊට අමතරව, “නැවත අරගලයක් ඇති වීම වැළැක්වීම සදහා මිලිටරි බලය සහ හදිසි අවස්ථා බලතල භාවිත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී දුන් ප්‍රතිඥාව රතු එළියක් ලෙස සැලකිය යුතු,” බව ද මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ඔහු අවධාරණය කළේ, මේ පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාව සුපරික්ෂාකාරීව සිටින අතර විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ගරු කිරීමටත් රජයට බලපෑම් කිරීම අනිවාර්ය වන බවය.

සාමකාමී රැස්වීම් විසුරුවා හැරීමට අනවශ්‍ය බලය භාවිත කිරීම

සාමකාමී රැස්වීමේ නිදහස සදහා ජනතාවට ඇති අයිතිය උල්ලංඝණය කරමින් එවැනි රැස්වීම් විසුරුවා හැරීම සදහා බලධාරීන් විසින් සජීවී පතොරම්, කදුළු ගෑස්, ජල ප්‍රහාර ආදී අනවශ්‍ය හෝ අසමානුපාතික බලය නිතර භාවිත කිරීමේ රටාවක් දැකගත හැකි වූ බව අදාළ වාර්තාවේ සදහන් වේ.

ඊට අමතරව, පොලිසිය අරගලයේ ක්‍රියාකාරීන් සහ සංවිධායකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට “අධිකරණ හිරිහැර, බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් ඇතුළු හිරිහැර හරහා ක්‍රමානුකූල මර්දනයකට යටත් කළ,” බව ද එහි දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම

අරගලයට සහභාගි වූවන්ට සීමා පැනවීම සදහා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු නීිති අනිසි ලෙස භාවිත කළ බවට ද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

එහි දැක්වෙන්නේ, ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරන අතරතුර අරගලයේ විරෝධතාකරුවන්ට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගවීමක් නොමැති බවය.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) සමග ඒකාබද්ධව මෙම වාර්තාව සකස් කර තිබේ.

මෙම වාර්තාව පිළියෙල කිරීමේදී 2022 අගෝස්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයින් 42 දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා ද පදනම් කරගෙන ඇත.

FIDH යනු කුමක් ද?

1922 වසරේදී පිහිටුවන ලද පැරිස් නුවර කේන්ද්‍ර කර ගත් මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය ලොව පුරා රටවල් 116ක ක්‍රියාත්මක සාමාජික සංවිධාන 188ක් සමග ඒකාබද්ධ වී සිටී.

මෙමගින් එම රටවල ක්‍රියාත්මක සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමත්, සහය දැක්වීමත්, ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ගේ හඩට ඉඩක් ලබා දීමත් සිදුකෙරේ.

“Anatomy of a crackdown - The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව
ඡායාරූප ශීර්ෂ වැකිය,“Anatomy of a crackdown – The repression of Sri Lanka’s aragalaya protest movement,” නමැති එම වාර්තාව

අරගලයට හේතු වූ කරුණු

කොළඹදී ආරම්භ වූ අරගලයට බලපෑ කරුණු පිළිබදව ද අදාළ වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

“ශ්‍රී ලංකා ආණ්ඩුවේ දීර්ඝ කාලීන ආර්ථික අවපාලනයත්, දූෂණය සහ ඥාති සංග්‍රහය කෙරෙහි වර්ධනය වූ මහජන අතෘප්තියත් අරගලය නමින් හැදින්වූ විරෝධතාවලට මුල පිරූ,” බව අදාළ වාර්තාව මගින් හදුනාගෙන තිබේ.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනයේ (FIDH) මහ ලේකම් ඇඩිලර් රහ්මන් ඛාන් පවසන්නේ, “අරගලය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ සම්පූර්ණ දණ්ඩ මුක්තිය සහිත ප්‍රමිතීන් ක්‍රමානුකූලව උල්ලංඝණය කරනු ලැබූ,” බවය.

ඊට අමතරව, “නැවත අරගලයක් ඇති වීම වැළැක්වීම සදහා මිලිටරි බලය සහ හදිසි අවස්ථා බලතල භාවිත කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී දුන් ප්‍රතිඥාව රතු එළියක් ලෙස සැලකිය යුතු,” බව ද මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ඔහු අවධාරණය කළේ, මේ පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාව සුපරික්ෂාකාරීව සිටින අතර විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ගරු කිරීමටත් රජයට බලපෑම් කිරීම අනිවාර්ය වන බවය.

සාමාකාමී රැස්වීම් විසුරුවා හැරීමට අනවශ්‍ය බලය භාවිත කිරීම

සාමකාමී රැස්වීමේ නිදහස සදහා ජනතාවට ඇති අයිතිය උල්ලංඝණය කරමින් එවැනි රැස්වීම් විසුරුවා හැරීම සදහා බලධාරීන් විසින් සජීවී පතොරම්, කදුළු ගෑස්, ජල ප්‍රහාර ආදී අනවශ්‍ය හෝ අසමානුපාතික බලය නිතර භාවිත කිරීමේ රටාවක් දැකගත හැකි වූ බව අදාළ වාර්තාවේ සදහන් වේ.

ඊට අමතරව, පොලිසිය අරගලයේ ක්‍රියාකාරීන් සහ සංවිධායකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට “අධිකරණ හිරිහැර, බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් ඇතුළු හිරිහැර හරහා ක්‍රමානුකූල මර්දනයකට යටත් කළ,” බව ද එහි දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කිරීම

අරගලයට සහභාගි වූවන්ට සීමා පැනවීම සදහා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු නීිති අනිසි ලෙස භාවිත කළ බවට ද මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

එහි දැක්වෙන්නේ, ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරන අතරතුර අරගලයේ විරෝධතාකරුවන්ට කළ අපයෝජනයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගවීමක් නොමැති බවය.

මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) සමග ඒකාබද්ධව මෙම වාර්තාව සකස් කර තිබේ.

මෙම වාර්තාව පිළියෙල කිරීමේදී 2022 අගෝස්තු මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයින් 42 දෙනෙකු සමග කළ සම්මුඛ සාකච්ඡා ද පදනම් කරගෙන ඇත.

FIDH යනු කුමක් ද?

1922 වසරේදී පිහිටුවන ලද පැරිස් නුවර කේන්ද්‍ර කර ගත් මානව හිමිකම් සදහා වන ජාත්‍යන්තර සම්මේලනය ලොව පුරා රටවල් 116ක ක්‍රියාත්මක සාමාජික සංවිධාන 188ක් සමග ඒකාබද්ධ වී සිටී.

මෙමගින් එම රටවල ක්‍රියාත්මක සංවිධානවල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමත්, සහය දැක්වීමත්, ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ගේ හඩට ඉඩක් ලබා දීමත් සිදුකෙරේ. -BBC සංදේශය

SendShareShare
Previous Post

‘කොහේ තියෙන නිදහසක්ද’ මරදානේ විරෝධයට මහ රෑ පොලිසියෙන් බැටන් ප්‍රහාරයක්! පොලිසිය ගිය පසු මැරයෝ කණ්ඩායමක් ඇවිත් ආපහු ගහලා! ඊට පස්සේ පොලිසිය ඇවිත් ආයෙමත් ගහලා! VIDEOS

Next Post

සැබෑ නිදහස අත්කර ගැනීමට සියල්ලන්ම සම අයිතීන් ඇත්තන් සේ එක්වෙමු! නිදහස් දිනයට විපක්ෂනායක පණිවුඩයක් නිකුත් කරයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) හැර එහි සේවයේ නිරතව සිටි අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම කොට්ඨාසයෙන්...

Read more
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper