හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටී.
බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධකරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.
අදා අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙව අයෙකු බවද ඔහු පැවසීය.
සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.










