• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සර් මම දන්නවා කට්ටිය ඇරෙස්ට් කළා කියල. උන් අහිංසකයි සර්. කුඩු කි‌ලෝ 200 එව්වෙ මම..’ හරක් කටා පොලිසියට කෝල් කළේ කොහොමද? CID SPECIAL

June 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
‘සර් මම දන්නවා කට්ටිය ඇරෙස්ට් කළා කියල. උන් අහිංසකයි සර්. කුඩු කි‌ලෝ 200 එව්වෙ මම..’ හරක් කටා පොලිසියට කෝල් කළේ කොහොමද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

සංචරණ සීමා දමා රට කොතරම් වසා තිබුණත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම සංචරණ සීමා බලපාන්නේ නැත. අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ලෑල්ලෙන් පවා ඔවුන් මත්ද්‍රව්‍ය රට පුරාම බෙදාහරින්නේ පොලීසියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේද ආශීර්වාදය ඇතිවය. කොවිඩ් දෙවැනි රැල්ලට රට වසා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග කළ සෙල්ලම් ඊට හොඳම උදාහරණයකි. කොතරම් මත්කුඩු ඇල්ලුවත් අපේ රටේ මත්කුඩු හිඟයක් තවමත් ඇතිවී නැත්තේ එවන් දූෂිත නිලධාරීන්ගේ මෙන්ම ඇතැම් දූෂිත දේශපාලනඥයන්ගේද ආශීර්වාදය මත්කුඩු ජාවාරම හා බැඳී ඇති බැවිනි. මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී මත්කුඩු ජාවාරමට සක්‍රීයව සම්බන්ධව සිටින දේශපාලනඥයන් සහ පොලීසියේ ලොකු මහත්වරු කිහිප දෙනකු ගැනම තොරතුරු හෙළිකර තිබිණි. ඒ දේශපාලනඥයන් අද ප්‍රබල චරිතයන්ය. ඒ කිසිවකුටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. මාකඳුරේ මධුෂ්ද අබිරහස් ලෙස මරුමුවට පත්විය. ඒ, පොලිස් අත්අඩංගුවේ සිටියදීය. අදටත් මධුෂ්ගේ ඝාතකයන් නිදැල්ලේය. පොලීසිය කියන හැටියට මධුෂ්ට වෙඩි තබන්නේ පොලීසිය බලා සිටියදීමය. මධුෂ්ව ඒ ආකාරයට මරාදමන්නේ ඔහුගේ කට වසා පොලිස් ලොක්කන් සහ දේශපාලනඥයන් ආරක්ෂා කරන්නටදැයි දන්නේ ඔහුට වෙඩි තැබූවන් පමණි. හැබැයි යම් දවසක මේවා හෙළිවන බව නම් සැබෑය.

හරක් කටා වැඩේට බැස්ස හැටි

කුඩු ලාල්, මොරිල්, මුජහිඩ්, කොස්ගොඩ සුජී, කිඹුලාඇල ගුණා, රත්ගම විදුර ආදී දේශපාලන හයිහත්තිය ඇතිව රටින් පිට රැඳීසිටිමින් කිලෝ සිය ගණනින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කල්ලියේ නම් අතරට අලුතින්ම එක්වූ නාමය වන්නේ නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ය. කොස්ගොඩ සුජීගේත්, මාකඳුරේ මධුෂ්ගේත්, අංගොඩ ලොක්කාගේත් සෙවනෙහි රැඳෙමින් පාතාලයට අතපොත් තැබූ හරක් කටා දැන් සිටින්නේ ඩුබායිවලය. එහි සිට ඔහු මෙරටට මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේ කිලෝ සිය ගණන්වලිනි. පකිස්තාන ජාවාරම්කරුවන් සමග ඍජු සම්බන්ධකම් ඇතිව බෝට්ටු මගින් මත්කුඩු මෙරටට එවන ඔහු ඒවා සඟවන්නේ මිදිගම සහ වැලිගම පැත්තේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී ප්‍රබල චරිතයක් වූ දේශපාලනඥයකුගේ වැලිගම – මිදිගම පිහිටි අක්කර 18ක වත්තකද හරක් කටා කිලෝ සිය ගණනින් මත්කුඩු සඟවා තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෙළිකර ගත්තේය. ඒ, හමුදාවේ ඉහළ නිලධාරියකු භාවිත කළ යුහ අංක යෙදූ වෑන් රථයකින් හමුදා නිල ඇඳුමින් හෙරොයින් කිලෝ 75ක් රැගෙන යමින් සිටියදී වලානේ දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ට හසුවීමෙන් පසුව කළ වැඩිදුර විමර්ශනයකදීය. ඊට අමතරව මාතර පොලිසියේ කණ්ඩායමක්ද ඒ හා සමාන හෙරොයින් තොගයක් අල්ලාගන්නේ හක්මනදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීය. එම හෙරොයින් තොගයත් හරක් කටාගේය.

ගේම ගැහුවේ රාජ්‍ය බුද්ධි සේවය

හරක් කටා මත්කුඩු ජාවාරමේ දැවැන්තයෙක් බවට පත්වන්නේ අංගොඩ ලොක්කාගේත්, මාකඳුරේ මධුෂ්ගේත් ඝාතනවලින් පසුවය. ඔවුන්ගේ හිඩැස හරක් කටා අල්ලාගත්තේ යැයි සඳහන් කළහොත් වරදක් නැත. හරක් කටාගේ බඩු මෙතෙක් අල්ලාගත්තේ නම් ඒ ගොඩබිමේදීය. මුහුදේදී ඔහුගේ බඩු අල්ලා ගැනීම එතරම් පහසු කටයුතත්තක් නොවීය. ඒ කටයුත්තට අත තබන්නේ රාජ්‍ය බුද්ධි සේවය විසිනි. ඒ, ඉකුත් මැයි මස මුල් සතියේ රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුකරුවකුට ලද තොරතුරකට අනුවය. රාජ්‍ය බුද්ධි සේවය එම ඔත්තුව විශ්ලේෂණය කරමින් ඒ ගැන ඇස ගසාගෙන සිටියේය. හරක් කටා ඒ වන විටත් හෙරොයින් කිලෝ 200කට අධික ප්‍රමාණයක් පකිස්තානයේ සිටින ජාවාරම්කරුවන්ගෙන් ඇනවුම් කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දැන සිටියේය. එම මත්කුඩු තොගය ඉරාන නෞකාවකට පකිස්තාන සහ ඉරාන සීමාව ආසන්නයේ ඇති ධීවර වරායකින් පැටවූ බවටද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට දැනගන්නට හැකියාවක් විය. එම කුඩා නෞකාව ඉන්දියානු සාගර කලාපයේ සිට ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ යාත්‍රා කරන්නට වූයේ මාලදිවයිනටත් සීෂෙල්ස්වලටත් ඇති තවත් කිලෝ 500ක පමණ ඇනවුම්ද රැගෙනය. මෙම නෞකාව ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් පිටත මාර්ගවල ගමන් ගන්නේ නැත. ඒ ඒ ඇනවුම්කරුවන් සිය රට කිට්ටුවෙන් මෙම නෞකාව ගමන් කිරීමේදී ජාත්‍යන්තර මුහුදට ගොස් නෞකාවෙන් තමන්ගේ කොටස ලබාගත යුතුය. ඒ සඳහා රහස් පද සහ සංකේතද නැතුවා නොවේ.

බඩු ගන්න ආවේ ලුලා

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවෙන් හරක් කටාගේ බඩු ටික භාරගැනීමේ කටයුත්ත පැවරී තිබුණේ ඔහුගේ සමීපතමයකු වූ ලුලා නැමැති මිත්‍රයකුටය. ඔහු තමාට හිතවත් බහුදින යාත්‍රා හිමිකරුවකු හා සම්බන්ධ වෙමින් විශ්වාසවන්ත ගෝලයන් 06 දෙනකුට එම වැඩේ පවරනු ලැබීය. ඒ වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ හතරක් එම හයදෙනාට ලබාදීමේ පොරොන්දුවක් ඇතිවය. ඊට අමතරව ඔවුන්ට ජාත්‍යන්තර මුහුදේදී භාර වන හෙරොයින්වලින් කිලෝ 03ක ද හිමිකම් ලැබුණේය. එම හෙරොයින් අලෙවිකර ඒ අයට අමතර ආදායමක් ලබාදීම එහි අරමුණ විය.

කුඩු ආවේ ගෑස් ටැංකි අස්සේ

හෙරොයින් කිලෝවක මිල රුපියල් කෝටිය ඉක්මවන බැවින් කිලෝ 03ක හෙරොයින් යනු රුපියල් කෝටි 03කට අධික වටිනාකමකි. ඒ නිසාම බෝට්ටුකරුවන් ඊට සිය කැමැත්ත පළකරමින් මිරිස්ස ධීවර වරායෙන් ඉකුත් මැයි 11 වැනිදා පිටත් වන්නේ ධීවර කටයුතුවලට යන මුවාවෙනි. ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාව මෙම ධීවරයන්ට හමුවන්නේ සති දෙකකට පමණ පසුවය. එහිදී මෙම යාත්‍රවට පැටවෙන්නේ ගෑස් සිලින්ඩර් 04ක් සහ පිරවූ ගෝනි දෙකකි. හෙරොයින් සඟවා තිබුණේ ගෑස් ටැංකි සහ ගෝනිවලය. ගෑස් ටැංකි කපා ඒ තුළට හෙරොයින් බහා නැවත ගෑස් ටැංකි පාස්සා තිබුණේ බැලූ බැල්මට කිසිදු සැකයක් ඇති නොවන ලෙසටය. එදා යුද්ධය පැවැති කාලයේදී එල්.ටී.ටී.ඊ.ය ජනාධිපති මහින්ද රාජපක්ෂව ඝාතනය කරන්නට සූදානමින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල කිහිපයක්ම වන්නියේ සිට රැගෙන ආවේද මේ ආකාරයටය. එම ගෑස් ටැංකියේ සැඟවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටුල සොයාගත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

පකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හොරොයින් තොග මෙසේ ගෑස් ටැංකි තුළ බහා එවන්නට මුල්වන්නේ සැකයක් ඇති නොවන ලෙස සහ පහසුවෙන් ප්‍රවාහනය කිරීම සඳහාය. පකිස්තාන ජාවාම්කරුවන් යන්ත්‍ර සූත්‍ර අස්සේ සඟවා මෙරටට හෙරොයින් එවන්නේ කාලයක සිටය. වාහන අමතර කොටස් අස්සේ, ග්‍රීස් ටින් අස්සේ, ඇඹරුම් යන්ත්‍ර අස්සේ, ට්‍රැක්ටර් එන්ජින් අස්සේ එසේ කිලෝ සිය ගණන් හෙරොයින් මෙරටට එවා තිබියදී හසුවී තිබුණි. ඒ සියල්ලක්ම මෙරටට එවා තිබුණේ වරාය හරහාය.

අලුත්ම මෙහෙයුම ඉරාන නැව්වල!

දැන් පකිස්තානුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ පහසුම මඟ ලෙස යොදාගෙන ඇත්තේ ඉරාන නෞකාවන්ය. එය ආරක්ෂිතම සහ පහසුම බෙදාහැරීමේ මාර්ගයක් බවට මේ වන විට පත්ව ඇති බව ජාවාරම්කරුවන්ගේ අදහසය. එසේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේදී ලබාගන්නා මත්ද්‍රව්‍ය බහුදින යාත්‍රාවල රැගෙන එන විට නාවික හමුදාවට සැකයට ලක්ව පරීක්ෂා කිරීම් සිදුකරන බැවින් අතර මඟදී වෙනත් කුඩා බෝට්ටුවලට මාරුකිරීමේ සූක්ෂ්ම වැඩ පිළිවෙළකද ජාවාරම්කරුවෝ දැන් නිරත වෙමින් සිටිති. ඒ ආකාරයට හරක් කටාද මෙම මත්කුඩු තොගය අපේ රටේ මුහුදු සීමාවේදී මිරිස්සෙන් ගිය ඩිංගි බෝට්ටුවකට පටවන්නේ වැඩි ආරක්ෂාවටත් එක්කය. එම ඩිංගි බෝට්ටුව ධීවර කටයුතු සඳහා යන ආකාරයට මුහුදට යන්නේ ඉකුත් 10 වැනිදාය. පැය ගණනක ගමනකින් පසුව බහුදින යාත්‍රාවට කිට්ටු වූ එම ඩිංගිය මත්කුඩු තොගය එහි පටවාගෙන 12 වැනිදා වැලිගම පොල්අතුමෝදරින් ගොඩබිමට එන්නේ කිසිදු සැකයකට ලක්නොවීය. ඒ වන විට බහුදින යාත්‍රාවට නාවික හමුදාව ඇස යොමාගෙන සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ දැනුම්දීම්වලට අනුවය. ඒ අතර ගොඩබිමේ සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙනම මෙහෙයුමක නිරතව සිටියේ මෙම මත්කුඩු ජාලය හඳුනා ගනිමිනි.

මුලින් හමුවුණේ කිලෝ 3යි…

12 වැනිදා රාත්‍රියේ නාවික හමුදාවේ මුර යාත්‍රා බහුදින යාත්‍රාව වටකරන්නේ සැලසුම් ප්‍රකාරවය. මුළු යාත්‍රාවම පරීක්ෂා කළත් හෙරොයින් කිලෝ 03කට වැඩි යමක් සොයාගන්නට නොවීය. ඒ වන විටත් චන්ද්‍රිකා දත්ත සහ රේඩාර් නිරීක්ෂණ ඔස්සේ මෙම බහුදින යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවට ගමන් ගත් බව මෙන්ම ඉරාන නෞකාවෙන් මත්ද්‍රව්‍ය ලබාගත් බවට පැහැදිලි තොරතුරු නාවික හමුදාව සතු විය. එහෙත් එහි සිටි 06 දෙනාම සිටියේ ඒ ගැන කිසිවක් නොදන්නා අහිංසක ධීවරයින් පිරිසක් ලෙසිනි.

ඩිංගියෙන් ගොඩ බාපු හැටි

නාවික හමුදාව ප්‍රමාදයකින් තොරව මේ ගැන රාජ්‍ය බුද්ධි සේවයේ මෙම මෙහෙයුම භාරව සිටි නිලධාරියාට දැනුම් දුන්නේය. ඒ අය ඒ වන විටත් සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග එක්වය. මෙහිදී යම් වැරැද්දක් සිදුව ඇතැයි පෙනීගිය බැවින් ඒ වන විටත් හඳුනාගෙන සිටි මෙම ජාලයට සම්බන්ධ ගොඩබිම් මෙහෙයුම්කරු රාත්‍රියේම කොටුකර ගත්තේය. දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කළේය. වැලිගම පොල්වතුමෝදර වෙරළට ඩිංගියෙන් රැගෙන පැමිණි හෙරොයින් තොගය ඒ වන විටත් එහි ඇතැයි හෙළිවන්නේ එවිටය. වහාම රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එතැනට ගියේය. ඒ අතර වෙරළාරක්ෂක බළකායට දැනුම් දෙන්නේ එම වෙරළ තීරය ආරක්ෂා කරමින් ඩිංගිය අත්අඩංගුවට ගන්නා ලෙසටය. රාජ්‍ය බුද්ධි සේවයේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් නිලධාරීන් පොල්වතුමෝදර වෙරළට යන විට වෙරළාරක්ෂක බළකාය ඩිංගිය පමණක් නොව, එහි සිටි තිදෙනකුම අත්අඩංගුවට ගෙන තිබුණේ හොරොයින් තොගය එම ස්ථානයෙන් පන්නන්ට කිසිදු ඉඩක් නොතබමිනි.

ගෑස් ටැංකි කපා පරීක්ෂා කරන්නේ අනතුරුවය. එහි හෙරොයින් කිලෝ 35 බැගින් අසුරා තිබුණේය. ඒ අනුව ගෑස් ටැංකි 04ක් තුළ පමණක් හෙරොයින් කිලෝ 140ක් විය. උර දෙකෙහි තවත් හෙරොයින් කිලෝ 76ක් විය. බහුදින යාත්‍රාවේ තිබී හමුවුණු කිලෝ 03ත් සමග සොයාගත් හෙරොයින් තොගය කිලෝ 219කි.

ලොකු අයියාගේ ෆෝන් එකට ඇමතුම එයි

මෙම වැටලීම කර පැය කිහිපයක් යන්නට මත්තෙන් හරක් කටාගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අත්අඩංගුවේ සිටි සැකකරුවකුගේ ජංගම දුරකතනයකටය. එම දුරකතන අංකය සැකකරු සිය ජංගම දුරකතනයේ සටහන් කරගෙන තිබුණේ ‘ලොකු අයියා’ ලෙසිනි. ලොකු අයියාගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නිලධාරියෙකි.

“සර් මම දන්නවා කට්ටිය ඇරෙස්ට් කරලයි ඉන්නේ කියල. උන් ටික අහිංසකයි සර්. මමයි බඩු එව්වේ. බඩු මගේ. ඒ නිසා සර් උන්ට කරදර කරන්න එපා” යැයි හරක් කටා කීවේය.

පොලිසිය එක්ක ලොකු හිතවත්කමක්

මේ ඇමතුම හරක් කටාගෙන් ලැබෙන විට මෙම මෙහෙයුම මාධ්‍යයට පවා අනාවරණ වී තිබුණේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ හරක් කටාගේ තොරතුරු ජාලය පුළුල්ව විහිදී ඇති බවකි. හරක් කටා ලංකාවේ සිටින කාලයේදී පොලීසිය ළඟින් ඇසුරු කළ අයෙකි. විශේෂ පොලිස් අංශවල ඔහුගේ මිතුරන් බොහෝය. එම අංශවලට සිය ප්‍රතිවාදීන්ගේ මත්කුඩු සහ ආයුධ අල්ලන්නට ඔත්තුව දුන්නේ ඔහුය. දකුණේ යම් සංවිධානාත්මක අපරාධයක් සිදුවන්නේද, විශේෂ පොලිස් අංශ බොහෝමයක නිලධාරීන් සොයා යන්නේ හරක් කටාවය. අදටත් හරක් කටා ලංකාවේ නැතැයි කියා වෙනසක් නැත. එම අංශවල නිලධාරීන් ඔහු සමග අදටත් ඇත්තේ කිට්ටු සම්බන්ධයකි.

මෙම වැටලීමත් සමග පොලීසියේ නිල ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනු ලැබුවේ හරක් කටාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් ලබාගැනීමට පියවර ගන්නා බවය. දැන් ඉස්සර මෙන් ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කරන්නේ නැත. යම් පුද්ගලයකුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරන්නේ එම අපරාධයට ඔහු වරදකරු වූ විට පමණි. අභියාචනාවක් කර තිබේ නම් එවිටත් රතු නිවේදන නිකුත් කරන්නේ නැත.

රතු ලයිස්තුවේ 23ක්

අපේ රට මත්කුඩු දීපයක් කිරීමේ මෙහෙයුමේ නිරතව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් සියල්ලක්ම පාහේ දැන් සිටින්නේ විදෙස්ගතවය. ඒ අය කවුරුන්දැයි විටෙන් විට අප මෙම තීරුව මගින් රටට හෙළිකර ඇත්තේ ඔවුන්ට ඇති දේශපාලන හා පොලිස් සම්බන්ධකම්ද සමගිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෑතකදී සඳහන් කරනු ලැබුවේ මත්කුඩු ජාවාරම්කරුවන් 23 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති බවය. ඒ අය රටින් පළාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ය. එහෙත් සැබෑ ලෙසම ඒ 23න් දෙනා අතර මෙරට අධිකරණයකින් නඩු අසා වැරදිකරුවන්ව සිටින්නේ මත්කුඩු ජාවාරම් කරුවන් 04 දෙනකු පමණක් වීම විශේෂත්වයකි. ඒ සිව් දෙනාද නම කියැවෙන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවන් නොව, ගුවන් මගින් මත්කුඩු සිය ගමන් මළුවල සහ උදරයේ සුළු වශයෙන් සඟවාගෙන මෙරටට එන අතරතුරදී අත්අඩංගුවට පත්වූවන්ය. ඒ අයට අධිකරණයෙන් නියම වී ඇත්තේ මරණීය දණ්ඩනයයි. එම දඬුවම ලැබෙන විට ඔවුන් සිටියේ රටින් ද පළාගොසිනි.

ජාත්‍යන්තර පොලිසියේ නව නිර්ණායකයන්ට අනුව රතු නිවේදන නිකුත් කළ ඒ කිසිදු මත්කුඩු ජාවාරම්කරුවකුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක වන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනයට චෝදනා ලැබ සිටින ‘ඇල්ටෝ ධර්මේ’ නමැති පාතාලයේ අපරාධකරු අබුඩාබිහීදී එරට පොලිස් අත්අඩංගුවට පත්වුවත් ඔහු නිදහස් කර යැවෙන්නේ එබැවිනි. ජාත්‍යන්තර පොලිසියේ මෙරට ශාඛාවේ තොරතුරුවලට අනුව රතු නිවේදන නිකුත්කර ඇති මෙරට වැසියන් ගණන 126කි. එහෙත් ජාත්‍යන්තර පොලිසියේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත්තේ අපරාධකරුවන් 09 දෙනකුගේ තොරතුරු පමණි. ඒ අයගෙන්ද තිදෙනකු ඉන්දියාවටත්, එක් අයකු කැනඩාවටත් අවශ්‍ය අපරාධකරුවන්ය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු ජාත්‍යන්තර ප්‍රධානියා ලෙස සැලකෙන කුමාරන් පද්මනාදන් නොහොත් කේ.පී.ට එරෙහිව රතු නිවේදනය ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත්කරවාගෙන ඇත්තේ ඉන්දියාව විසිනි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වූ රජිව් ගාන්ධි ඝාතනය හා සම්බන්ධයෙනි.

රට අය අල්ලන්නේ නැද්ද?

මේ තත්ත්වය මත පෙනීයන්නේ රටින් පැන්න අපේ රටේ අපරාධකරුවන් 126 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය පසුගිය කාලය පුරාවටම රතු නිවේදන නිකුත් කර ඇතත් ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ අපරාධකරුවන් 05 දෙනකු සම්බන්ධයෙන් පමණක් බවය. කොස්ගොඩ සුජීගේ නමද ඇත්තේ ඒ පස්දෙනා අතරය. ඒ හැරුණු කොට මත්කුඩු ජාවාරමේ සහ පාතාලයේ දැවැන්ත අපරාධකරුවන්ගේ නම් ඒ ගොන්නට ඇතුළත්ව නැත. මෙවන් තත්ත්වයක් හමුවේ අපේ රටේ මත්කුඩු මාෆියාවට නැවතීමේ තිත තැබීමට නම් ඊට සැලසුම්සහගත වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම අවශ්‍යය. එසේ නොවන තාක් කල් මේ ධර්මද්වීපය ‘මත්කුඩු දීපයක්’ බවට පත්වීමෙන් ගලවා ගැනීමට කිසිදු ජගතකුට හැකියාවක් නොලැබෙනු ඇත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

‘කොහොමද කෑම… අතිවිශිෂ්ටයි සර්ර්ර්ර්…’

Next Post

රාජ්‍ය ඇමැතිගේ ගෙදර ආරක්ෂාවට සිටි කොස්තාපල් පුද්ගලයකුට වෙඩි තබා මරා දමයි!

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.