• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා! සාක්ෂි පසුව සකස් කරලා! රාජ්‍ය දේපොළට හානි කළ බවක් හෝ අනර්ථයක් කළ බවක් පෙනී යන්නේ නෑ! පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවක් පහරදුන් බවක් මුල් සාක්ෂිවල නෑ! ‌මෝටිවේෂන් අප්පච්චිගෙයි ගැමුණු විජේරත්නගේයි කතා හුදු ප්‍රකාශ! වසන්තව නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් ඓතිහාසික තීන්දුව මෙන්න!

January 31, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා! සාක්ෂි පසුව සකස් කරලා! රාජ්‍ය දේපොළට හානි කළ බවක් හෝ අනර්ථයක් කළ බවක් පෙනී යන්නේ නෑ! පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවක් පහරදුන් බවක් මුල් සාක්ෂිවල නෑ! ‌මෝටිවේෂන් අප්පච්චිගෙයි ගැමුණු විජේරත්නගේයි කතා හුදු ප්‍රකාශ! වසන්තව නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් ඓතිහාසික තීන්දුව මෙන්න!
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

සැකකාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීම පිළිබඳ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබා දුන්නේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක විරෝධතාවල නිරතවෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකර ඇති බවට තොරතුරු සඳහන් වන බවය.

එමෙන්ම සැකකරු විශාල මුදල් පරිහරණයක නිරත වී තිබෙන බවත් එම සාක්ෂි සම්පිණ්ඩනවල සටහන් වන බවද මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.

වැඩිදුරටත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ, “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිත කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය එම පනත භාවිත කළ අවස්ථා නිරීක්ෂණය කළ හැකියි. මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයින් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.” 

“මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමී ආකාරයෙන් පැවතුණත් සැකකරු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඊට එක්වීමත් සමගම එය ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වසන්ත මුදලිගේ නමැති සැකකරු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් අනාවරණය වන්නේ නැහැ.” 

“ඒ වගේම ගැමුණු විජේරත්න නමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා. එහෙත් පොලීසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළ ද එම විමර්ශනවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පවත්වමින් මූදල් ලබා ගත් බවත් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා” 

ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් සැකකාර වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් අනාවරණය නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළේය.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා,

“සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකු ඇදගෙන ගොස් පහර දුන් බවට සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන්වරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළා. එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ සැකකරු විසින් කළැයි කියන එවැනි පහරදීමක් ගැන සඳහන් කර නැහැ.” 

“එම පහරදීම සිදුවුණ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් සිට ඇති බව සාක්ෂිවල සඳහන් වෙනවා. එවැනි පහරදීමක් සිදු වුණා නම් අනෙක් නිලධාරීන්ද එය දැක තිබිය යුතුයි. එහෙත් වෙනත් කිසිදු පොලිස් නිලධාරියෙකු එවැනි පහරදීමක් සිදුවූ බව සඳහන් කර නැහැ.” යනුවෙන් සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා එම සාක්ෂිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද සාක්ෂියක් වශයෙන් පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපළවලට පහර දී අලාභහානි සිදුකිරීම, මංමාවත්වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් අනාවරණය නොවන බවය.

එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරය ප්‍රකාශ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

“සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසල දී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නමැති නිලධාරියාට බැනවදිමින් මරණීය තර්ජන එල්ලකර ඇති බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන සඳහන් කර තිබෙනවා. එහෙත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ.” 
“එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් පොලිස් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුයි.” එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂිය ද මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් යැයි මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.

එම සියලු කරුණු පිරික්සීමේදී සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 සහ 3 යන වගන්ති යටතේ වරදක් සිදුකිරීමට අනුශාසනා කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබලදීම සිදුකළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා‍ ඒ අනුව සැකකාර වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේ දී සිය නියෝගය තුළින් සඳහන් කර සිටියේය.

SendShareShare
Previous Post

මුළු රටක් අන්දපු මහා බොරුව හිතුමතේ ජීවිතේ…

Next Post

ඔබ ගෙදර යන විට, ඔවුන්ට අප ගැන කියන්න, ඔබේ හෙට දවස සඳහා, අපේ ජීවිතය දුන් වග… නැවතත් එවන් අඳුරු යුගයක් නොපතමු…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.