තරුණ පරපුර පාරට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා බවත් ඔවුන්ගේ අරගලය නිවැරදිව අවබෝධ කරගත යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රණවිරුවන් ඉදිරියට දමා ඇග බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළද, යුද්ධය ජයගත් සරත් ෆොන්සේකා ඇතුලු රණවිරුවන්ගෙන් පලිගත්තේ කවුද කියා ලොවම දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා, රණවිරුවන්ගෙ අභිමානය පාවා දුන්නේ කවුද කියා සියලු දෙනා දන්න බවද පැවසීය.
විසිවැනි සංශෝධනය අහෝසිකොට 19 ශක්තිමත්ව ගෙන ඒමටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විශ්වාසභංගයක්, දෝෂාභියෝගයක් පමණක් නොව ඉන් එහාට ඕනෑම ව්‍යවස්ථාමය තීන්දු ගන්නට පසුබට නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
අද අවස්ථාවාදී ලෙස මැති ඇමති තනතුරු වෙනුවෙන් ඔලුගෙඩි මාරුව සිදුවනබව කී විපක්ෂ නායකතුමා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ එය නොවන බවද කීය.
අද ඇත්තේ විකෘති ආර්ථිකය ප්‍රතිපත්තියක් බවත් ජාත්‍යන්තර සබඳතා ගිලිහී ගොස් ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
විදෙස් සංචිත සහ විනිමය අනුපාත ශක්තිමත් කිරීමේ ක්‍රමවේදය පැහැදිලි කළ විපක්ෂ නායකතුමා නව දැක්මකින් ජාත්‍යන්තරය ජයගත යුතු බවද පැහැදිලි කළේය.
පවත්නා අර්බුද වලට සුහුරු සහ විද්‍යාත්මක විසදුම් දියයුතු බවත් ආර්ථික යුද්ධය ජයගත යුත්තේ අවියෙන් නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදයේත්, ආර්ථිකයේත්, දේශපාලනයේත් නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව කී විපක්ෂ නායකතුමා රට ගොඩනැගීම උදෙසා විධිමත්ව නැගී සිටිය යුතු බවද පැවසීය.










