• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජයසුමන මුලින් බෑ කියලා පස්සේ හා කිව්ව- අමෙරිකානු ජනපතිත් විදගත්ත- ‌සජිත් මුලින්ම රටට කියපු මොකද්ද මේ ‌’රීගන් කොව්’!

September 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
සජිත් කියපු ‌කොරෝනා බෙහෙත අන්තිමේදී ඇමැති චන්න පිළිගනී! ගෙන්වන්න අවසර දෙයි!
Share on WhatsAppShare on Facebook

රජයේ බොහෝ ප්‍රධාන පෙළේ නායකයන් රැසක්ම තවද කොරෝනා මාරයාගෙන් බේරී හැංගිමුත්තන් කෙළිමින් සිටින්නේය. මේ වන විටද ඔවුන්ට කොරෝනා මාරයා ආරූඪ වූ බවක් නම් පෙනෙන්නට නැත. ඔවුන් කොරෝනා මාරයාගෙන් ගැලවී සිටින්නේ ලෝකයේ තිබෙන උසස් එන්නත් වර්ග සහ ඖෂධ වර්ග ගෙන්වාගෙන ඒවා භාවිත කරන නිසා යැයි ජනතාව නිරන්තරයෙන් කියන කතාවකි. සමහර නායකයන්ගේ නිවෙස් ඇතුළෙහිම කුඩා වෛද්‍ය මධ්‍යස්ථාන පවා ඇති බවටද මේ ජනතාව චෝදනා කරති. මේ කතාන්දරවල ඇත්ත, නැත්ත කුමක්දැයි විටෙක බුද්ධියෙන්ම සිතිය යුතුය. එවිට සිතෙන්නේ එම කතාන්දරවල යම් සත්‍යයක් ඇති බැව්ය. කොරෝනා වැළඳී මරුවා පැමිණ රෝගීන් ඇදගෙන යනවිටදී ඔවුන්ට දෙන්නට නිසි උසස් ඖෂධයක් මෙරට තුළ නැති බැව් හුදෙක්ම පැහැදිලි සත්‍යයකි. නැතිනම් මෙතරම් කොරෝනා රෝගීන් රෝහල් තුළදී මිය යන්නේ කෙසේද? කොවිඩ් එන්නත නම් දැන් යම් පමණකින් ‘දනිපනි ගසා’ සමාජයට රිංගාගෙන තිබුණද, කොවිඩ් රෝගීන්ට ලබා දීමට ඇවැසි වන ඖෂධ ගැන අසන්නට වී ඇත්තේ ඉතාමත්ම ඛේදනීය කතාන්දරයකි.

කුමන දේශපාලන නායකයන්ට කොරෝනා හැදුනත්, නැතත් පසුගියදා රටේ විපක්‍ෂ නායකයාට සහ ඔහුගේ බිරියට නම් කොරෝනා ගජරාමයට හැදුනේය. එම යුවලම රෝහල්ගතව සිට පසුව වාසනාවකට සුවය ලබා නැවැත සමාජයට පිවිසියේය. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ බොහෝ විට විවිධ සාමාජයීය ප්‍රශ්න රැසක් උදෙසා පොදු ජනතාව ඉදිරියට පැමිණ කටයුතු කරන්නට වූ හෙයින්, ඔහුගේ ගතට පහසුවෙන්ම කොරෝනා මාරයා කඩාගෙන පනින්නට ඇතිය. වත්මන් ශ්‍රී ලංකාවේ සිටින තරුණ දේශපාලනික නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා විටින්විට විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීමට පෙළඹෙන පුද්ගලයෙකි. ඒ අනුව ඔහු පසුගිය කොරෝනා සමය තුළදී ’කොවිඩ්-19’ වසංගතය උදෙසා රෝගීන්ට භාවිත කළ හැකි බටහිර ඖෂධ වර්ග කිහිපයකම වගතුග හෙළිකර සිටියේය. ඔහු වෛද්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයකු නොවූවත්, ඔහු යම් වෛද්‍ය මත අධ්‍යයනයට ගනිමින් මෙම ප්‍රකාශ සිදුකර සිටියේය.

‘ටොසිලිසුමැබ්’ සහ ‘රෙගන්-කොව්’ මෙම වටපිටාවේදී විපක්‍ෂ නායකවරයාගෙන් පසුගියදා අසන්නට ලැබුණු සුවිශේෂී වදන් දෙකකි. ‘ටොසිලිසුමැබ්’ සහ ‘රෙගෙන්-කොව්’ යනු බටහිර ඖෂධ වර්ග දෙකකි. සජිත් ප්‍රේමදාස මහතා මේ ගැන තමන්ගේ නිල ප්‍රකාශනයන් මෙන්ම, පුද්ගලික සමාජ මාධ්‍ය ප්‍රකාශකයන් හරහාද අතිශය වැදගත් වගතුගක් ඉදිරිපත් කර තිබිණි. මෙම කාලය තුළදී දිවයින තුළ බොහෝ තීව්‍ර ඖෂධ හිඟයක් ඇති බැව් නොරහසකි. එමෙන්ම ‘කොවිඩ්-19’ වසංගත රෝග තත්ත්වය හමුවේ එය තවත් ශෝචනීය තත්ත්වයක් වී ඇත. විපක්‍ෂ නායකවරයා පසුගියදා වත්මන් රාජ්‍ය බලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම මහා සාමාජයීය අර්බුදයයි. එහිදී ඔහු තමන්ගේ විපක්‍ෂ නායක කාර්යාලය (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ) හරහා මෙම නිල ප්‍රකාශය රජයට ඉදිරිපත් කර තිබිණි.

‘බරපතල ඖෂධ හිඟය මැද ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු’ යන සිරස යටතේ මෙම නිල ප්‍රකාශය සිදුකෙරිණි.

රට පුරා මේ වන විටත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන අතර, කොරෝනා සහ නිව්මෝනියා තත්ත්වයන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයද ඒ අතර වන බව වාර්තා වෙයි. එයිනුත් ‘ටොලිසුමෑබ්’ යන ඖෂධය නොමැති වීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇති වී තිබෙන තත්ත්වය අතිශය බරපතලය. අදාළ ඖෂධය නොමැති වීම හේතුකොට ගෙන පසුගියදා විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතිශ් ජයසිංහ මහතා පවා අභාවප්‍රාප්ත විය. එතුමා මෙරට බිහිවූ අග්‍රගණ්‍ය වෛද්‍යවරයකු වූ අතර, වෛද්‍යවරුන් රැසකගේ ගුරුවරයාද විය. ‘ටොලිසිසුමෑබ්’ ඖෂධය පිළිබඳව පළමු වරට අප පාර්ලිමේන්තුවේදී 2021 මැයි 04 වැනිදා සිහිපත් කළ අතර, එය හැන්සාඩ් වාර්තාවටද ඇතුළත්ව ඇත. අප කිසි විටෙක ඖෂධ නිර්දේශ කිරීම් සිදු නොකළ අතර, අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය බැව් පැවැසිය යුතුමය. ආණ්ඩුව වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට බාරදී ඇති අතර, එහි ප්‍රතිඵලය වන්නේ අද වන විට කොරෝනා මරණ අතර ඉහහළින් සිටින රටක් බවට අප රට පත්වීමය.

මේ ආකාරයට විපක්‍ෂ නායකවරයාගේ අස්සනින් යුතුව මෙම නිල ප්‍රකාශය සිදුකර තිබිණි. ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටි ‘ටොසිලිසුමෑබ්’ ඖෂධයේ වගතුග කුමක්ද?
‘ටොසිලිසුමෑබ්’ නැමැති විiාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බටහිර ඖෂධීය කොවිඩ්-19 රෝගය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය වූ ඖෂධයක් නොවේ. මෙම ඖෂධය මෙයට වසර 17කට ඉහතදී එනම් 2003 වසරේදී ජපානයේ ඔසාකා විශ්වවිiාලයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් පර්යේෂණ මගින් සොයාගනු ලැබුවේ, ‘රුමටොයිට් ආතරයිටිස්’ නොහොත් ‘සන්ධිප්‍රදාහය’ රෝගය සඳහාය. 2003 වසරට පෙර 1997 වසරේදී සිටම මෙම ඖෂධය සොයා ගැනීම සඳහා පර්යේෂණ පැවැත්වූ අතර, මෙය කොවිඩ්-19 රෝගය සඳහා භාවිත කිරීමට ඇමෙරිකාව අවසර ලබා දුන්නේ 2021 ජුනි මාසයේදී සිටය. මිනිස් ශරීරයේ ප්‍රදාහමය තත්ත්වයන් වළක්වාලන ‘මොනෝ ක්ලෝනාල්’ ප්‍රතිදේහ නිපදවීමේ ශක්තියක් මෙම ඖෂධයට ඇතැයි පැවසෙයි. මේ නිසා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැව් ප්‍රකාශ වෙයි. ‘කොවිඩ්-19’ රෝගයේදී ඇතිවනු ලබන නිව්මෝනියා තත්ත්වය නිසා සිදුවනු ලබන පෙනහැලි ප්‍රදාහය වැලැක්වීම සඳහා මෙම ‘ටොසිලිසුමෑබ්’ ඖෂධය ඉවහල් වන බැව් ප්‍රකාශ වෙයි. මෙම ඖෂධය රෝගීන්ට ලබා දෙන්නේ එන්නත් ක්‍රමවේදය හරහා පමණක් වන අතර, මෙය ඉතාමත් මිල අධික ඖෂධයකි. එක් රෝගියකු සඳහා අවශ්‍ය වනු ලබන සම්පූර්ණ ඖෂධ මාත්‍රාවක් සඳහා රුපියල් ලක්‍ෂ එකක පමණ මුදලක් වැය වනු ඇතැයි හෙළිවෙයි. මෙය එන්නත් ක්‍රමය හරහා පැයක පමණ කාලයක් පුරා ලබා දෙන ඖෂධ මාත්‍රාවකි.
‘ටොසිලිසුමෑබ්’ ඖෂධයේ අනෙක් සුවිශේෂී පුවත වන්නේ, පසුගිය 2021 ජූලි මාසයේදී එය ලෝක සෞඛය සංවිධානය විසින්ද කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දීමය. මෙම ඖෂධය ශ්‍රී ලංකාවේද කාලයක් පුරා සන්ධිප්‍රදාහ රෝගීන් සඳහා විශේෂිත අවස්ථාවලදී භාවිත කරන ලදී. මෙම මිල අධික ඖෂධය මේ දිනවල ශ්‍රී ලංකාව තුළ හිඟ බැව් ප්‍රකාශ වෙයි. මෙයට හේතුව වී ඇත්තේ, මෙම ඖෂධය පමණක් නොව තවත් මිල අධික ඖෂධ රැසක්ම මිලදී ගැනීම සඳහා රජය සතුව විදේශ මුදල් භාවිත නොමැති වීමය. එසේම මෙවැනි ඖෂධ සාමාන්‍ය මිනිසුන්ට මිලදී ගැනීමට හෝ වත්කම් නොමැති වීම අනෙක් අතිශය ඛේදනීය තත්ත්වයයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කරන ලද අනෙක් ඖෂධය වන්නේ, ‘රෙගෙන්-කොව්’ නැමැති බටහිර ඖෂධයයි. ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් මෙම ඖෂධය, කොරෝනා රෝගීන් මරණයෙන් බේරා ගැනීම සඳහා භාවිත කළ හැකි බැව් කරුණු ප්‍රකාශ කර ඇත. තමන්ගේ විදේශ රටවල වාසය කරනු ලබන සමීප හිතවතුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම ඖෂධය ගැන තමන්ට දැනගත හැකි වූ බැව් විපක්‍ෂ නායකවරයා පවසා සිටියි. එම රටවලදී කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් මරණයෙන් ගලවා ගැනීමට මෙම ඖෂධය භාවිත කළ බැව් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඒ නිසා ශ්‍රී ලංකා රජය පවා අදාළ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන මෙරට සිටින කොරෝනා රෝගීන් මරණයෙන් ගලවා ගැනීමට මෙම විශේෂ ඖෂධය භාවිත කළ යුතු යැයි ඔහු පවසයි. එහෙත් දැනට ශ්‍රී ලංකාව තුළ නොමැති යටකී ඖෂධය, හැකි ඉක්මනින් අවසරය ලබාගෙන විදෙස් රටවලින් මිලදී ගැනීම ඉතාම ඥානාන්විත වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි. දැනට ලෝකයේ රටවල් රැසකදී ‘කොවිඩ්-19’ රෝගය සඳහා හදිසි ප්‍රතිකාර ලෙස මෙම ඖෂධය අනුමැතිය ලැබී ඇති බැව්ද විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

මෙලෙස ආන්දෝලනයකට ලක්වී තිබෙන මෙම ‘රෙගෙන්-කොව්’ ඖෂධය යනු කුමක්ද? ‘රෙගෙන්-කොව්’ නැමැති වෙළෙඳ නාමයෙන් යුත් මෙම ඖෂධය වෙනම නම් සඳහන් වූ ඖෂධ දෙකක සංකලනයකි. එනම් සම්මිශ්‍රණයකි. කෙසිරිවිමැබ් සහ ඉම්ඩෙවිමැබ් මෙම ඖෂධයන් දෙක වෙයි. මෙය ‘ප්‍රතිදේහ සම්මිශ්‍රණයක්’ ලෙසින් සැලකෙයි. මෙම ඖෂධය ‘කොවිඩ්-19’ රෝගය උදෙසාම පර්යේෂණ සිදුකර නිෂ්පාදනය කළ නවතම ඖෂධයකි. එනම් කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව 2020 වසරේදී මුල් භාගයේදී ඇමෙරිකාවේදී පර්යේෂණ සිදුකිරීමෙන් පසුව, 2020 සැප්තැම්බර් මාසයේදී ප්‍රථම වතාවට ඖෂධය නිෂ්පාදනය කෙරිණි.

වෛරසය මගින් නිෂ්පාදනය කෙරෙන ‘ස්පයික් ප්‍රෝටීන’වලට එරෙහිව ‘මොනෝක්ලොනාල් ප්‍රතිදේහ’ නිපදවීම මෙම ඖෂධය මගින් සිදුකෙරෙන ක්‍රියාවලියයි. මෙය කොරෝනා රෝගිංයකු තීව්‍ර රෝගී තත්ත්වයක් කරා ගෙනයෑම වළක්වනු ලබයි. මෙම ඖෂධය ලබා දෙන්නේද එන්නත් ක්‍රමවේදය හරහා පමණක්ය. ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම මෙම ඖෂධ භාවිතය සඳහා දැනට අනුමැතිය ලබා දී ඇත.

දැන් මෙම රෙගෙන්-කොව්’ නැමැති ඖෂධය ගැන ශ්‍රී ලංකාවේ පාර්ශ්ව ගණනාවක් කතා කරන්නට ගත්තද, ප්‍රථම වතාවට මෙම ඖෂධය ගැන ලියා තැබුවේ අප ‘මව්රට’ පුවත්පත බැව් බොහෝ දෙනෙකු නොදන්නවා ඇතිය. 2020 ඔක්තෝබර් මාසයේදී මේ වගතුග මම ලියා තැබුවේ මාගේ විශේෂාංග ලිපියක් හරහාය. එනම් එවකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘කොවිඩ්-19’ රෝගය වැලැඳුණු අතර, ඔහු යම් තීව්‍ර රෝග සංකූලතා හරහා වහා රෝහල්ගත කෙරිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු අනෙකුත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් වහා රෝගී ජනාධිපතිවරයාට සුවිශේෂි ඖෂධ වට්ටෝරුවක් නියම කරන ලදී. එම වට්ටෝරුව සඳහා ඖෂධ වර්ග 09ක් අයත් වූ අතර, එහි ‘රෙගෙන්-කොව් 2’ ඖෂධයද විය. මෙහිදී එම ඖෂධය එයට හරියටම මාසයකට පමණ ඉහතදී පර්යේෂණ නිමකර අවසන් නිෂ්පාදනය නිමකලා පමණි. තවද ‘රෙගෙන්-කොව් 2’ සඳහා නිසි සායනික පර්යේෂණ පවා නිම නොවී තිබිණි. එහෙත් ජනාධිපතිවරයාගේ කැමැත්තද මත විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම නව ‘රෙගෙන්-කොව් 2’ ඖෂධය ලබාදෙන ලදී. මෙම ඖෂධයටත් වඩා ඔහු සඳහා ‘රෙම්ඩිසිවීර්’ නැමැති ඉතාමත් සුවිශේෂී ප්‍රතිවෛරස ඖෂධය ලබා දීම හේතුවෙන් දින 03කින් රෝගය බොහෝ සුවපත් විය.

දැන් අප මේ කතාන්දරයේ සුවිශේෂීම ස්ථානයට පැමිණ ඇත. මෙහිදී ඉහතින් මා ඔබට ඉතාමත්ම පැහැදිලි වූ ඖෂධ විස්තරයක් ඉදිරිපත් කළෙමි. එහෙත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙසේ යෝජනා කළ ඖෂධ ගැන පසුව රජය දැක්වූ ප්‍රතිචාරය කුමක්ද? එය සැබැවින්ම දැඩි අවධානයක් යොමු කළ යුතු වගතුගක් වී ඇත. එම සිදුවීම් පෙළ මෙසේ පියවරින් පියවර ගෙනරහැර දැක්විය හැකිය.

විපක්‍ෂ නායකවරයා විසින් ‘ටොසිලිසුමෑබ්’ ඖෂධය ගැන පැවැසීමෙන් පසුව රජය එම ඖෂධය වහා විදෙස් රටවලින් ලබා ගැනීමට කටයුතු සංවිධානය කළේය. මෙම ඖෂධය ලෝකයේ නිෂ්පාදනය කරන්නේ ඉතා අල්ප වශයෙන් වන අතර, එයින් ඖෂධ කුප්පි 1000ක් ලබා ගැනීමට ඇනවුම් කෙරිණි. රජය විසින් මෙම ඖෂධය ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන්ද ඉල්ලා සිටියේය. කෙසේ හෝ පසුව ආරංචි වූයේ, මෙම ඖෂධය ලබා දීම සිංගප්පූරුව ප්‍රතික්‍ෂේප කළ බැව්ය. මේ අතර සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ ‘රෙගෙන්-කොව් 2’ ඖෂධය ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර නොමැත. ඒ හෙයින් එම ඖෂධය ශ්‍රී ලංකාවට ආනයනය නොකරනු ඇතිය. එහෙත් එය පසුගියදා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ද අනුමත කළේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජිප්සීස් සුනිල් සමුගනී!

Next Post

අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුප්!

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.