එන්නත්කරණ වැඩපිළිවෙල මුලදී යම් ක්‍රමවේදයකට සිදුකළ ද මේ වනවිට ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වෙමින් පැවතීම හේතුවෙන් තමන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සිය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති, සුමිත් කොඩිකාර මහතා පැවසුවේ කොවිඩ් එන්නත්කරණ ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඔවුන් එම තීරණය ගත් බවය.










