ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඩී.එස්. සේනානායක විදුහලේ ඉඩමේ කොටසක වෘත්තීය පුහුණු පාසලක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද පසුව එය රථගාලක් බවට පරිවර්ථනය කිරීමට පියවර ගත් පිරිස පිළිබද මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, ඩී.එස්. සේනානායක විදුහලේ ආදි සිසුවකු වන ආණ්ඩුවේ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියක් මගිනි.
මෙම ලිපිය මගින් පාසලේ ආදි සිසු සංගමය එවැනි තීන්දුවක් නොගත් බවත්, විදුහලේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විසින් එවැන්නක් සදහන් කරමින් ලිපියක් යොමු කොට ඇති බව.් සදහන් කොට තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.











