හෙට (06) දින පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම සදුදාට (10) කල් දැමීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මේ බව අද (05) දින පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඉකුත් සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශ්වය නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීම සදහා පක්ෂ නායකත්වය වෙත කොන්දේසියක් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ, කිසිදු හේතු දැක්වීමකින් තොරව ඉකුත් සතියේ ඉවත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 4 දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ යුතු බවට වූ කොන්දේසියය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකීර් මාකාර් යන සාමාජිකයන් සිව්දෙනා පසුගිය සතියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යළිි නම් නොකිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබිණ.










