• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කොහොමද කෑම… අතිවිශිෂ්ටයි සර්ර්ර්ර්…’

June 21, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
‘කොහොමද කෑම… අතිවිශිෂ්ටයි සර්ර්ර්ර්…’
Share on WhatsAppShare on Facebook

තෙල් මිල ඉහළ දැමීමත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල ඉහළ යන තත්ත්වයක් උද්ගත වී ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එලෙස වැඩිවන ජීවන වියදම දරාගැනීම ජනතාවට ඉතා අසීරු කාරණයක් බවට පත්ව ඇත. රජය තෙල් මිල වැඩි කළේ පසුගිය සතියේ වුවද, ඊට පෙර සිටම ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගණන් පැවතුණේ ඉතා ඉහළ අගයකය. තෙල් මිල ඉහළ යෑමත් සමඟ සිදුවන්නේ එම මිල ගණන් තවදුරටත් ඉහළ යෑමය.

වර්තමාන රජය බලයට පැමිණීමේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු අතරින් එකක් වූයේ ජනතාවගේ ජීවන වියදම අඩුකරන බවට වූ පොරොන්දුවය. පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී ජනතාවගේ ජීවන වියදම ප්‍රධාන මාතෘකාවක් විය. විශේෂයෙන් ඒ පිළිබඳ අදහස් දැක්වූයේ එවකට විපක්ෂ නායකවරයා වූ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය.

2019 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැති මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුරදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් විමසා සිටියේ ‘දැන් සැපද’ කියාය.

“දැන් කොහොමද?
සැපද ආණ්ඩුව?
රතු ලූණු කොහොමද?
බොම්බයි ලූණු ළඟදි කෑවද?
අල එහෙම කොහොමද?
ජීවන වියදම බොහොම අඩුද? දැන් බඩුමිල කොච්චර ඉහළ ගිහිල්ලද කිව්වොත් මිනිස්සු කතා කරන්නේ නැහැ….”

මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වූයේ එසේය.

සැබැවින්ම යහපාලන ආණ්ඩුව පැවැති 2019 වසර වන විටත් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පැවැතියේ ඉහළ අගයකය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට මෙන්ම මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක අති දැවැන්ත බලයක් ලබාදීමට ජනතාව කටයුතු කළේද ඒ ජීවන බර අඩුකරන බවට දුන් පොරොන්දු හේතුවෙනි.

නමුත් දැන් ජනතාව පවසන්නේ තමන් කබලෙන් ළිපට ඇදවැටුණු බවකි. ජීවන බර අඩුකරන බවට පොරොන්දු දුන් ආණ්ඩුව යටතේ එය තිබුණාටත් වඩා දෙගුණ තෙගුණ වී ඇත්තේ ජනතාව අන්ත අසරණ කරමිනි.

පසුගිය 10 වැනිදා මහබැංකු වාර්තාවේ සඳහන්ව ඇති අන්දමට මෙරට සම්බා සහල් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රුපියල් 145කි. නාඩු සහල් මිල රුපියල් 120කි. සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 112ක් වන අතර රතු කැකුළු කිලෝවක මිල රුපියල් 105කි.

නමුත් 2019 වසරේ ඔක්තෝබර් මාසය වන විට සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 92ක් වූ අතර නාඩු කිලෝවක් පැවතුණේ රුපියල් 90ක මිලටය. එමෙන්ම සුදු කැකුළු කිලෝවක රුපියල් 85ක් වූ අතර රතු කැකුළු කිලෝවක මිල රුපියල් 82ක් ලෙස සටහන් වී තිබිණි.

2019 වසරේ අගභාගය වන විට රුපියල් 120ක පමණ ආසන්න අගයක් ගත් කීරි සම්බා කිලෝවක මිල වර්තමානය වන විට රුපියල් 200ට ආසන්න අගයක් ගෙන ඇත. වර්තමානයේදී ඩොලරය හා සාපේක්ෂව ඉහළ යන්නේ කීරි සම්බා පමණක් බව ජනතාව පවසන්නේ ඒ හේතුවෙනි.

ජීවන වියදම දැඩි කතාබහට ලක්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක සමය වන විට මෙරට පරිප්පු කිලෝවක මිල රුපියල් 115ක් වූ අතර සීනි කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 105ක් ලෙසිනි. පසුගිය 10 වැනිදා මහබැංකු වාර්තාවේ මෙරට පරිප්පු කිලෝවක මිල සටහන් කර ඇත්තේ රුපියල් 210ක් ලෙසිනි. සීනි කිලෝවක මිල රුපියල් 120කි.

පසුගිය මාස කිහිපයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබිණි. නමුත් එම සහනය ජනතාවට ලබාදීමට රජය කටයුතු කළේ නැත. එක් අවස්ථාවක රජයේ ඇමැතිවරුන් ප්‍රකාශ කළේ එම සහනය පරිප්පු සහ ටින්මාළු මිල අඩු කිරීම හරහා ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය. ඒ වෙනුවෙන් පරිප්පු සහ ටින්මාළු සඳහා පාලන මිලක් පැනවීමටද රජය ක්‍රියා කළේය. එම පාලන මිල අනුව පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල වූයේ රුපියල් 65කි. සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100කි. නමුත් පාලන මිල පැවැති දින කිහිපයේදී වුවද, එම මිලට එම භාණ්ඩ ලබාගත හැකි වූයේ සතොස හරහා පමණි.

වෙනත් කිසිදු ස්ථානයකින් එම පාලන මිලට භාණ්ඩ ලබා ගත නොහැකි වූ අතර ඒ හේතුවෙන් පාලන මිල පනවා දින කිහිපයකින් එය ඉවත් කරගැනීමටද රජයට සිදුවිය. රුපියල් 100ට මිල නියම කළ සැමන් ටින් එකක අද මිල රුපියල් 360කි. නමුත් එම මිලටද මිලදී ගැනීමට අවශ්‍ය තරම් සැමන් තොග වෙළෙඳපොළේ නොතිබීමද විශේෂත්වයකි. රජය පැනවූ ආනයන තහනම මත මේ වන විට වෙළෙඳපොළෙන් මිලදීගත හැක්කේ දේශියව නිෂ්පාදනය කරන ටින් මාළු පමණි. එලෙස දේශීයව නිෂ්පාදනය කරන සැමන් ටින්වල ප්‍රමිතිය පිළිබඳවද බොහෝ දෙනා චෝදනා නඟති. 2019 ඔක්තෝබර් මාසය වන විට චීලී දේශයෙන් ආනයනය කරන ලද අනර්ඝ තත්ත්වයේ සැමන් ටින් එකක මෙරට වෙළෙඳපොළේ සිල්ලර මිල වූයේ රුපියල් 220ට ආසන්න අගයකි.

මේ කාලසීමාව තුළ විශාල වශයෙන් ඉහළ ගිය තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස පොල් සහ පොල්තෙල් හඳුන්වා දිය හැක. වර්තමානයේදී පොල් ගෙඩියක මිල රුපියල් 90ට ආසන්න අගයක් ගෙන ඇති අතර පොල්තෙල් ලීටරයක මිල රුපියල් 680ක අගයක් ගෙන ඇත. 2019 වසරේ ඔක්තෝබර් මාසය වන විට මෙරට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 45ක අගයක් ගත් අතර පොල්තෙල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 320ක් ලෙසිනි.

වර්තමානය වන විට මාළු මිල ගණන්ද 2019 වසරේ අග භාගයේ තිබූ ප්‍රමාණයට වඩා ඉහළ ගොස් ඇත. කෙලවල්ලා, තලපත්, බලයා වැනි සියලු මාළු වර්ගවල කිලෝග්‍රෑමයක මිල 2019 වසරේ ඔක්තොබර් මාසයට වඩා රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇත.

2019 ඔක්තෝබර් මාසය වන විට රුපියල් 420ක් වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 530කි. රුපියල් 125ට තිබූ අල කිලෝවක මිල රුපියල් 160 ආසන්න අගයක් ගෙන ඇත. එදා රුපියල් 138ක් වූ බෝංචි කිලෝවක් අද රුපියල් 240කි. එදා රුපියල් 240ක් වූ රතු ලූණ කිලෝවක් අද රුපියල් 320කි. කැරට්, ලීක්ස් ආදී සියලු එළවළු වර්ගවල මිල ගණන්ද මේ වන විට ඉතාම ඉහළ අගයක් ගෙන ඇත. එම මිල ගණන් දිනෙන් දින වෙනස් වන තත්ත්වයක් ඇතිවීම නිසා මිල ගණන් සංසන්දනය කිරීමද අපහසු කාරණක් බවට පත් වී ඇත. එමෙන්ම ජංගම වෙළෙඳුන් තම තමන්ට හිතෙන හිතෙන මිල ගණන්වලට එළවළු අලෙවි කරන බවටද ජනතාව චෝදනා නඟමින් ඇත.

තෙල් මිල ඉහළ දැමීමත් සමඟ පාන් පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගත්තේය. ඒ සමඟම පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව එම නිෂ්පාදන සියල්ලම රුපියල් 5කින්, 10කින් මේ වන විට ඉහළ ගොස් ඇත. ඉහළ නොදමන බවට ප්‍රකාශ කළ පාන් මිලද රහසේ ඉහළ දැමීමට බේකරි හිමියන් මේ වන විට කටයුතු කර ඇත.

මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් පමණ ඉහළ දැමීමට ගෑස් සමාගම් ඉල්ලීම් කර ඇති බවද දැන ගන්නට ඇත. නමුත් තවම ඒ සඳහා රජය අවසර ලබාදී නොමැත. අවසන් වරට මෙරට ගෑස් මිල සංශෝධනය වූයේ 2019 වසරේදීය. එහිදී රුපියල් 1,733ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් පහළ දැමීමට රජය කටයුතු කළේය. ඒ අනුව නව මිල සටහන් වූයේ රුපියල් 1,493ක් ලෙසිනි. දැන් ගෑස් සමාගම් ඉල්ලීම් කරන්නේ එම මිල ඉහළ නංවන ලෙසටය.

අවසන් වරට මෙරට පැට්‍රල් ලීටරයක මිල රුපියල් 150 සීමාව ඉක්මවා ගියේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ අවස්ථාවේදී සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක් ලෙස සටහන් විය. නමුත් එම මිල පැවතියේ මාසයක කාලයක් පමණි. 2018 නොවැම්බර් මාසයේදී පෙට්‍රල් මිල රුපියල් 145දක්වා පහත දැමූ අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 116ක් බවට පත් විය. එතැන් පටන් ලෝක තෙල් මිල පහළ යෑමත් සමඟ මෙරට තෙල් මිලද ශීඝ්‍රයෙන් පහළ ගිය අතර 2019 වසරේ ජනවාරි මාසය වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 123කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 99කට මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සැලසී තිබිණි.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පොදු ප්‍රවාහන සේවා ගාස්තුද ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි. රටේ පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන පසුබිමක එම ගාස්තු වැඩි කිරීම් ප්‍රමාද වී ඇත. නමුත් තෙල් මිල වැඩිවීමත් සමඟම බස් සංගම් ඒ සඳහා ඉල්ලීම් කරන ආකාරයද දැකගත හැකි විය. කොවිඩ් වාතාවරණය හේතුවෙන් බස් රථවල මගීන් ගෙනයා හැක්කේ ආසනගත ප්‍රමාණයට පමණක් බවට රජය මීට පෙර නීතියක් පනවා ඇත. බස් සංගම් පවසන්නේ එම නීතිය ඉදිරියේදීත් ක්‍රියාත්මකවන්නේ නම් 25%ක පමණ ගාස්තු වැඩිවීමක් තමන් බලාපොරොත්තු වන බවය.
තෙල් මිල එක්වරම මෙතරම් ප්‍රමාණයකින් ඉහළ දැමීමත් සමඟ ජනතාව බලාපොරොත්තු වූයේ එය යම් තරමකින් හෝ නැවත පහළ දමනු ඇති බවටය. නමුත් තෙල් මිල වැඩිකිරීමෙන් පසු පැවැති කැබිනට් සාකච්ඡාවේදී හෝ එවැන්නකට අවධානය යොමු නොකළ බව රජයේ ඇමැතිවරු ප්‍රකාශ කළහ.

ජනතාවට දැන් ඉතිරි වී ඇත්තේ යන්තම් හෝ වේල පිරිමසා ගෙන මේ ජීවන බර දරාගැනීමට හුරුවීම පමණි. වෙන කළ හැක්කක් ජනතාවට නැත. මෙහිදී අවසන් වශයෙන් මතක් කළ යුතු විශේෂ කාරණාවක්ද ඇත. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී සිදු කළ ප්‍රකාශයේ විශේෂයෙන් සඳහන් වූ බොම්බයි ලූණ සම්බන්ධයෙනි.
ඒ වන විට ආනයනය කරන ලද ලොකු ලූණ කිලෝවක මිල සටහන් වූයේ රුපියල් 150ට වැඩි අගයකි. නමුත් වර්තමානයේදී එම මිල සටහන් වන්නේ රුපියල් 100ක් ලෙසිනි. තමන්ට පොරොන්දු වූ පරිදි අග්‍රාමාත්‍යවරයා පහත හෙළා ඇත්තේ බී ලූණු මිල පමණක් යැයි ජනතාව දැන් පවසන්නේ එබැවිනි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොඩිතුවක්කු‌ගෙ පුතා සජිත් ළගට! රත්මලාන බාර දෙයි!

Next Post

‘සර් මම දන්නවා කට්ටිය ඇරෙස්ට් කළා කියල. උන් අහිංසකයි සර්. කුඩු කි‌ලෝ 200 එව්වෙ මම..’ හරක් කටා පොලිසියට කෝල් කළේ කොහොමද? CID SPECIAL

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.