එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව ඔවුන් සමග සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණ බව දැනගන්නට තිබේ.
අද සවස 2.30ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.










