• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කස්ටමර් කින්ග්ද? නොදකින්ද? ප්‍රසිද්ධ රෙදි කඩේ මරාගත්ත එක හරිද?

January 30, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කස්ටමර් කින්ග්ද? නොදකින්ද? ප්‍රසිද්ධ රෙදි කඩේ මරාගත්ත එක හරිද?
Share on WhatsAppShare on Facebook

බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන් ප්‍රකට රෙදිපිළි අලෙවි සලේ සිදුවීම සම්බන්ධයෙන් සහ එතැන මොකක්ද සිද්ධ වුණේ කියන එක ගැන දැන් සියලු දෙනාම දන්නවා. ඒ නිසා අපි තවදුරටත් අදාළ ආයතනයේ නම ගම නොකියා ඉඳීමෙන් ලැබෙන සදාචාරාත්මක වාසියක් නෑ. නමුත් ඒ ආයතනයේ නම සඳහන් කිරීම නිසා යම් හෙයකින් ඔවුන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවෙනවා නම් අපි මුලින්ම ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම කියවන ඔබෙනුත් අපි ඉල්ලා සිටිනවා හවුස් ඔෆ් ෆැෂන් රෙදිපිලි අලෙවිසල සම්බන්ධයෙන් 100%ක් මේ මතයේ ඔබ සිටිය යුතු නෑ කියලා. ඔවුන් ඉතා සුහදශීලී කාර්යමණ්ඩලයක් ලෙස කටයුතු කරන අවස්ථා අප දැක තිබෙනවා. ඒ නිසා මේ කාරණාවේදී ඔවුන් පිළිබඳ ඇතිකරගන්නා හිත් තැවුල වැඩිදුර රැගෙන යා යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඔබ.

මේ සිදුවීමේ අලුත්ම තත්ත්වය ලෙස වාර්තා වෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවය කරන ආරක්ෂකයන් දෙදෙනකුට ව්‍යාපාරිකයකු විසින් යම් චෝදනාවක් කළ බවයි. එම චෝදනාව මොන ආකාරයෙන් සිද්ධ වුණාද, ඔහු බැණවැදුණාද, අමනාප වන ආකාරයේ යමක් කිව්වාද යන්න අපි දන්නේ නෑ. නමුත් යම් කිසිවක් ඔහු කියා ඇති බව අපට වාර්තා වෙනවා. මෙම සිදුවීමත් එක්ක ඇතිවූ යම් උරණවීමක් මෙසේ දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වූ බව තමයි වාර්තා වෙන්නේ. මෙම ගැටුමේදී හවුස් ඔෆ් ෆැෂන්හි සේවයේ නියුතු කිහිප දෙනෙක්ම එකතු වෙලා ඔහුට පහර දෙන ආකාරය අපි දකිනවා. ඔහුත් මේ අයට පහර දීමට පැමිණෙන ආකාරය අපි දකිනවා. මේ සිදුවීමේදී දැන් චෝදනාව එල්ල වෙලා තියෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවකයන්ට. සේවකයන් ලෙස හඳුන්වන්නේ ඔවුන්ගේ රාජකාරිය කරන අය. ඔවුන්ට කිසිසේත්ම අයිතියක් නැහැ තමන්ගේ පාරිභෝගිකයාට පහර දෙන්න. පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කිරීමයි ඔවුන්ගේ වගකීම වන්නේ. මෙම පාරිභෝගිකයාගේ හැසිරීම මොන වගේද කියන්න අපි දන්නේ නැහැ. පාරිභෝගිකයෙක්ටත් ආයතනික වගකීමක් නැති වුණත් ඔවුන්ට මානුෂීය වගකීමක් තිබෙනවා මේ ආයතනයේ සේවකයන්ට මනුෂ්‍යයන් විදියට සලකන්නට. ඔවුන් එසේ කළාද නැද්ද යන්න අපි දන්නේ නෑ. නමුත් අපි බොහෝ තැන්වලදී දකින කාරණයක් තමයි විශාල ආයතනවලට උජාරුවට යන ලොකු ලොකු මිනිස්සු එහි ඉන්න කුඩාම සේවකයන්ට දරුණු ලෙස තර්ජනය කරන හැටි, චෝදනා කරන හැටි, ඔවුන් අපහසුතාවට පත්කරන හැටි. මේ සේවකයන් මෙහි රැකියාවේ නිරතව ඉන්නේ තමන්ට ජීවත් වීම සඳහා මුදලක් උපයා ගැනීම සඳහායි. නමුත් ඔවුන් මනුෂ්‍යයන් වග අප සියලු දෙනාම සිහි තබාගත යුතු කාරණයක් වනවා. බොහෝ විට බොහෝ දෙනකුට එවැනි කාරණා අමතක වීම කනගාටුදායක කරුණක්. අප දැක තිබෙනවා ඇතැම් අවස්ථාවලදී මේ ආකාරයෙන් සේවකයන් ඉතා පහත් තත්ත්වයට දමමින් ඇතැම් අය කටයුතු කරන ආකාරය. නමුත් මෙහිදී එවැන්නක් සිදුවුණාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. ඒ වගේම බොහෝ ආයතන අපි දකිනවා ඒ ආයතනවල සේවකයන් තමන්ගේ පාරිභෝගිකයාව තුට්ටු දෙකට දාලා, ඔහුව අපහසුතාවට පත්කරලා, ඔහුට උදව් නොකර කටයුතු කරන ආකාරයන්. මේ සිද්ධිය සිදුවුණේ කොහොමද කියන එක ගැන අපට තවමත් පූර්ව නිගමනයකට නිශ්චය කිරීමකට පැමිණීමට හැකියාවක් නෑ. නමුත් අපට එක දෙයක් නම් පෙනෙන්න තිබෙනවා. පහුගිය කාලයේ නෝ ලිමිට්, ෆැෂන් බග් වගේ රෙදිපිලි අලෙවිසල්වලට විශාල වශයෙන් එල්ල වුණා විවිධ චෝදනා. මෙවැනි සිදුවීමක් ඔවුන් අතින් සිදුවුණා නම් එයට ජාතිවාදය ගාවා ගැනීමට සමහර දේශපාලකයෝ බලාගෙන ඉන්නවා. ඔවුන් ජාතිවාදය අවුලලා, රෙදිපිලි අලෙවි සල්, ඇතැම් ව්‍යාපාර සම්පූර්ණයෙන් කඩාවැට්ටවීමට කටයුතු කළ ආකාරය අපි දැක්කා. නමුත් එය සාධාරණ වැඩක් කියලා අපි කිසිසේත් විශ්වාස කරන්නේ නෑ. මොකද රටක ජාතිය ආගම කුලය මත පදනම් වෙලා ව්‍යාපාර පවත්වාගෙන යනවා නම් එය ඉතා බරපතළ ප්‍රශ්නයක් බවට පත්වේවි. අපි දන්න තරමින් විය යුත්තේ එය නොවෙයි. ව්‍යාපාරිකයා කවුරු වුණත්, ව්‍යාපාරිකයෙක්. සේවකයා කවුරු වුණත් සේවකයෙක්. පාරිභෝගිකයා කවුරු වුණත් පාරිභෝගිකයෙක්. මේ සියල්ල ගැන සැලකිලිමත්ව, මේ සියල්ල ගැන උනන්දුවෙන්, මේ සියල්ල ගැන කැමැත්තෙන් අප කටයුතු කළ බවයි අපේ විශ්වාසය. එසේ නොවුණහොත් බොහෝ විට ගැටුම් උත්සන්න වෙලා ඒවා නරක අතට හැරෙන්න ඉඩ තිබෙනවා. මේ ව්‍යාපාරය සම්බන්ධයෙනුත් සිදුවුණේ එවැන්නක්. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් ඉන්නවා හවුස් ඔෆ් ෆැෂන් අලෙවිසලේ සේවයේ නියුතුව සිටි සේවක මහතුන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා පුද්ගලයෙක් පැමිණ තමන්ට පහරදුන් බවට. ඔහු නීතිඥයකු මාර්ගයෙන් පැමිණ මේ වන විට පොලිසියට භාරවී තිබෙනවා. නීතිය පසිඳලීමේ කාර්යය ඒ ආකාරයෙන් සිද්ධ වෙමින් තිබෙනවා.

රටක ව්‍යාපාර තමයි ඒ රටේ ආර්ථික ශක්තිය වන්නේ. විශේෂයෙන් මෙවැනි අලෙවිසල්වලට වැඩිපුර පැමිණෙන්නේ විදේශිකයන්. ඒ ව්‍යාපාරවල ප්‍රධාන ඉලක්ය වන්නේ විදේශිකයන්. ඒ ආකාරයට විදේශිකයන් ඉලක්ක කරමින් පවත්වාගෙන යන ව්‍යාපාරවල සේවකයන් කටයුතු කරන්නේ මෙවැනි නොහික්මුණු ආකාරයට නම්, මේ ව්‍යාපාර කඩාබිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම මෙවැනි කාරණා නිසා අපේ සංචාරක කර්මාන්තයටත් එයින් හානියක් වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම එවැනි ස්ථානවලට රෙදිපිලි මිලදී ගන්න යන පාරිභෝගිකයන්ටත් වගකීමක් තිබෙනවා ඔවුන් මේ නැතිකර දමන්නේ එම ව්‍යාපාරික කීර්ති නාමය පමණක් නම් ඔවුන් සිතා සිටිනවා නම් එය වැරැදියි. එයින් නැති වෙන්නේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ කීර්ති නාමයටත් වඩා, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කීර්ති නාමයයි. ඒකට හේතුව වන්නේ ඔවුන් නිතර යනෙන අලෙවි සලක මෙවැනි ගැටුමක් දුරදිග යෑම, පොලු අරගෙන පහර දෙන ආකාරය සමාජ ජාලගත වීම යන මේ සියල්ලත් එක්ක බොහෝ පුද්ගලයන් පූර්ව නිගමනයකට පැමිණෙනවා ශ්‍රී ලාංකිකයන් දැන් සිටින්නේ මේ තත්ත්වයේ කියලා. ඒකට හේතුව ඉතාම ඉහළ ආගන්තුක සත්කාරයක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදය නිසා රිදිලා, ශ්‍රී ලාංකිකයන් විශාල පීඩාවකට පත්වෙලා ඉන්න වග ඔවුන් සිතීම. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයකදී රටකට මුහුණ දෙන්න සිද්ධ වෙන භයානක අර්බුදයක් ගැන අපි ඔබට ඉඟි පළකරන්නේ. අපි රටක් විදියට ඉදිරියට යෑමට නම් මෙවැනි ව්‍යාපාරික ගැටුම්වලදී මීට වඩා කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම මේක බැරි වෙලාවත් වෙන කඩේක වුණා නම් ඒක කොහොම ජාතිවාදයකට ඈඳා ගනීද කියන එක ගැනත් අපි කතා කළ යුතුයි. මක්නිසාද යත් හෙට එවැන්නක් සිදුවිය හැකි නිසා, ජාතිවාදය අපේ රටේ දේශපාලකයන්ගේ ඉනිමඟක් නිසා, ඔවුන්ට එගොඩ වෙන්නට තනාගත් පාලමක් නිසා එවැනි පාලමක් හෙට කවුරුන් හෝ කෙනෙක් රැගෙන ඇවිල්ලා එගොඩ මෙගොඩ යාවෙන ඔවුන්ගේ ස්වර්ග රාජ්‍යයේ සිහින දොරටුව බවට පත්කර ගන්නට බැරිකමක් නැති නිසයි. කුමක් වුවත් හෙට එතරම් සොඳුරු නැති බව අපි දන්නා කාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා හවුස් ඔෆ් ෆැෂන් බිඳ නොවැටෙන්නටත්, පාරිභෝගික විශ්වාසය බිඳ නොවැටෙන්නටත්, සංචාරක කර්මාන්තය බිඳ නොවැටෙන්නටත් මෙය හේතු වේවි කියලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රැල්ලටයි බොරුවටයි අහුවෙලා එක පාරක් රට බංකොලොත් කරගත්තා! දැන් 74ක ඉතිහාසයක් ගැන කියමින් රට බංකොලොත් කිරීමේ දෙවන පියවර පටන් අරන්! අහුවෙන්න එපා! අපි ලෑස්තියි රටට ඩොලර් ‌ගේන්න! සජිත් අම්බලන්තොටට එයි! VIDEO & PHOTOS

Next Post

හොරු අල්ලන්න.. හොරා කාපු සල්ලි ගේන්න.. දරුවො විනාශ කරන කුඩු උවදුර නැති කරන ඊළඟ ආණ්ඩුවේ වගකීම යුද්ධය දිනාපු වීරයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට! සජිත් ජනතාවට පොරොන්දුවක් දෙයි! VIDEO

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.