• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිංහලයන්ට එක විදිහක්: මුස්ලිම්වරුන්ට තව විදිහක්: අවසන් ගමනටත් ජාතිය බලපානවද?

May 10, 2020
in News, Politics, Uncategorized
Reading Time: 8 mins read
A A
සිංහලයන්ට එක විදිහක්: මුස්ලිම්වරුන්ට තව විදිහක්: අවසන් ගමනටත් ජාතිය බලපානවද?
Share on WhatsAppShare on Facebook

කොරෝනා රෝගයට බඳුන්ව නව වැනි රෝගියා මිය ගිය පසු අපි මේ කතාව නැවත අසමින් සිටිමු. ඔබ මේ ලිපිය කියවනා මොහොත වන විටද ඒ මරණ සංඛ්‍යාව වැඩි නොවී තියේවායි අපි ප්‍රාර්ථනා කරමු. නමුත් කිසිවෙක් නොමැරෙන මිනිස්සු නොවේ. අපි සැවොම කවදා හෝ මරණයට මුහුණ දිය යුතුය. එය කවදා කෙළෙස කොහොම කොතැන සිදුවේදැයි අප කිසිවෙක්ට නිර්ණය කළ නොහැක. සමහර මරණාසන්න රෝගයක පෙළෙනා කෙනෙක් කිසිදා නොසිතූ ලෙස අනතුරකින් මිය යා හැක. සමහර විට හදිසි අනතුරකින් රෝහල් ගත වූ අයෙක් මියයන්නේ හෘද්‍යාබාධයකිනි. සුනාමිය අපේ මිනිසුන් තිස්දහකට වඩා ගෙන ගියේය. යුද්ධය නොසිතූ බොහෝ දිනවල මරණය රැගෙන ආවේය. අරණායක පස් යටට ගම් හතරක් යටවිය. මීතොටමුල්ල කුණු කන්දත් එහෙමය. ඊළඟට අප්‍රේල් 21 සිදුවීමය. උදේ ලස්සනට ඇඳ පැලඳ පල්ලි ගිය අහිංසක මිනිස්සු තවම ගේ දොරවලට ගොඩවුණේ නැත. බත් මාළු පිනි කුස්සිවල එහෙම්මම බලා උන්නේය. සමහර ගෙවල් දොරගුළු අරින්නට කෙනෙක්වත් ඉතිරි නොකර මරණය ඔවුන් සොයා ආවේය. මරණයේ හැටි එහෙමය.
මේ වතාවේ මරණය ඔබ මා සොයා එන්නේ වෙන වෙස් මූණක් දාගෙනය. මේ ලියනා තප්පරය වන විට ලෝකයේම කොරෝනා මරණ ලක්ෂ තුනකට ආසන්නය. ඒ මරණ ගොන්නට ලංකාවේ ජීවත් වූ ලාංකිකයන් නව දෙනෙක්ද එක්ව තිබේ. නමුත් ඒ මරණ “අපේ මිනිස්සු” යැයි එකම සිතකින් සමරන්නට අපි රටක් ලෙස සූදානම් නැති මුත් කොරෝනාවට ජාති ආගම් කුල වර්ග බේද නැති බව පමණක්වත් ඔබට වැටහේවා යි ප්‍රාර්ථනා කරමු.
නමුත් පළමු මරණයේ සිටම අපි අර්බුදයකට මුහුණ දුන්නෙමු. ඒ අවසන් කටයුතු කිරීමේ ප්‍රශ්නයකටය. ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නිල නිවේදනයක් ලෙස රටවලට එව්වේය. එසේම රටට දැනුවත් කිරීමම ආණ්ඩුවේ මෝඩකමක් බව, ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් හා සමග නිවේදකයෙක් විරාමයක කී රහසක් පහුගිය දිනෙක රහසින් පිට විය.

“ඕක වෙනස් කරලා දැම්මා නම් ඉවරයිනෙ” ඔහු කීවේ ය.
ඒ අතර පළමු මරණය සිදුවිය. ඔහුගේ මළසිරුර ඉතාම ඉක්මනින් ආරක්ෂක විධි විධාන යටතේ කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේ දී පිලිස්සුවේය. ඒ පිලිස්සූ අය අප සමග ඒ ගැන වරක් කීවේය.
“දොස්තර මහත්තුරු ඇවිල්ලා අපිට ලෙක්චර් එකක් වගේ එකක් දුන්නා. මේ ලෙඬේ ගැන, මේ ලෙඬේ බෝ වෙන හැටි ඒ වගේම මේ ලෙඬේට අදාළ විෂබීජ ගැන කියලා දුන්නා. ඒ විෂබීජය කොච්චර වෙලා තියෙන්න පුළුවන්ද කියලත් කිව්වා.”
මළසිරුර පුලුස්සන අවස්ථාවේ එක් අයෙක් පමණක් ආ බවත් ඔහු කීවේය.
“එක්කෙනෙක් ආවා. එයා ඇවිල්ලා අපිත් එක්කත් කතා කළා. මොනවද වෙන්න ඕන කියලා ඇහුවා. අපි කිව්වා මොනවවත් වෙන්න දෙයක් නෑ කියලා.”
“අපි ඒ සිරුර පිච්චුවා. මේක සෙල්සියස් දාහකට විතර රත්වෙන නිසා අළු වුණාට පස්සෙ විෂබීජ මොනවවත් තියෙන්නෙ නෑ, කිව්වා” ඔහු තවදුරටත් කීවේය.
නමුත් දෙවැනි මරණයත් සමග මේ කතාව අර්බුදයක් බවට පත් විය. දෙවැනි මරණය මීගමුව මඤ්ඤොක්කා හේන ආදාහනාගාරයේදී පුලුස්සනා විට පවුලේ කිසිවෙක් සහභාගි නොවූ බව ලංකාවේ රූපවාහිනි නාළිකාවක කියවුණේය.
“අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුණෙ නෑ, අපි අපේ කනත්තෙන් අඩි 8ක වළක් කපලා සූදානම් කරල තිබුණෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුණා. අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිවුණා, කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ.

මොනවා කියන්නද තේරෙන්නෙ නෑ, අසරණයි. දෙරණ නිව්ස්වලට යනවා දැක්කා අවසන් කටයුතුවලට පවුලෙ කවුරුත් ආවෙ නෑ කියල. මට කෑ ගහල කියන්න හිතුනා තාත්තාව අපි තනිකළේ නෑ අදාහනය කළා අපි දන්නෙත් නෑ කියලා.”
මේ මීගමුව රෝහලේ දී මියගිය පුද්ගලයාගේ පුතා ‘තානිස්’ ඒ මරණය ගැන කී කතාවයි. ඔවුන් කියන්නෙ ආදාහනය ගැන ඔවුන් නොදැන සිටි බවයි.
මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් සිය මියගිය සිරුර පුලුස්සන්නේ නැත. එය ඉස්ලාම් ආගමික අදහසකි. නමුත් ඔහු පලිස්සුවේය. ඔහුගේ සිරුර අවසන් වරට දකින්නටවත් කිසිම අයෙක්ට ඉඩක් ලැබුණේ නැත. විවිධ තර්ක විතරක් මැද ජාතිවාදය යළි කරළියට ආවේය. හකීම්ලා සිය ආගමානුකූලව අවසන් ගමක් ඉල්ලූ විට බන්දුල ගුණවර්ධන කීවේ එය දේශපාලන පොරොන්දුවක් බවය. කී විදියේ අවුලක් තිබුණමුත් කතාව ඇත්තය. මරණය කාටත් පොදු නම් අවසන් කටයුතුවලට බේදයක් අවශ්‍ය නැත. අනික් කාරණාව මේ ජාති ආගම් නැති ව්‍යසනයකදී ජාති කුල මොනම දේකටවත් අවශ්‍යයද නැත.
නමුත් නවවෙනි මරණයත් සමග ආයෙත් මේ කතාබහ කරළියට ඇවිල්ලා තිබේ. ඒ ගැන විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළකරන තැනටම කතාබහ අද වෙනකොට ගිහිල්ලාය. එයට හේතු වෙලා තියෙන්නේ එක මරණයකට පාංශුකුලයක් පවා දෙන්නට අවසර දීමත්, නවවැන්නාට ඒ කිසිම වරප්‍රසාදය නොලැබීමත් එක්කය. අපේ හමුදාපතිතුමා කියනා විදියට මී උණ හැදුණ වීරෝදාර රණවිරුවාගේ අවසන් කටයුතු කළෙත් ඒ විදියටය. ඔහුට අවසන් ගමන පුරුදු ගම් දොර මාවතක් දිගේ ගොස්, දන්නා කියන අය සමග එක සුසානයක නිදන්නට අවසර ලැඹුණේ නැත. එහෙමනම් මේ මියයන අයටවත් අපි සමානාත්මතාවයකින් සලකන්න පුරුදු වෙනවා නම් ඒක බොහෝම වටිනා දෙයක් බව අලුතෙන් කියා දිය යුතු නැත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ ගැන සමාජ ජාල ඔස්සේ අදහස් දක්වලා තිබුණේය.
“ඒ ජනතාවට ගෞරවනීය ලෙස ජීවත් වීමේ අවස්ථාව ඔබ නොදුන්නට කමක් නෑ, ඔවුන්ට ගෞරවනීය ලෙස අවසන් ගමන් යන්න අවස්ථාවක් දෙන්න” ඔහු කියා තිබුණේය.
“නව වැනියට මිය අයට අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාව හම්බුණේ එක පුතෙක්ට විතරයි. ඒ පවුලේ අයට ඒ අවස්ථාව ලැබුණෙ නෑ”
කියනා නිමිත්ත මත ඔහු කතා කර තිබුණේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ වගේ අදහසක් කියා තිබුණේය. ඔහු කියන්නෙ මනුස්සයෙක්ගෙ ජීවිතයේ අවසාන අයිතිය විදියට සලකනා ගෞරවනීය අවසානයක් පිළිබඳ ප්‍රශ්න කරන තැනකට රට පැමිණ තිබීම ගැටලුවක් කියලාය.

ඒ වගේම ජවිපෙ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක ඡායාරූප කීපයකුත් යොදාගෙන ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණේය.
“මව්වවරුන් දෙදෙනෙක්ගේ අවසන් නික්ම යාම”
ලෙස ඔහු සඳහන් කර තිබුණේය. ඔහු ඒ ගැන ඉතාම කනගාටුවට පත්වෙන බවක් කියන අතර මේ දෙදෙනාගෙන් එක මවක වෙනුවෙන් ආගමික වතාවත් කරනා අයුරුත්, ඒ වටා පිරිසකගේ අවසන් සමුගැන්මත් අනික් අයගේ හුදෙකලා සමුගැන්මත් ඒ පින්තූරවල තිබේ. මේ එක් අයෙක් සිංහල වීමත් අනික් අය මුස්ලිම් වීමත් මේ වෙලාවේ සලකනවා යැයි හිතන්නට තරම් අපි අවාසනාවන්ත නැතැයි හිතමු. නමුත් බිමල්ගේ ට්විටර් පණිවිඩයට රටෙන් ඉල්ලනට සිදුව ඇත්තේ,
“සැමට සමාන අවසන් ගමනකි”
අපි එය ඉල්ලන්නට තරම් අවාසනාවන්තය.

OIC එක කනගාටුව පළ කරයි

මේ අතර රටවල් 58ක් නියෝජනය කරන ස්ලාම් සහයෝගිතා සංවිධානයද ඉකුත් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් ගෙනයන මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබේ. මුස්ලිම් ජනතාව කොරෝනා වෛරසය රට තුළ පැතිරවීමට කටයුතු කර ඇති බවට රැගෙන යන ප්‍රචාර හෙළාදැක ඇති ඔවුන්, මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙනුත් කරුණු සඳහන් කරමින් මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

අපි අවස්ථාවක් දුන්නා- IDH රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්න පෙරේරා

කොරෝනා නවවන මරණය සම්බන්ධයෙන් අපි IDH රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්න පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී හෙතෙම සඳහන් කර සිටියේ මෙම තැනැත්තා කොරෝනා රෝගය හේතුවෙන් මියගිය බවත්, රෝහලේ කාමරයකදී දේහය දැකබලා අවශ්‍ය ගෞරව දැක්වීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව දුන් බවත්ය. ඒ අනුව පුතා, මස්සිනා සහ මව්ලවිවරයකු එම අවස්ථාවට සහභාගි වූ බව වෛද්‍යවරයා සඳහන් කර සිටියේය. ආදාහනය කටයුතු සිදුකරන ස්ථානයට පවා ඔවුන්ට යෑමට අවස්ථාව සලසා තිබූ බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේය.

ඥාතීන් දෙදෙනෙකුට බලන්න දෙන්න පුලුවන්: නීතිය ඒකයි- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කර සිටියේ දේහයට අවශ්‍ය ගෞරව දැක්වීම සඳහා පවුලේ ඥාතීන් දෙදෙනකුට විශේෂ ගැසට් නිවේදනයකින් දැනුම්දීම් කර ඇති බවකි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියනයක අමතර ජීවිතාවරණයක් පිරිනමයි

Next Post

ගෝඩ්ෆාදර් එළියට එයි: කුඩු පාතාලය හිස ඔසවයි EXCLUSIVE

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.