ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි වසර කීපය ඉලක්ක කරගත් සුවිශේෂ සැලසුම් ගණනාවක් සමගින් එළඹෙන වර්ධනීය යුගය කරා පියවර තබයි. (Sri Lanka Latest News)
2025 නව වසරේ ආරම්භයේ පටන්, සමාගමේ මීළඟ වර්ධනීය යුගය කරා රැගෙන යන එම සැලසුම් සාර්ථකව දියත් කිරීම අපේක්ෂාවයි. මෙරට හෝටල් ක්ෂේත්‍රයේ අභියෝගාත්මක වසර කිහිපයකට පසුව සංචාරක ව්‍යාපාරය නැවතත් යථා තත්ත්වයට පත්වෙද්දී 2025 වසරේදී සමාගමේ කාර්යයන් තවදුරටත් පුළුල් කිරීමටත්, බුටික් හෝටල් කළමනාකාරීත්වය වෙත යොමුවීමටත් සමාගම සූදානම් වේ. ඒ, මෙරට සංචාරක ක්ෂේත්‍රය දිනෙන් දින අත්කරගන්නා වර්ධනීය තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරමිනි. ඒ අනුව දිවයින පුරාම වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිකර ගන්නා ස්ථානවල පිහිටි මෙම හෝටල්, එම ප්‍රදේශයේ ආවේණික සංස්කෘතික ලක්ෂණද විදහා දක්වමින්, එක් එක් සංචාරකයා වෙනුවෙන්ම සුවිශේෂ, ඉහළම සුඛෝපභෝගී අත්දැකීමක් පිරිනමනු ලබයි. එපමණක් නොව කලක් තිස්සේ ඉහළම පාරිභෝගික ආකර්ෂණය දිනාගත්, නිරන්තරයෙන් ප්‍රභූන් ගැවසුණු ස්ථානයක් වන, අංක 35, බගතලේ පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි Raffles අවන්හල වැනි ස්ථානයක් නැවතත් එළඹෙන වසරේදී විවෘත කිරීමටද සමාගම අපේක්ෂාවෙන් පසුවෙයි. එම අවන්හල ප්‍රදේශයේ සුවිශේෂ සලකුණක් බවට පත්කිරීමට Raffles හි අපේක්ෂා වන අතර, ඒ සමගින් ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත ආහාර කලාවේ විශිෂ්ටත්වය මුසු ප්‍රණීත පිරි ආහාර පාන අත්දැකීමක්ද හිමිවේ.
1999 වසරේ ආහාර පාන ක්ෂේත්‍රයට පිවිසුණු Raffles ආයතනය හා එළිමහන් උත්සව සඳහා කේටරින් සේවාවන් සපයන සමාගමක් ලෙස ආරම්භ විණි. එතැන් සිට උත්සව අංග ගණනාවක් වෙනුවෙන් ආහාර සපයන, ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් ලෙසින් වර්ධනයක් අත්කර ගනු ලැබුවේ කැෆේ, ආයතන සහ උත්සව යන ප්‍රධාන කාණ්ඩ තුන සඳහා කේටරින් සේවා සපයන සමාගමක් බවටද පත්වෙමිනි. 2001 වසර වනවිට ආයතනික අංශය සඳහා ආහාර පාන සැපයීම ආරම්භ කළ Raffles එම කාර්යයට අතගැසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක අවන්හල් පවත්වාගෙන යෑම සඳහා කොන්ත්‍රාත් දිනාගනිමිනි. පෙර, 350 දෙනකුගෙන් යුත් ආයතනික කාර්ය මණ්ඩලයක් සඳහා ආහාර පාන සැපයූ Raffles මේ වනවිට කර්මාන්තශාලා ගණනාවක උදේ, දිවා හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවකු ලෙසින් කටයුතු කරයි. ආයතන සඳහා ආහාර පාන සැපයීම Raffles හි ව්‍යාපාරික කටයුතු අතර මුල්තැන හිමිවන කාර්යයක්ද වෙයි.














