රැල්ලට සහ බොරුවට මුලාවී එක් වතාවක් මේ රට බංකොලොත් කරගත් බවත්,නැවතත් ඇතැමුන් මිරිගුවක් පෙන්වමින් රට බංකොලොත් කිරීමේ ඊළඟ පියවර ආරම්භ කොට ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන්නේ ඩොලර් බවත් ඒ වෙනුවෙන් සුවිශේෂී සැලසුමක් අවශ්‍ය බවත් පැවසීය.
ආණ්ඩුව ප්‍රතිපාදන නැති බවත්,වැඩ කිරීමට නොහැකි බවත්,රට බංකොලොත් බවත් පවසමින් නිදහසට කරුණු සොයද්දී සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කළ බවද පැවසීය.
ඇතමුන් අද තමන් අලුත් යැයි කියමින් 74 ක ඉතිහාසයට චෝදනා එල්ල කළත් ඔවුන්ද මේ රටේ ආණ්ඩුවල මැති ඇමැතිකම් දරා ඇති බව විපක්ෂ නායකතුමා සිහිපත් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද අම්බලන්තොට දී පැවති ජන හමුවක් අමතමිනි.