හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka Latest News
එම නිසා ලෝකෙට විහිළුවක් නොවී ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.
ඇවිද ගැනීමටවත් නොහැකිව මග වැටි වැටී යන තත්ත්වයක සිටින මහින්ද රාජපක්ෂ යළි බලය ඉල්ලීමත්, දෙකට තුනට වකුටු වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයත් ලෝකෙටම විහිළුවක් වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
වැඩිහිටි පුරවැසියන් ලෙස ඔවුන්ට අපහාස නොකරන නමුත්, ඔවුන්ගේ වත්මන් කායික තත්ත්වය හමුවේ තවදුරටත් බලය ඉල්ලීම හාස්‍යයට කරුණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
කඩුවෙල බස් විවෘත කිරීමකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිමා මන්ත්‍රීවරයා සඳහන් කළේ,
“ඔගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ ජේෂ්ඨ පුරවැසියන් විදිහට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා, මුණුබුරු මිණිබිරියන්ගෙන් උපස්ථාන ලබමින් ඉන්න කාලයයි. අලුත් පරම්පරාවට රට භාර දීලා, ඉතිහාසයේ යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න” ලෙසයි.











