ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka Latest News
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සංසිද්ධිය නිරිතදිග මෝසම් කාලගුණය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි.
පැසිෆික් සාගරය ආශ්‍රිතව මේ වන විටත් එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වී ඇති අතර, එහි බලපෑම විවිධ මට්ටම්වලින් මාස 11 ක පමණ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල් නිනෝ බලපෑමෙන් සිදුවිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතයි.
මෙම සාකච්ඡාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන අතර වාරිමාර්ග, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ, කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන සහ ජල සම්පාදන ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතයි.








