ආණ්ඩුව මොන ගේම් ගැසුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දැන් වැළැක්විය නොහැකි බවත්, අලුත් කොමිසමක් පත් කළද මාර්තු 20ට පෙර ඡන්දය පවත්වා අවසන් කළ යුතු බවත් නීතීඥ සුනිල් වටගල මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් මහත්මිය ඉල්ලා අස්වූ හේතුව රටට අනාවරණය කළ යුතු බවත්, එම ලිපිය රටට පෙන්විය යුතු බවත්ය.
ආණ්ඩුව මේ කරන්නේද ‘හපුහින්න ඩ්‍රාමා’ එකම බවද ඒ මහතා කියා සිටියේය.










