• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තරු කැකුළ එනතුරා මඟ බලන තරු කුමරා

August 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
තරු කැකුළ එනතුරා මඟ බලන තරු කුමරා
Share on WhatsAppShare on Facebook

තාරුණ්‍යයේ සිහින කුමාරයා නමින් හඳුන්වන රොෂාන් රණවන රංගන ශිල්පියකු මෙන්ම නිරූපන ශිල්පියකුද වේ. සැබෑ ජීවිතයේ රොෂාන්ව පෙම්වතා බවට පත්කර ගත්තේ කුෂ්ලානි. ඔහු වැලි කෙළියේ සිට පෙම් බැන්දේ කුෂ්ලානිටයි. ඔහුට ඇය ළඟම මිතුරියක විය. පසුව එය ආදරයක් බවට පත්වුණේ 2014 අගොස්තු 01 වැනිදා. දෙදෙනා විවාහ දිවියට එළැඹුණේය. ඇය වෘත්තියෙන් ගණකාධිකාරිවරියකි. ඒ ආදරබර යුග දිවියට දැන් වසර 05ක් ගෙවී ගොසිනි. ආදරයෙන් පිරුණු කැදැල්ලට තුන්වැන්නකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔවුන් දෙදෙනා පෙරුම් පුරමින් බලා සිටින බවට ලැබුණු ආරංචියක් අනුව අප රොෂාන්ගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමු.
දෙන්නා තුන්දෙනා වෙන්න යනවාලු නේද?
ඔව්. මේ දවස්වල අසාවෙන් ඒකට ලෑස්ති වෙනවා.
අලුත් සමාජිකයා ආවාම මොනවද අලුත් බලාපොරොත්තු?
එහෙම දෙයක් නැහැ ඉතින්. මවුපියන් හැටියට අලුතෙන් එන කෙනාව රටට ප්‍රයෝජනවත් පුරවැසියෙක් කිරීමට තමයි බලාපොරොත්තුව.
රොෂාන් ආස දුවෙක්ටද? පුතෙක්ටද?
එහෙම දෙයක් නැහැ. ඇත්තටම එන කෙනාව සතුටින් භාර ගන්නවා. පළවෙනි බබානේ. එන ඕනෙම කෙනෙක්ට කැමැතියි.
සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් ආස දුවෙකුට නේද?
ඔව්. අනිවාර්යෙන්ම. මමත් දුවෙක්ට කැමැතියි. ඒත් ඉතින් බලමු දුවෙක්ද පුතෙක්ද එන්නේ කියලා.
දැන් මාස කීයද?
ඒක අපි පොඞ්ඩක් නොකියා ඉමු. ඉතා ඉක්මනින් හම්බවෙනවා.
ස්කෑන් පරීක්ෂණයකින් පුතෙක්ද දුවෙක්ද කියලා දැනගත්තෙ නැද්ද?
තාම ඒක සර්ප්‍රයිස් එකක්.
රොෂාන් හිතන්නේ දරුවෙක් බිහිකරද්දි මවුපියන්ගෙ වගකීම වෙන්න ඕනෙ මොකක්ද?
හදන්නන් වාලේ හදලා වැඩක් නැහැනේ. අද සමාජයේ එහෙම ප්‍රතිඵලනේ දකින්න ලැබෙන්නෙ. රටේ ප්‍රශ්න, කලකෝලාහල වෙන්නෙත් ඒකයි. පාලනය පැත්තෙන් බැලුවත් නරක අය ඕනෑවට එපාවට හදපු ළමයි තමයි නරක දේ කරන්නේ. හොද පුරවැසියෙක් බිහිකරන්න බැරිනම් මට දෙමාපියන්ට කියන්න තියෙන්නේ දරුවෝ හදන්න එපා කියලා තමයි.
බබා ලැබුණාට පස්සේ කුෂ්ලානි රැකියාවෙන් සමුගන්නවාද?
දැනටමත් රැකියාවෙන් සමුඅරන් තියෙන්නේ. ඉදිරියට රැකියාවක් කරන්නෙත් නැහැ.
මේ දවස්වල මොනවද ක්ෂේත්‍රයේ වැඩකටයුතු?
මේ දවස්වල ‘ඉත්තෝ’ 3 වැනි සීසන් එකේ රූපගත කිරීම් කරනවා.
කුෂ්ලානිව රොෂාන්ට හම්බවෙන්නේ වැලිකෙළියේ සිට නේද?
ඔව්. වැලිකෙළියේ ඉඳන් හමුවුණු කෙනා ආදරවන්තිය වෙලා පසුව විවාහ වෙලා ඉන් පස්සෙ දෙමව්පියන් වෙන්න ලැබීම ගොඩාක් වාසනාවක්. සතුටක් දැනෙනවා. ඒක හරියට චිත්‍රපටයක් වගේ.
මොකද හිතෙන්නෙ ආදරේ ගැන?
ප්‍රථම ප්‍රේමය විවාහයකින් අවසන් කිරීමට ලැබීම සතුටක්.
ඇය කතෝලික. ඔබ බෞද්ධ. ආගම් දෙකක නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද
එහෙම කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා නැහැ. අපි හැදුණේ වැඩුණේ අපේ ගෙදර ආගම් දෙකක වුණාට අපි පන්සලුත් යනවා. පල්ලිත් යනවා. වෙසක්, පොසොන්, නත්තල් අපි වෙනසක් නැතුව සමරනවා.
ඇත්තද ඔබ දෙදෙනාම නිර්මාංශයි කියන්නෙ?
ඔව්.
ජනප්‍රිය තරුවකට උත්සව අවස්ථා කෙළවරක් නැහැ. නර්මාංශ වෙලා ඒ උත්සවවල කෑම තෝරා බේරා ගන්නේ කොහොමද?
මෙහෙමයි. සමහර උත්සවවලට යනකොට කෑම තියෙනවා. සමහර ඒවායේ අපිට කෑම නැහැ. එතකොට අපි ඒවාට හැඩගැහෙනවා. සමහර වෙලාවට නොකා ඉන්නවා. අවුරුදු 22ක් තිස්සේ එහෙම තමයි. සමහර වෙලාවට බඩගින්නේ හිටපු අවස්ථාත් තියෙනවා.
මොනවද මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට ඔබව දැකගන්න පුළුවන් අලුත් නිර්මාණ?
සියත ටීවී එකේ ‘ඉත්තෝ’ ටෙලිනාට්‍යය බලන්න පුළුවන්. ඒ වගේම ‘ගෝරි’ චිත්‍රපටය දින 50 පසුකරලා. ‘සුභා තෙරණියෝ’ චිත්‍රපටයත් තිරගත වුණා. එන්න තියෙන චිත්‍රපට ‘ෆේස් ටු ෆේස්’, ‘අඳුරු සෙවණැලි’ සහ ’සික්‍රට් ඔෆ් ද රෝස්’.
පෙම්වතාගේ චරිතෙන් මිදිලා දුෂ්ටයෙක් වුණාලු නේද?
නැහැ. එහෙම දකින්න වෙන්නේ ‘ෆේස් ටු ෆේස්’ සහ ’ගෝරි’ කියන චිත්‍රපටවලින්. ඒ කියන්නේ මට ලැබුණු අවස්ථා එක්ක හැමදාම පෙම්වතාගේ චරිත තමයි කළේ. ඒත් එකම රාමුවේ ඉන්න බැහැනේ. මගේ දක්ෂතා පෙන්වන්න නම් විවිධ චරිත කරන්න ඕනේ.
සිංගප්පූරු ගිහින් මොනවද කළේ?
අපි සිංගප්පූරු ගියේ ස්ටාර් ෆ්‍රෙන්ඞ්ස් එක්ක. එකේ සබ්ස්ක්‍රයිබ් කරන අයට තමයි අවස්ථාව හිමිවෙන්නේ. මට කැමති අයගෙන් තෝරාගත්ත පිරිසක් එක්ක තමයි සිංගප්පූරු ගියේ. යුනිවර්සල් ස්ටූඩියෝ ගිහිල්ලා එකේ රයිඞ්ස් තියෙනවා. දවසක් ස්ටූඩියෝ එකේ ෆෑන්ස්ලාත් එක්ක ගතකළා.
බබෙක් ලැබෙන්න ඉන්න අවස්ථාවක දුක හිතුණේ නැද්ද කුෂ්ලානිව තනියෙම ගෙදර දාලා සිංගප්පූරු යන්න?
අනිවාර්යෙන් දුක හිතුණා. මම රූපගත කිරීම්වත් මේ දවස්වල භාරගත්තේ නැහැ. කලින් භාරගත් වැඩ කරන්නේ. මේ ආරංචිය ලැබුණු දවසේ ඉදලා ගෙදර හිටියේ. සිංගප්පූරු යුනිවර්සල් ස්ටූඩියෝ එකට ගිය ගමනත් නිවාඩුවක් ගතකරන්න ගිය එකක් නෙවෙයි. රාජකාරි ගමනක්. පැහැරහරින්න බැරි නිසා ගියා. ළඟදි අලුතෙන් දේවල් භාරගත්තෙත් නැහැ.
රොෂාන්ට පුජා ගැන ආදරයක් කවදාවත් හිතිලා නැද්ද?
කවදාවත් හිතිලා නැහැ. කුෂ්ලානිට පස්සේ පුජාව හම්බවෙන්නේ. කුෂ්ලට තමයි ආදරේ කළේ.
පුජා උමාශංකර් වගේ ලස්සන තරුණියක් එක්ක රගපානකොට කුෂ්ලානිට ඉරිසියා හිතිලා නැද්ද?
නැහැ. කවදාවත්ම නැහැ. ඒක මම 100%ක්ම දන්නවා. මොකද සිනමා ක්ෂේත්‍රයට එනකොටත් අපි දෙන්නා යාළුවෙලා හිටියේ. ඉරිසියා හිතෙන කෙනෙක් නම් මේ ක්ෂේත්‍රයට එන්න දෙන්නේ නැහැනේ.
රොෂාන්ට විශේෂයෙන් කියන්න තියෙන්නේ මොනවද?
ප්‍රෙක්ෂකයන්ට කියන්න තියෙන්නේ මම සිනමා රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා. මට ආදරේ කරන පිරිසක් ලංකාවෙත් ලෝකේ හැම තැනමත් ඉන්නවා. මගේ ආදරේ ඒ අයත් එක්ක බෙදාගන්න ලැබීම ගැන ගොඩාක් අයට ස්තුතිවන්ත වෙනවා සහ කපල් එකක් විදියට අපි දෙන්නාට ආදරේ කරන බොහො පිරිසක් ඉන්නවා. ඒ ලැබෙන ආදරේට අපි ගොඩාක් ආදරෙයි.
නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පුරවැසිකම ඉවත්කර ගැනීමෙන් ‌ගෝඨා පාස්ද? ‌‌පේල්ද?

Next Post

2015 එජාප ජනපති ‌කෙනෙක් ‌කෙස් ගහෙන් මිස්වුණු හැටි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.