විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශය කිරීමේදී අය කරන බදු මුදල තවදුරටත් වැඩි කිරීමට අවධානය යොමු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
එමගින් දේශීය සංස්කෘතිය සහ දේශිය ටෙලිනාට්‍ය කලාව සහ කර්මාන්තය රැක ගැනීමට සහ එහි නිරත වන මෙරට කලාකරුවන් දිරිමත් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළදී නතර කොට තිබූ විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට මෙරට මාධ්‍ය තුළ විකාශයෙන් බදු අය කිරීම 2021 පෙබරවාරි මස සිට නැවතත් ආරම්භ කෙරිණ.
එමගින් මේ දක්වා ලැබී ඇති ආදායම රුපියල් මිලියන 251ක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.










