රට මේ වනවිට බරපතළ අර්බූදයක් කරා ගමන් කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සදහන් කරයි.
රට ණය කන්දකට යට වෙමින් තිබෙන බවත්, ඩොලර් හිගයක් රට ඇතුළේ මතුව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම මේ වනවිට යුරෝපා කොමිසම මගින් ලබා දුන් ජීඑස්පී ප්ලස් සහනය අහිමි වී යාමේ අනතුරක් මතුවෙමින් පවතින බව කී ඒ මහතා සියලු කටයුතු මැද ආණ්ඩුව කොළඹ ඇති සියලු ඉඩම් විකුණා දැමීමේ කටයුත්ත ආරම්භ කොට ඇති බවත් සදහන් කරයි.










