කෝප් කමිටුව ඉදිරියේ සහ ක්‍රිකට් විගණන වාර්තා මගින් ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති මහාපරිමාණ වංචා දූෂණ පිළිබද හෙළිදරව් වෙමින් ඇති මොහොතක එම ආයතනය තමන් සතු වටිනා රහස් ලියකියවිලිි පුළුස්සා දැමීමට කටයුතු සූදානම් කොට ඇති බව දැනගන්නට ඇත.
දැනටමත් ඒ සදහා ටෙන්ඩර් කැදවමින් පුවත්පත් දැන්වීම පවා පළ කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබේ.
මේ ක්‍රියාව පිටුපස වත්මන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සහ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සිටින බව දැනගන්නට ඇත.
මේ දෙදෙනාට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, වහාම ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරන ලෙසත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලැබී තිබියදී පවා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාටද චෝදනා එල්ල වී තිබේ.
ඒ, ප්‍රනාන්දු මහතාද ෂම්මි සිල්වා හා තිලංග සුමතිපාල පාර්ශ්වය සමග මේ වනවිට සමීප සබදකම් ඇතිකරගෙන ඇති බවට චෝදනා එල්ල කරමිනි.
ඉදිරි කාල සීමාව ඇතුළත ක්‍රිකට් විකාශන අයිතිය මුල්කරගෙන දැවැන්ත මුදල් ගනුදෙනුවක් වීමට නියමිත බැවින් මෙසේ ප්‍රනාන්දු මහතා නිහඩව සිටින බවටද චෝදනා එල්ල වී ඇත.