• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රී රෝහිණී දෙවැනි පාරටත් කෘෂිකර්ම ලේකම්ට ලියයි! පළමු ලියුමට උත්තර නොදුන්නාට දොස්!

September 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
මහමොළකරුවන් අහපු වෙලාවෙ ඉඳන් ආණ්ඩුවේ මොළේ දන්න පටන් අරන් (VIDEO)
Share on WhatsAppShare on Facebook

කාබනික පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් තමන් මීට පෙර එවූ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නැවතත් වතාවක් කෘෂීකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් වත්මන් පොහොර ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කර ඇති මන්ත්‍රීවරිය ගජමිතුරන්ට පොහොර ගෙන්වීමේ මාර්ගයක් සකස් කොට ඇති බවද කියා සිටී.

එම ලිපිය මෙසේය.

මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙනි

උක්ත කරුණ සම්බන්ධයෙන් මාගේ 2021.09.12 දිනැති ලිපිය සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස ලිපියක් යොමු කළ විට එයට ලැබුණ බව දැන්වීමටවත්, සතුටුදායක පිළිතුරක් එවීමට තරම් හෝ සදාචාරයක් ඔබ විසින් දක්වා නැත.

රටේ ජනගහනයෙන් 30% කගේ අදායම් මාර්ගය සම්බන්ධයෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පමණක් නොව, අමාත්‍යාංශ පරිපාලනයේ ඔබගේ වෘත්තීය භාවයකින් තොර, අත්දැකීම් රහිත බව ඔබ විසින්ම ලෝකයට හෙළිදරව් කරමින් සිටී.

නැගෙනහිර පළාතේ වගා බිම් සුද්ධ කරමින් මහ කන්නය ආරම්භවී ඇත. වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට ගැන කිසිදු පියවරක් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත.

ගොවිතැන සිදු කරන්නේ මහ පොළොවේ මිස පන්ති කාමර, වායුසමනය කළ කාමර වල නොවේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම ගොවියාගේ ප්‍රශ්න විසඳීම සඳහා පියවර ගැනීම මිස චීන කක්කුස්සි ටෙන්ඩර් පසුපස දිවීම නොවේ.මේ රටේ ආදායම් උපයන්නන්ගෙන් 30% ක් මුහුණ දී සිටින ප්‍රශ්නය මහ කන්නයට කෘෂි රසායන සපයන්නේ ද? නැතිද? යන්නය.

ඔබ කාබනික ලේබලය ගැසූ චීන අසූචි මෙරට ගෙන්වීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව රටටම කෘෂි රසායන සැපයීම/තහනම් කිරීම සම්බන්ධයෙන් ඔබ දක්වන්නේ නැත.මාගේ ලිපියේ සවිත්තරව දැක්වූ කරුණු කෙටියෙන් මෙසේය.

1. මහ කන්නයේ කුඹුරු සහ හේන් ගොවිතැන වල් නාශක අත්‍යවශ්‍ය ය. බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාවේ සිට රැගෙන එන නීති විරෝධී වල් නාශක මන්නාරම, දකුණ හා නැගෙනහිර මුහුදු කලාපයෙන් රටට ඇතුළු වේ. මේ දක්වා අමාත්‍යාංශය පියවර ගෙන නැත.

2. බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව පිදුරු බවට පත්ව ගොවීන් කුඹුරු ගිණි තබන්නේ කෘමි හානි නිසාය. මේ දක්වා අමාත්‍යාංශය පියවර ගෙන නැත.

3. දිලීර නාශක නොමැතිවීම නිසා නිරිතදිග මෝසම් සමයේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල තේ දළු අස්වැන්න පහත වැටී ඇත. වැසි සමයේ දින 4-5 ක අඛණ්ඩ වැස්සකට, මීදුම හා තෙතමනය අධික කාලගුණයක දිලීර මර්ධනයට ‘දිලීර නාශක‘ අතශ්‍යවශ්‍ය වේ. අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නැත.

4. කෙටි කාලීන වී වර්ග සිටවීම හෝ වැපිරීමෙන් පළමු දින 3 සිට සති 4 දක්වා වල් මර්ධනය අනිවාර්ය වේ. අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන හෝ ප්‍රකාශයක් සිදු කර නැත.

5. දැන් දෙවන වරට ද චීන කක්කුස්සි පොහොර සාම්පලය දිලීර, බැක්ටිරියා ඇති බවට තහවුරු කර ඇත. ඔබ සොයමින් සිටින්නේ මේ වාර්තාව ප්‍රසිද්ධ වූ ආකාරය ගැන මිස, ලංකාවේ ගහ, කොළ, සතා සිව්පාවාට මෙමගින් ඇති වන හානිය ගැන නොවේ.කෘෂි රසායන නොමැතිව වානිජ්‍ය කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බව කෘෂි විද්‍යා පිඨයක මහාචාර්යවරයෙකුවන ඔබට නැවත සිහි ගැන්වීමට සිදුවීම ලැජ්ජාවට කරුණකි.

බැක්ටීරියා, දිලීර පිරුණු ලංකා නීතිය අනුව කිසි ලෙසකින් හෝ අනුමැතිය ලබා දිය නොහැකි චීන අසුචි කාබනික පොහොර ආයනයන තරමටම විනාශයක්, කෘෂි රසායන නොමැතිවීම මහ කන්නයට ඇරඹීම තුලින් සිදුවේ.

එය වැලැක්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැත.තනි සමාගම් ඒකාධිකාරය 1977 විවෘත ආර්ථිකය කාබාසිනියා කරමින්, කෘෂි රසායන ආනයන ඒකාධිකාරය තනි සමාගමකට පැවරීමට ඔබ මුලිකත්වය ගෙන ඇත.

‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ වස වෙළෙඳාම‘ සාගතය ප්‍රවර්ධනය කරන බව සිහි බුද්ධිය ඇති ඕනෑම පරිපාලකයෙකුට තේරිය යුතුය.

1. මෙවර කන්නට කෘෂි රසායන ආනයනය සිදු නෙකරන්නේ නම් ඒ බව රටට නිවේදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමකි. එම වගකීම අමාත්‍යාංශ ලේකම් ලෙස ඔබ වෙත පැවරී ඇත.

2. මෙරට කෘෂි රසායන ආයනයනයෙන් 60% වල් නාශක වේ.

වල් නාශක ආයනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම්, සත්ව ආහාර (බඩ ඉරිඟු) ඇතුළු සියලු දේ ආනයනය කිරීමට සිදුවේ. සත්ව ආහාරය ද කාබනික විය යුතුය යන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය නම් එය නොපමාව නිවේදනය කිරීම ඔබගේ වගකීමකි.

තවද, මෙහි ප්‍රතිඑලයක් ලෙස බඩ ඉරිඟු ආනයනයට රජය සුදානම් වේ. දේශීය බඩ ඉරිඟු වගාව විනාශ කර, ගොවියා විනාශ කර ලෝකයේ වෙනත් රටවලට ලංකාවේ බඩ ඉරිඟු වෙළෙඳපොල මේ වන විටත් නිර්මාණය කර දී ඇත්තේ ඔබගේ ප්‍රතිපත්තිය යි.

3. දිලීර හා කෘමි නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට යෝජනා කර ඇත. රටේ කෘෂි රසායන භාවිතය තහනම් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති නම් ඒ සඳහා වන කාල සටහන ඔබ විසින් ප්‍රකාශය පත් කළ යුතුය. පෞද්ගලික අංශය සතු වී, හාල්, සීනි පැහැරගත් ලෙස කෘෂි රසායන ටික පැහැර ගැනීමට පියවර නොගත යුතුය.

4. කෘෂිකර්ම අමාත්‍යාංශය ජාතික ප්‍රශ්න මඟ හරිමින් කටයුතු කිරීම තුල ආහාර දුරක්ෂිතතාව දැවැන්ත අනතුරක හෙළා ඇත.

5. කාබනික කෘෂිකර්මාන්ත යනු පස්සා දොරෙන් ගජමිතුරන් හරහා පොහොර හා කෘෂි රසායන අලෙවි ඒකාධිකාරයක් ගොඩ නැගීම නොවේ.

අවසනාවකට අද කෘෂිකර්ම අමාත්‍යාංශය තුල සිදුවන්නේ රට තුල සඟවා ඇති කෘෂි රසායන කළු කඩ හරහා වැඩි මිලට විකිණීම සඳහා පරිසරය ගොඩ නැගීමය.

මහ කන්නය සඳහා විවෘත හා තරඟකාරී පදනමකින් ප්‍රමිතියකින් යුතු දිලීර, වල් හා කෘමි නාශක ආනයනය, බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව සලසන ලෙස නැවත ඉල්ලමි. කෘෂිකර්ම ලේකම්වරයාගේ වගකීම ජාවාරම්කරුවන්ට යටිතල පහසුකම් සැලසීම නොව, රටේ අහාර සුරක්ෂිතභාවය තහවුරු කිරිම බව ද කනගාටුවේ වුවත් නැවත සිහිකරමි.

මෙයට,රෝහිණී කවිරත්න

මාතලේ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීණී

දුරකතනය – 0773415003

cc – 1. ගරු කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍යතුමා

2. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

SendShareShare
Previous Post

විමලවීර ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ටයි මාධ්‍යයටයි කුණුහරුප කියමින් දෙහිඅත්තකණ්ඩියේදී යකා නටයි!

Next Post

පිස්තෝලයක් අරන් ගෙදරට පැන්න හොරු දෙන්නටම යකඩ පොල්ලෙන් ගසා කකුල් දෙකම කැඩූ කුලියාපිටියේ යකඩ අම්මා! (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.