2022 සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉකුත්දා දැනුම් දුන්නේය.










