කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කොට තිබේ.
ඒ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
2018 වසරේ සිය සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.










