ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් විශේෂ සාකච්ජාවක් සදහා අද දිනයේදී අරලියගහ මන්දිරයට කැදවා තිබිණ.
ඊට 300 ගණනකට ආසන්න සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ගෙන් 250කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
මෙහිදී අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී පැමිණ සිටි සියලු දෙනාම ඒකමතිකව දැනුම් දී ඇත්තේ අගමැතිවරයා තව දුරටත් අගමැති ධූරයේ රැදී සිටිය යුතු බවකි.
ඒ අනුව යෝජනාවක් සම්මත කිරීමටද පිරිස කටයුතු කර තිබිණ.
පසුව පිරිස තීන්දු කර ඇත්තේ ජනාධිපතිවරයා රැදී සිටින ජනපති මැදුරට පා ගමනින් ගොස් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දීමටය.
නමුත් එය වළක්වා ඇති අගමැතිවරයා තමන් තවදුරටත් අගමැති ධූරයේ රැදී සිටින බවත්, කිසිවකුත් තමන්ට අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී නැති බවත් පිරිසට පවසා ඇත.










