• About us
  • Contact us
Friday, July 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 17, 2026
in Uncategorized
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බවත් ඔවුන් මැතිවරණ වේදිකාවල දී ගොවි ජනතාවගේ හදවත තේරෙන්නේ ඔවුන්ට පමණක් බවට පැවසූ බවත් නිර්ප්‍රභූ දේශපාලනය තුළ මෙතෙක් කල් ගොවි ජනතාවට ලැබුනු කුඩම්මාගේ සැලකිල්ල වෙනුවට ගොවි ජනතාව රජකරවන, ගොවි ජනතාවට ශක්තිය ලබා දෙන සමාජයේ ගොවි ජනතාවට නිසි තැන ලබා දෙන පොදු ජන යුගය බිහි කරන බව පැවසූ නිසා ඊට රැවටී මුලා වී ජනතා විමුක්ති පෙරමුණේ ඇන්දවිල්ල තුළ දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව සුබවාදී හෙටදවසක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපේට බලය දුන්නත් දැන් මේ රජයම තමන්ව පත් කළ ගොවි ජනතාව කසිප්පුකාරයන් ලෙස හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගොවි ජනතාව කසිප්පුකාරයා කෘත්‍රීම ගොවියා යැයි මොවුන් අද හැඳින්වුවත් එදා මැතිවරණ සමයේ පවා ගොවියා රජකමට සුදුසු යැයි පැවසූ නමුත් අද ඒ ගොවියාම මංකොල්ලකාරයන් බවට අපහාස කරමින් යන බවත් මොවුන් මෙතෙක් කල් ඉතිහාසයේ ගොවි ජනතාවට ලබා නොදුන් සහන රැසක් දෙනවා කිව්වත් ඒ දෙනවා කියු සහන අදටත් නොමැති බවත් ගොවියාගේ ගැටලුවලට ලබා දෙනවා කියූ උත්තර තවමත් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට, වීරවිල දී ගොවි ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති ජන හමුවක් අමතමිනි.

අද රටේ 30-40%ක් අතර ප්‍රමාණයක් දුප්පත් වන විට මේ අතර ගොවි ජනතාවද සිටින බවත් මේ රජය ගොවි ජනතාව දුප්පත් කර ඇති බවත් ගොවි ජනතාවට කරන කෙනෙහෙලිකම් හා ප්‍රතිපත්ති නිසා ගොවියා දුප්පත් වි ඇති බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ බිත්තර වී, පොහොර, කෘෂී රසායන දරාගත හැකි මිලකට නොමැති බවත් පොහොර සහනාධාරය පවා ලැබෙන්නේ වගා කටයුතු අවසන් වූ පසුව බවත් බාල තෙල් පොහොර කෘෂි රසායන පවා අප රටට ගෙන්වමින් ගොවියා අනාථ කර ඇති බවත් අද අස්වැන්න වැඩි වෙනවා වෙනුවට වියදම වැඩි වී ඇති බවත් කෘෂි උපකරණවල මිල පවා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගොවි ගැටලු කතා කරන්න පාර්ලිමේන්තුවේත් මාධ්‍ය තුළත් අවසර නෑ

අලි මිනිස් ගැටුමට විසදුම් නොමැති සේම වාරි පුනරුත්ථාපන වැඩපිළිවෙළ පවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවත් බලය ලැබුණට පසු කෘෂිකර්ම ඇමතිවරයා දැන් මාධ්‍යවේදීන්ට ඇගිලි දිගු කරන බවත් ගොවියා වෙනුවෙන් ප්‍රශ්න අහන්න අද පාර්ලිමේන්තුවේත් මාධ්‍ය තුළත් ඉඩක් නොමැති බවත් නිසි කළමනාකරණයකින් යුක්ත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි වීම නිසා ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය හිතාමතාම ගොවි ජනතාව දුප්පතුන් බවට පත් කරනවා

එසේම පාරිභෝගිකයන්ගේ අයිතිය සුරක්ෂිත වන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ද කෘෂි අලෙවි ජාලයට එකතු කර ගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් කරා යන්න රජයට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා මැති ඇමතිවරු රැස්වීම්වලට ගොස් කරුණු කාරණා ඉදිරිපත් කළත් එහි වී මිල ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් මේ රජය හිතාමතාම ගොවියාව දුප්පත් කරමින් යන බවත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් වැය වන බවට කෘෂිකර්ම ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වත් අද වී සඳහා දෙන්නේ රු. 120ක සහතික මිලක් බවත් මේ නිසා ගොවියාට රු. 17ක් පාඩු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දෙනවයි කිව්ව රු. 150 සහතික මිලත් අද නෑ

අද වන විට දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති මොහොතක ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මාසෙකට රු. 17000-18000ක් ජිවත් වෙන්න ඇති බවට පවසන බවත් ආණ්ඩුවේ නියෝජිතයන් කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් ආණ්ඩුව වී මිලදී ගන්නේ සුළු ප්‍රමාණයක් නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් දිරිගැන්වීම සිදු කළා නම් මේ ගැටලු නොමැති බවත් අද වන විට කෘෂිකර්මාන්තයට අදාළ සියලු දේ කඩා වැටී විනාශ වෙමින් යන බවත් මේ රජයට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කිසිදු අවබෝධයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය ගෙදර යවන සටන පටන් ගන්නේ ගොවි ජනතාව

මේ රජය ගෙදර යවන ලොකුම සටන දැන් කරන්නේ ගොවි ජනතාව බවත් මේ වගේම බොරු කියා ජනාධිපතිවරයකු පත් වූ බවත් ඔවුන්ට පත්වූ ඉරණම වූයේ ඡන්දයට පෙරම ජනතාව ඔහුව එලවා දැමීම බවත් පෝලිම් යුගය ඇති වන විට දුප්පත්කම වැඩි වන විට විදුලිය විසන්දි වන විට හැටනව ලක්ෂයක් ගත් ජනාධිපතිවරයා පවා ගෙදර යැවීමට ජනතාව කටයුතු කළ බවත් මේ රජයත් ගොවි ජනතාව විනාශ කරන යුගයක් නිර්මානය කරන්න අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කර අවසන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මොවුන්ට රැවටෙන්න එපා

නිර්ප්‍රභූ දේශපාලනය කරනවා කියූ මාලිමාව ප්‍රභූ දේශපාලනයට මාරු වී ගොවියා අමතක කර ඇති බවත් දැන්වත් ගොවි ජනතාව වෙනුවෙන් සිදු කළ පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ලෙස කුමන බාධක පැමිණියත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගොවි අයිතිය සුරක්ෂා කරන්න කටයුතු කරන බවත් දැන්වත් මොවුන්ට නොරැවටෙන ලෙස ගොවි ජනතාවගෙන් ල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
Uncategorized

විපක්ෂනායක සජිත් හම්බන්තොට ගොවීන්ගේ ප්‍රශ්නවලට සවන් දෙයි! ගොවි පුතෙක්ගේ ආණ්ඩුව ගොවීන් මංමුලා කරපු විදිහත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බවත්...

Read more
කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

කොළඹ කුණු ගඳ හැම තැනම! මහනගර සභාව බුදි! අපිලගෙ සාදු වනාතට බහී! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

හිටපු STF ප්‍රධානී – නැගෙනහිර දිසාව භාර SDIG වරුණ ජයසුන්දරට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය බාර දෙයි! I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

විජේදාසගේ පුතයි චරිතුයි අද උසාවි ගේනවා!  I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 50 වැනි ජීවිතයත් බිළිගනී! රෝගීන් 73000 පන්නයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.