බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම සුළු පක්ෂවල නායකයන් තීන්දු කොට ඇත.
අද දහවල් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී පක්ෂ නායකයන් එම තීන්දුවට එළැඹ ඇත.
ඊට චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් සහභාගි වී තිබේ.
මීට අමතරව කරු ජයසූරිය මහතා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් එම සන්ධානයට එක්කර ගැනීම සඳහා වහාම සාකච්ඡා ආරම්භ කිරීමටත් මෙහිදී තීන්දු කොට ඇත.










