ශ්‍රී ලංකාවට මුදල් ආධාර කරන වැඩසටහනකට අනුමැතිය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහතිකයක් තවමත් බලාපොරොත්තුවෙන් සිටින බව කලම්බෝ ගැසට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනක කොටසක් ලෙස අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කළේය.
“ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ද අනුමැතිය ලබා දිය යුතුයි” යනුවෙන් රොයිටර් IMF ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාව සඳහා අරමුදල් ආධාර කරන වැඩසටහනක් අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකියි” යනුවෙන් එම නිවේදනයේ සදහන්ය.










