• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටුවෙන් කෝට්ටෙට රජගෙදර අරන් ඇවිත් චන්ද්‍රිකාට කරන්න බැරි වුණ දේ රනිල් කරයිද?

January 24, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කොටුවෙන් කෝට්ටෙට රජගෙදර අරන් ඇවිත් චන්ද්‍රිකාට කරන්න බැරි වුණ දේ රනිල් කරයිද?
Share on WhatsAppShare on Facebook

ලංකාවේ කොතරම් ගෙවල් තිබුණත් රජගෙවල් ඇත්තේ එකකි. ඒ එකම රජ ගෙදර පිහිටා ඇත්තේ කොටුවේය. අද පර්චසය කෝටි ගණනින් මිල නියම වුවද කොටුවේ රජගෙදර ඉදිකර ඇත්තේ සොහොන් පිටියක බව බොහෝ දෙනා දන්නේ නැත. සොහොන් පිටියක් කීවට එය නිකම්ම නිකම් සොහොන් පිටියක් නොව රාජකීය සොහොන් පිටියකි. ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය සතු වූ එම සොහොන් බිමේ පෘතුගීසින් කිරුළු පැලඳවූ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මිහිදන් කරන ලද බවත්, පසුව එය ඉන් ඉවත් කර වෙනත් තැනක මිහිදන් කළ බවත් කියැවේ. අද අප දකින රජ ගෙදර මුල් ඉදිකිරීම කළේ අදින් සියවස් ගණනකට පෙර ලන්දේසින් විසිනි. මේ රජ ගෙදර මුල්ම පදිංචිකරුවා වූයේ ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක්ය. ඔහුගෙන් අනතුරුව බි්‍රතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරුන් තිස්දෙනෙක් මේ රජගෙදර සිය වාසභවන කරගත්හ. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයේ ඩොමිනියන් තත්ත්වයෙන් මිදුණු පසු මේ රජ ගෙදර නම ජනාධිපති මන්දිරය ලෙස වෙනස් වූයේය. එතැන් සිට නාමමාත්‍රික ජනාධිපතිවරයෙක්ද, පූර්ණ බලැති විධායක ජනාධිපතිවරු හත්දෙනකුටද නිවහන වූ මේ මන්දිරය ලෝකයේ අවධානය වැඩි වශයෙන් දිනාගත්තේ මීට මාස කිහිපයකට පෙර අරගලකරුවන් එය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමෙන් පසුවය.

රජ ගෙදර පැටිකිරිය මේ තරමට ලඝුකර ඔබට කියන්නේ පසුගිය අරගල සමයේ එහි තිබී අතුරුදන්වූ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ගැන කතා කරන්නටදැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ලියුම්කරු උත්සාහ ගන්නේ එවැන්නකට නොව තවත් රජගෙයක් සාදන්නට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය සහ ඒ හා බැඳුණු අතීතා කතා ඔබට කියන්නටය.

අතීත රජ දවස ලංකාවේ රජවරුන් සිය රාජධානි තැනින් තැනට මාරු කළ බව ප්‍රකට කරුණකි. ඊට ප්‍රධාන හේතුව වූයේ කලින් කලට එල්ලවූ සතුරු ආක්‍රමණයන්ය. මහාවංශයට අනුව අනුරාධපුරය, පොළොන්නරුව, යාපහුව, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ ආදී තැනින් තැනට සංක්‍රමණයවූ ලංකාවේ රාජධානි අවසානයේ නතර වූයේ සෙංකඩගල පුරයේ මහනුවරිනි. මේ සෑම රාජධානියකම වෙන වෙනම රාජ මලිගාව ඉදිවීම එකල සම්ප්‍රදාය විය. එහෙත් මෑත භාගයේ ලංකාවේ පරිපාලන අගනුවර කොළඹ සිට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරයට මාරු වූ මුත් රජගෙදර වෙනස් වූයේ නැත. එය කොටුවේ තිබූ තැනම තිබිණි. ලංකාවේ අගනගරය කොළඹින් ජයවර්ධනපුරයට ගෙනගිය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරක් දළදා වහන්සේ ජයවර්ධන පුරයට වැඩම කරවන්නට උත්සාහ ගත්තේය. මහ නාහිමිවරුන් ප්‍රමුඛ බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා එම උත්සාහය ව්‍යර්ථව ගියේය. දළදාවට අත තබන්නට උත්සාහ ගත්තද ජේ.ආර්. කවදාවත් රජගෙදර, කොටුවෙන් ජයවර්ධනපුර කෝට්ටේට ගෙනයන්නට උත්සාහ ගත්තේ නැත.

ජේ.ආර්., ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන ජනපතිවරුන්ගේ ඇවෑමෙන් ලංකාවේ ජනාධිපති ධුරයට පත්වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. ඇගේ පාලන කාලයේ කොටි සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියා උපරිම තලයට ගෙන එමින් තිබිණි. ඒ වන විටත් රන්ජන් විජේරත්න, ආර්. ප්‍රෙමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ඇතුළු දේශපාලන නායකයන් රැසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ ඝාතනය වී තිබීම නිසා ජනාධිපති චන්ද්‍රිකාගේ ආරක්ෂාවද බරපතළ අර්බුදයකට ලක්වෙමින් තිබිණි. ඊට පිළියම ලෙස ජනාධිපති ආරක්ෂක අංශය කළේ ජනාධිපතිනිය එළියට බසින වාරයක් පාසා ඇය ගමන් කරන මාර්ග මහජනයාට වසාතැබීමය. මේ ක්‍රියාව මහජනයා දැඩි කෝපයට පත්කිරීමට සමත් වූ අතර එය ඒ වන විටත් වේගයෙන් පහත වැටෙමින් තිබූ චන්ද්‍රිකාගේ ජනප්‍රියභාවය නැත්තට නැති කරන්නට සමත් වූයේය. දිනපතා පුවත්පත්වල ඒ සම්බන්ධ ලිපි පළවන්නට විය. විකල්ප ධාරවේ පුවත්පත් ඊට දැඩි විවේචන එල්ල කරන්නට විය. වරක් ‘ලක්බිම’ ඉරිදා සංග්‍රහයට ලිපියක් ලියන හිටපු ගුවන් හමුදාපතිවරයෙක් වූ හැරී ගුණතිලක ජනාධිපතිනියට මාලදිවයිනේ පදිංචි වන්නයයි යෝජනාවක්ද ගෙන ආවේය.

එවක ජනාධිපතිනිය වාසය කළ කොටුවේ ජනාධිපති මන්දිරය නොහොත් රජ ගෙදර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට ගෙන යෑමට යෝජනා වන්නේ මෙවන් පසුබිමකය. එහිදී යෝජනා වෙන්නේ ජනාධිපති මන්දිරය පමණක් නොව ජනාධිපති සංකීර්ණයක්ම එහි ඉදිකරන්නටය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක කඳවුරු සහිත සම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් කෝට්ටේ ජයවර්ධනපුරයේ ඉදිකිරීමට යෝජනා වන්නේය. VIP සංකීර්ණයක් ලෙස ඉදිකිරීමට යෝජිත වූ එකී මන්දිරය අදටද පුදුම හිතෙන තරම් සුඛෝපභෝගී අංග රැසක් ඇතුළත් විය. අක්කර 100කට ආසන්න භූමියක් ආවරණය වන පරිදි මෙහි ගොඩනැගිලි ඉදිවන්නට නියමිතව තිබිණි. එමතුදු නොව ජනාධිපතිනියට පහසුකම් සපයමින් සිය ගණනක් වූ ප්‍රදේශවාසීන්ට සිය නිවාස සහ දේපොළ අතහැර යාමට සිදුවිය. එම තත්ත්වය නිසා යෝජිත නව ජනාධිපති VIP සංකීර්ණයට එරෙහිව ජනතා විරෝධය දිනෙන් දින ඉහළ යන්නට විය. ලසන්ත වික්‍රමතුංගගේ කර්තෘත්වයෙන් එවකට පළවූ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පත චන්ද්‍රිකාට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකිරීමට යන ‘මාලිගය’ පිළිබඳ දැඩි විරෝධතාවක් දක්වමින් ලිපි පළකරන්නට විය. යෝජිත ඉදිකිරීම නිසා ප්‍රදේශයේ බරපතළ පාරිසරික වෙනස්කම් සිදුවිය හැකි බවත්, ප්‍රදේශයේ පාරම්පරික පදිංචිකරුවන්ට සිය ඉඩකඩම් අහිමිව යන බවත්, ඒවාට හිමිවීමට නියමිත වන්දි මුදල් වෙළෙඳපොළ වටිනාකමට බොහෝ සේ අඩු බවත් මෙම ලිපි මගින් අවධාරණය කරන ලදී. ඊට සමගාමීව නැගී ආ මහජන උද්ඝෝෂණ නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අඩියක් පස්සට ගැනීමට සිදුවිය. ඒ අනුව මුලින් තෝරාගත් ප්‍රදේශය අතහැර වෙනත් ස්ථානයක ජනාධිපති වෙනුවෙන් ඉදිකරන VIP සංකීර්ණය ඉදිකිරීමට යෝජනා විය.

නව තෝරාගැනීම වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර සහ පාර්ලිමේන්තුව අතර වගුරු බිම් ආශ්‍රිතවය. භූමිය වශයෙන් එම රජය සතු විය. නව පාර්ලිමේන්තුව ඉදිකරන අවධියේදීම එම ප්‍රදේශයේ අයිතිය පාර්ලිමේන්තුවට පවරා තිබිණි. වගුරු සහිතවූ එම බිම නව ඉදිකිරීම සඳහා පුරවා සකස් කළ යුතු අතර ඒ සඳහා සමස්ත ව්‍යාපෘතිය භාරව සිටි නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) තෝරගෙන තිබිණි. දියවන්නා ඔයෙන් කොටසක් ගොඩකිරීමට මෙන්ම ජපන් මිත්‍රත්ව පාර දෙසට ඔය දිගු කිරීමටද යෝජනා වී තිබිණි. ඒ සඳහා පමණක් රුපියල් මිලියන 250කට ආසන්න මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබිණි. 2001 වසර මැද භාගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට යෝජිතව තිබිණි.

යෝජිත ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ආරක්ෂක සංකීර්ණයෙන් සමන්විත ගොඩනැගිලි සඳහා අක්කර දොළහක බිමක් ගොඩකිරීමට නියමිත විය. ඒ අතර දියවන්නා ඔය ආශ්‍රිත සහ එහි පිටාර තැන්නේ වගුරු බිම්ද විය. එකී බිම් පිරවීමෙන් අහිමි වන ජලය රඳවා ගැනීමේ හැකියාව සමතුලිත වන පරිදි දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාවත දෙසට දිගු කිරීමට නියමිතව තිබිණි. ඊට අමතරව එම මාවත අසල කොටසක් ගොඩකර දූපතක් පිහිටුවීමට නියමිත බව කියැවිණි. ඊට අමතරව අකුරේගොඩ පාර, ඩී.පී. විජේසිංහ මාවත ඇතුළු ප්‍රදේශවල දැවන්ත වෙනස්කම් සිදුවීමට නියමිත විය. පාර්ලිමේන්තුව ඉදිකිරීමත් සමග මෙම ප්‍රදේශ විශාල වෙනස්කමකට ලක්විය. ඉන් අනතුරුව ප්‍රදේශවසීන් අසීරුවෙන් නව වෙනස්කම්වලට ජීවිතය හැඩගස්වාගමින් සිටියදී අහසින් පහත්වුණු ජනාධිපති මන්දිරය නිසා ඔවුන් යළි කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් නිර්මාණය විය.

එතරම් දැවන්ත පාරිසරික වෙනසක් සිදුවන ව්‍යාපෘතියක් සඳහා කඩිනමින් පාරිසරික බලපත්‍රයක් ලබාගැනීම බොහෝ පාර්ශ්වවල අවධානයට ලක්විය. එහි ඉදිකිරීම් සඳහා වැයවෙතැයි අපේක්ෂිත මිල ගණන් පිළිබඳවද බොහෝ පරස්පර විරෝධතාවන් රැසක් මතුවිය. වර්ග අඩියක වියදම රුපියල් 46,000 ලෙස ආණ්ඩුව පවසා සිටියද එහි සැබෑ වියදම රුපියල් 60,000 නොඉක්මවන බව පාර්ලිමේන්තුවේ පවා ප්‍රකාශ විණි. එහෙත් චන්ද්‍රිකා රජය අඛණ්ඩව ඉදිකිරීම් කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් අඛණ්ඩ ජනතා විරෝධය සහ එයට එල්ලවුණු චෝදනා නිසා කෝට්ටේ ජනාධිපති සංකීර්ණයේ ඉදිකිරීම් සිදු වූයේ නැත.

එදා චන්ද්‍රිකා අතහැර දමන ලද මන්දිරයට අද කර ගසන්නට රනිල් ඉදිරිපත්ව ඇත්තේය. ඒ කොටුව අවට සංචාරක කලාපයක් බවට පත්කරන අරමුණෙනි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලක්ද ඉවත් කිරීමට නියමිතය. කොටුව සහ අවට ගොඩනැගිලි ගැන කතා කරන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද අමතක කළ නොහැක්කේය. ඒ ඔහුද කොටුව සහ ඒ අවට ගොඩනැගිලි පිළිබඳ බොහෝ සේ උනන්දුවක් දැක්වූ නිසාය. ඔහුගේ දෙවසරකට මඳක් වැඩි පාලන කාලයේදී ‘සෙලන්දිවා’ යනුවෙන් ආයතනයක් පිහිටුවා ඒ ඔස්සේ කොටුව සහ ඒ අවට ගොඩනැගිලි රැසක් පෞද්ගලික ආයෝජකයන්ට විකුණා දමන්නට සැලසුම් කර තිබිණි. කප්පරක් ප්‍රශ්න තිබෙන රටේ රජ ගෙදර කෝට්ටේට ගෙන යාමට යෝජනා කරන්නේ ‘සෙලන්දිවා 02’ යටතේ ඒකත් විකුණා දමන්නට දැයි නිකමට සැක සිතේ.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කැමැත්ත දී ඇත්තේ ඉන්දියාව විතරයි! විධායක මණ්ඩලයට දාන්න සියලු ණයහිමියන්ගේ එකඟතාව අවශ්‍යයි! තවම ප්‍රමාණවත් සහතිකයක් ලැබී නෑ! IMF එකෙන් නිවේදනයක්!

Next Post

තිස්ස තිස්ස නවතින්න තිස්ස… මේ සැත්කම හැර තව සැත්කම් තිබේද? ඉස්සර තිබ්බා ස්වාමීනි… දැන් නෑ ස්වාමීනි…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.