• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන ඡන්දත් නෑ – පළාත් සභා ඡන්දත් නෑ – මහ මැතිවරණත් නෑ – ජනාධිපතිවරණත් නෑ ලෑස්ති වෙයල්ලා සල්ලි නැත්නම් ඡන්දත් නෑ අලුත් රටක් හදමු…

January 18, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
පළාත් පාලන ඡන්දත් නෑ – පළාත් සභා ඡන්දත් නෑ – මහ මැතිවරණත් නෑ – ජනාධිපතිවරණත් නෑ ලෑස්ති වෙයල්ලා සල්ලි නැත්නම් ඡන්දත් නෑ අලුත් රටක් හදමු…
Share on WhatsAppShare on Facebook

“මේ ආණ්ඩුව ඡන්දයකට ගෙන යාම හරියට පිස්සු බල්ලා නාන්න ගෙනයනවා වගේ” යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා ජන හමුවකදී ප්‍රකාශ කළේය. ලංකාවේ දේශපාලන සාහිත්‍යයට අලුත්ම උපමාවක් එක් කළ ඒ කථාව ටක්කෙටම හරි යයි මේ ලියුම්කරුටද සිතේ. ඊට හේතුව දැන් දැන් සිදුවෙන දේ අනුව මේ ආණ්ඩුව මැතිවරණ භීතිකාවෙන් පෙළෙනා බව සහසුද්දෙන්ම පෙනී යාමය. මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවා ඇති මොහොතක, දේශපාලන පක්ෂ තරගයට මෙන් ඇප මුදල් තැන්පත් කරමින් සිටිනා අවස්ථාවක ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නට කටයුතු කරනවායයි කීම කොරහේ කිඹුලන් දැකීමක් යයි ඔබට සිතෙන්නට බැරි නැත. එහෙත් ඇත්තම කතාවනම් කොමිසම මොනවා කළත් තවමත් ආණ්ඩුව ඉන්නේ ඡන්දය නොතියන උත්සාහයේ බවය.

ලංකා ඉතිහාසයේ මිනිසුන්, සංවිධාන සහ පක්ෂ ඡන්දය ඉල්ලා උසාවි ගිය අවස්ථා ඕනැ තරම්ය. එහෙත් ඉතිහාසයේ ප්‍රථමවතාවට මෙවර ලාංකිකයෙක් මැතිවරණය නොපැවැත්වීමට මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගොස් ඇත්තේය. එය හුදකළා සිදුවීමක් නොවනා බව දේශපාලනය ගැන යන්තම හෝ ඉවක් ඇති අයෙකුට වටහා ගත හැක. තවත් වරක් ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් කැඳවා ඊට මුවාවී මැතිවරණය කල් දැමීමට උත්සාහ ගත්තේය. මේ සටහන ලියනා මොහොතේදීත් ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය සජීවීව ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේය. නාම යෝජනා සඳහාවන ඇප මුදල් භාර නොගන්නා ලෙස තේරීම්භාර නිලධාරීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න යවූ ලිපිය ඊට එක් උදාහරණයකි. අණ්ඩුව ගෙන එන අලුත්ම තර්කය මැතිවරණය තියන්නට මුදල් නැති බවට මතයක් ප්‍රචාරය කිරීමය. ඉන්ද නොනැවතී මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඉන් රටට අත් විය හැකි අහිතකර ප්‍රතිඵල ලයිස්තුවක්ද ආණ්ඩුවේ හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් සමාජ ගත කරමින් සිටින්නේය.

කලට මැතිවරණ පැවැත්වීම වූ කලී ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වග කීමය. එම වගකීම එකී ආණ්ඩුව මත පැටවෙනුයේ රාජ්‍යයේ බලය ලබාගැනීමත් සමගමය. ඒ වූ කලී මොනයම්ම හේතුවක් නිසා හෝ කල් දැමිය හැකි දෙයක් නොවේ . මැතිවරණය සඳහා වැය වෙන මුදල් සොයාගැනීම ආණ්ඩුවේ වගකීමක් වන අතරම ඊට සෑම ආණ්ඩුවක්ම යුතු කමින් බැඳී සිටින්නේද වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මේ සරල මූලධර්ම කිසිත් නොතකා සල්ලි නැති නිසා ඡන්දය පැවත්විය නොහැකි බව ආණ්ඩුව පවසන්නේ අනෙකක් නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට තරම් ශක්තිකත් යාන්ත්‍රණයක් පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ නොමැති වීම නිසාය. වෙනකක් තබා පක්ෂ දෙක එකතුවුවද එවැනි පදනමක් ගොඩනගා ගැනීමට නොහැකි තරමට ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයන්ගේ දේශපාලන පදනම සෝදාගොස් හමාරය.
මැතිවරණයට වැයවෙන මුළු මුදල රුපියල් බිලියන 10 ක් බවට ඇස්තමේන්තු කර ඇත. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනුයේ එය බිලියන 8 දක්වා අඩු කරගත හැකි බවය. ඒ සඳහා කළ යුත්තේ මැතිවරණය සතියේ දිනයක පැවැත්වීම බව ඔහු පවසයි. එහෙත් ආණ්ඩුවේ බැරි බැරියාව ඉන් නතරව නැත . ආණ්ඩුව පවසනුයේ චන්දය තිබ්බොත් වී මිලදී ගැනීමට නොහැකිවනු ඇති බවය. එසේ කියන්නේ ගොවීන් පමණක් නොව බත් කන මිනිසුන්ද බිය ගන්වන්නටය. එපමණක් ද නොවේ ඡන්දය තිබ්බොත් විශ්‍රාම වැටුප් ගෙවන්නට බැරි බව ආණ්ඩුව පවසන්නේය. (මේ මාසේ ඡන්දයක් නොතිබුණද විශ්‍රාම වැටුප නියමිත දිනට නොගෙවූ බව රට පුරා විශ්‍රාමිකයෝ සාක්ෂි දරති.) ආණ්ඩුව කියනා හැටියට ඡන්දය පැවැත්වීමේ පාඩුව බොහෝ දුර පැතිරෙන්නකි. ඇතැම් විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටද නොහැකි වන්නටද හැකියාව ඇත. ආණ්ඩුව කියනා විදියට වී මිලදි ගැනීම නතර කර, විශ්‍රාම වැටුප් සහ රජ්‍ය සේවකයාගේ පඩි පතත් නතර වන තැනට කටයුතු යෙදෙන්නේ රුපියල් බිලියන 10 ක් පළාත් පාලන ඡන්දයට වියදම් කිරීමෙනි. එහෙත් පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ අයවැය ලේඛනයට අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත වියදම රුපියල් බිලියන 5819 කි. 2023 වසර සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3415 කි. ඒ අනුව 2023 වසරේ අය වැය හිඟය රුපියල් බිලියන 2040 කි.

රජය 2023 වසරේ වියදම් කිරීමට අපේක්ෂිත රුපියල් බිලියන 5819 න් රුපියල් බිලියන 856.25 ක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයටය. රාජ්‍ය සේවක වැටුප් ද ඊට ඇතුළත් ය. යුද්ධයක් නැතිවුවද ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 410 කි. මුදල් අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 613.9 කි. ආණ්ඩුව මේ දැවැන්ත වියදම් දරන්නේ රටේ අය වැය හිඟය රුපියල් බිලියන 2040 තරම් ඉහළ අගයක් ගෙන තිබියදීය. එහෙත් දැන් ආණ්ඩුව නාහෙන් අඬන්නේ ඡන්දය තියන්නට අවශ්‍ය රුපියල් බිලියන 10 සොයාගත නොහැකි බව කියමිනි. නොකෙරෙන වියදමට කෝඳුරු තෙල් හත් පට්ට‍යකුත් තව ටිකක් සොයාගත යුතුයයි කියනු ලැබේ. ප්‍රශ්නය වන්නේ හත් පට්ටය නොව ඉතිරි ටික සොයා ගැනීමය. දැන් ආණ්ඩුවටද ප්‍රශ්නයක් වී තිබෙන්නේ රුපියල් බිලියන 2040ක් වූ අය වැය පරතරය නොව රුපියල් බිලියන 10ක් වූ ඡන්ද වියදමය. එසේ වී ඇත්තේ එහි රුපියල් බිලියන 10න් තවත් බිලියන දෙකක් මැතිවරණ කොමිසම විසින් බේරා දී තිබියදීය.

මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන චන්දයකි. ගමේ මිනිහාගේ භාෂාවෙන් කියන්නේ නම් ගම් සභා ඡන්දයකි. එහෙයින් ආණ්ඩුවේ අවනඩුව අසා එම මැතිවරණය කල් දැමීමට සෙසු පක්ෂ එකඟවූයේ යයි මඳකට උපකල්පනය කරමු. එහෙත් 2024 වසර නිමවීමට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ඒ සමගම පාර්ලිමේන්තුවද විසුරුවා හැරිය යුතු වේ. ඒ අනුව ඉදිරි දෙවසර තුළ මැතිවරණ දෙකක් පවත්වා නිම කිරීමට මැතිවරණ කොමිසමට සිදුවෙයි. ආණ්ඩුව ඒවාටද මුදල් නැති බව කිවහොත් උදාවන තත්ත්වය කෙබඳු දැයි සිතා බලනා ලෙස ලියුම්කරු ඔබට ඇරයුම් කරයි. ජනාධිපතිවරණයට මුදල් නැති බව ආණ්ඩුව කිවහොත් ජනවරමකින් තොරව පාර්ලිමේන්තුව විසින් පත්කළ මේ ජනාධිපතිවරයාට තව දුරටත් රට පාලනය කරීමට දිය යුතුය. ඊළඟට පැවැත්වීමට නියමිත මහා මැතිවරණයය. ඊටද මුදල් නැතිබව ආණ්ඩුව පැවසුවහොත් සිදුවන්නේ මේ පාර්ලිමේන්තුවම තව දුරටත් පවත්වාගෙන යාමය. ඒ කියන්නේ මුදල් නැති නිසා මහා ජන අරගලයකින් ප්‍රතික්ෂේපිත බංකොළොත් ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාමට අප කටයුතු කළ යුතු වේ. මේවා දේශපාලන තර්ක නොව හුදු ප්‍රලාපය. රනිල් වික්‍රමසිංහගේ විශ්වාසවන්තම කැබිනට් සගයා මනූෂ නානායකකාරය. ඔහු පවසන පරිදි රටේ ආර්ථිකය ගොඩ එන්නේ 2048 දීය. එසේ නම් අප ඊළඟ මැතිවරණය 2048 පවත්වන තුරු ජනතාව විසින් ප්‍රතික්ෂේපිත පාර්ලිමේන්තුව සහ එකී පාර්ලිමේන්තුව විසින් පත්කළ ජනාධිපතිවරයාට මේ රට කරගෙන යාමට ඉඩ දිය අයුතුද යන ගැටළුව මතුවේ.

ලංකවේ සමස්ත ඡන්ද දායකයනට මැතිවරණයක් අවශ්‍යව තිබේ. ඒ මේ දූෂිත ආණ්ඩුවට සිය විරෝධය පෑමටය. මේ දිනවල රටපුරා සමූපකාර ඡන්දවල දැක ගැනිමට ඇත්තේ එකී ප්‍රවනතාවයය. සිය දහස් ගණන් ඡන්ද දායකයන් එ.ජා.ප. පොහොට්ටු හැර දමා ස.ජ.බ වටා රොක්වෙමින් සිටී. පළාත් පාලන චන්දය සම්බන්ධව ගත්තද තත්ත්වය ඒකමය. සීග්‍රයෙන් විතැන්වෙමින් සිටිනා හැටනම ලක්ෂයේ ජන වරමට දායක වූවෝ මැතිවරණයක් දැඩිව ඉල්ලා සිටිති. ඒ අතීතයේ දිනයක තමන් අතින් සිදුවූ වරද නිවැරදි කිරීමටය. ඒ හැරත් බහුතර ශ්‍රී ලාංකයන් පිරිසක් පක්ෂ බේදයෙන් තො‍රව මැතිවරණයක් ඉල්ලා සිටිති. ඒ පහතම තැන සිට අලුතින් ආරම්භ කරනට ඇති වුවමනාව නිසාය. ඊට ඉඩදීමට මෙරට විනාශ කළ සියළු දේශපාලන බලවේග බැඳී සිටී.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනා ගෙවුම් ශේෂ අ‍රබුදය කිසිවෙකුටත් රහසක් නොවේ. ඉන් ගොඩ ඒමට විදෙස් ආයෝජන සහ ජාත්‍යන්තර ආයතන වල සහාය අප රටට අවශ්‍යව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි එක් ආයතනයකි. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සමාජය වැනි සංවර්ධන ආධාර සපයන ආයතන රැසක් ලංකාව ගොඩ ගැනීිමට ආධාර දීමට සූදානම්ය. ඒ සඳහා ඔවුන් පනවන එකෙකම එක කොන්දේසිය වනුයේ ජන වරමක් සහිත අලුත් ආණ්ඩුවකි. කෝටි ගණන් මහජන මුදල් කොල්ල කෑ රාජපක්ෂ ආණ්ඩුවට තවත් ණය ලබාදෙන්නට තරම් මෝඩ රටවල් හෝ ජාත්‍යන්තර ආයතන රටේ නැත. එහෙයින් මෙරට ජනයා පමනක් නොව රට වෙනුවෙන් සංවර්ධන ආධාර ලබාදීමට සිටිනා ආයතනත්, ණය ප්‍රතිව්‍යුහගතකිරීම දෙනෙන් දින පස්සට දමනා ඉන්දියාව ප්‍රමුඛ ණය හිමියන් ද එක හඬින් කියන්නේ ගත් ණය ගෙවන්නටත් අලුතින් දෙන ණය විධිමත්ව භාවිත කිරීමටත් ලංකාවට අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බවය. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලු‍තිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන හතර දෙනාට සම්බාධක පනවමින් කැනඩාව ප්‍රකාශ කළේ යුද අපරාධවලට දායක වූවන්ට සම්බාධක පැනවුවද දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙනා ශ්‍රී ලාංකිකයනට දිගින් දිගටම උදව් කරනා බවය. ඉන් ගම්‍ය වනුයේ ලෝකය ලංකාව අතහැර කටයුතු කරන්නේ දූෂිත දේශපාලනඥයන් කිහිප පොලක් නිසා මිස සමස්ත ශ්‍රී ලාංකිකයන් සමග ඇති ගැටලුවක් නිසා නොවනා බවය. මුළු ශ්‍රී ලංකාවම ඡන්දයක් ඉල්ලන්නේ එකී දූෂිත දේශපාලනඥයන් පිටුදැකීමට ඇති හොඳම ක්‍රමය ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීම බව දන්නා නිසාය.

නිර්මාල් දේවසුරේන්ද්‍රි

SendShareShare
Previous Post

උද්ඝෝෂණවලදී උල් කටු බැරියර් තිබ්බ සිද්ධිය මානව හිමිකම් කොමිසම විභාගයට ගනී! ‘අපි තිබ්බේ නෑ.. ඒක කළේ වෙන කණ්ඩායමක්!’ පොලිසිය ප්‍රකාශයක් දෙයි! ඒ කණ්ඩායම කව්ද? VIDEO

Next Post

මහා ගල් අඟුරු වංචාවක ‌සුලමුල කෝප් කමිටුවේදී එළියට එයි! දීලා තියෙන්නේ රෙජිස්ටර් වෙච්ච නැති කොම්පැණියකට! කොන්දේසි සපුරලත් නෑ! නීතිපති උපදෙස් එන්න කලින් ටෙන්ඩරය දීලා!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.